(ප්‍රසන්න පද්මසිරි / එෆ් අස්ලම්)
අද (16) පෙරවරු 8.20ට පමණ බදුල්ල, පස්සර, හාලිඇල ප්‍රදේශවලට විශාල ශබ්දයක් සහිත භූ චලනයක් ඇතිවූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ උදය කුමාර මහතා පැවසීය.
ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ අධික ශබ්දයක් සහිතව තත්පර 03ක පමණ කාලයක් පැවැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්නේ බදුල්ලේ, ජිවිතේ පලවෙනි වතාවට මට මෙහෙම දෙයක් දැනුනේ. මම හිතුවේ වහලට වඳුරෝ පැන්නා කියලා මුලින්ම, එ්ත් වහලයි පොළවයි දෙකම දෙදරනකොට අමුත්තක් දැනුණා.
ඈ එහෙම එකක් වුනාද?
මට මතකයි හැට ගණන්වල මම දියතලාවේ ඉන්න කාලේ එක දවසක භූමි කම්පාවක් ඇති වුනා. ඔය වාගේ භූ චලන වලට බිය විය යුතු නැහැ. මට හිතෙන විදියට ප්‍රධාන භූ චලිත හතරෙන් එකක් වන මේක "කොලැප්ස්" වර්ගයේ භූ චලනයක් විය යුතුයි..
උමා ඔය ව්‍යාපෘතියේ මොකක් හරි නිසා වෙන්න පුලුවන් නේද
භූමිකම්පා නොවෙයිද? පස් කපනවා, කළුගල් කඩනවා, වනාන්තර එළි කරනවා... පොළොව නුහුළන අපරාධ මේ නිසා තමයි භුමි කම්පා වෙන්නේ...
උමා ඔය ප්‍රොජෙක්ට් එක පටන්ගත්දා පටන් බදුල්ල අවට ලස්සනට තිබුනු පරිසරය විනාශ වෙලා ගියා. පිරි ඉතිරී තිබුණු ජල උල්පත් හිඳී ගියා. මේ මිහිකත කම්පා වී හඬන හඬයි මහත්වරුනේ. මෝඩ තකතීරු, අනුන්ගේ අදහස් නොඉවසන, තම මතයේම එල්බගෙන සිටි ඒ දුෂිත දේශපාලුවා තවමත් හොඳින් සතුටින් ඒ ප්‍රදේශවලත් සංචාරය කරනවා. ඊළඟ ඡන්දය සඳහා.. කෙසේ වෙතත් මහ සුනාමියෙන් පසු අපේ රට " භූතලයේ " කෙළවරකට තල්ලුවි ගිය බව භු විද්‍යාඥයින් කියනවා. එනිසා භූ තලය (plate) උස් පහත්වන, පැද්දෙන වාරයක් වාරයක් පාසා අපේ පුංචි දුපත කැළඹිලිවලට ලක්වෙනවා. ඒ මදිවාට අලුතින් හැදෙමින් පවතින භූ තලයත් හැදෙන්නේ අපේ රට අසලින්මලු...
දැනුනේ බදුල්ල, පස්සර, හාලිඇලට නම් කේන්ද්‍රය කොතනද? නමුනුකුල කන්ද නේද?
මහින්ද මහත්තයාගේ උමා ඔය ව්‍යාපෘතියට පින් සිද්ද වෙන්න... තව භූමිකම්පා එන්න ඕනේ...
කොමිසමක් දාලා හොයමු.
පාලකයින් දන්නේ නැතුව ඇති බදුල්ල ලංකාවේද කියල