(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පන නීතියක් නොමැති හෙයින් මාකඳුරේ මධුෂ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විශේෂ කාර්ය බළකාය සහ රහස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මධූෂ්ගේ පුංචි අම්මා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.
සූරියවැව හත්පෝරුව පදිංචි අබේසේකර විජේසේකර ශ‍්‍රියානි මහත්මිය විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස විශේෂ කාර්යා බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ටී.එෆ්.ලතීෆ් මහතා ඇතුළු පස් දෙනෙකු නම් කර ඇත.
එම පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කාරිය සමරසිංහ ආරච්චිගේ මධුෂ් හෙවත් මාකඳුරේ මධුෂ් නැමැත්තාගේ පුංචි අම්මාය. මධුෂ් නැමැත්තා 1979 වසරේ මෙලොව එලිය දුටු අතර ඔහුට වසර 10ක් ගතවෙද්දී 1989 වසරේදී යුද හමුදාව විසින් ඔහුගේ මව වෙඩි තබා ඝාතනය කරනු ලැබුවාය.
මෙම ඝාතනය පසුපස ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු වන ඩැනී හිත්තැටියගේ පවුලේ අය සිටින බව මධුෂ්ගේ පවුලේ අය තදින්ම විශ්වාස කරයි. මධුෂ් රෝහල් උපස්ථායකයෙකු ලෙස සිය ජීවිකාව ඇරඹීය. පසුව හෙදියක සමඟ විවාහ විය. හෙතෙම එක් දරු පියෙක් ද වේ. ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගේ ජීවිත තර්ජන හමුවේ හෙතෙම තම උපන් නගරයෙන් පලා ගියේය.
පසුව මධුෂ් විවිධ චෝදනා යටතේ රිමාන්ඞ් භාරයට පත්විය. රිමාන්ඞ් බාරයේ සිටියදී ද ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල විය. මෙම තත්ත්වය හමුවේ ඔහු තම ජීවිත ආරක්ෂාව පතා සිය පුත‍්‍රයා සමඟ විදෙස්ගත විය. හෙතෙම ඉකුත්දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී අත්අඩංගුවට පත්විය.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පණය නීතියක් නොමැති බැවින් වගඋත්තරකරුවන් විසින් මධුෂ් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී වේ. මේ තත්ත්වය තුළ ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවේ.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද , මධුෂ් නැමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටින්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූලික අයිතීන් කඩවීමක් වෙන්න නම් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් ස්ථාපිත අයිතියක් කඩවෙන්න ඕනේ. උදාහරණයක් ලෙස අසාමාන්‍යයන්ට සමානව සැලකීම කුරීරු වැඩ බන්ධනය හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහස වැනිදේවල් අපරාධමය වරදක සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න එපා කියන එක මූලික අයිතීන්ට වැටෙන්නේ කෙසේද? එකම දේ අපේක්ෂිත ඇපයක් ඕනෙනම් යදින්න පුළුවන්..
මටත් හිටියා නම් මේ වගේ පුංචි අම්මා කෙනෙක්...
අනේ පුංචි අම්මේ ඔබේ පුතා නිසා ලංකාවේ කෙතරම් අම්මලා වැලපෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලනවද?
ලංකාවේ බියගුළු දේශපාලකයන්ගෙන් අනුගමනය කරනවා වගේ. හරක් හොරුයි කුකුල් හොරුයි කලින්ම මේ වගේ වාරණයක් අරන් වැඩට බැස්සොත් ගොඩම තමයි. හිරේ දාන්න බැරිලු.
දැන් ඉතින් හරිනේ... දෙන එක දීලා තියෙනවා ඇඩෙන්නම.
වඩා වැදගත්ම කාරණය නම් මෙයට අනුබල දුන් කලු කෝට් බෑයාව සොයා ගැනීමයි ....
රටවල් වලට ගිහිල්ලා වැරැදි වැඩ කරන්න හොඳයි. හැබැයි අත්අඩංගුවට ගන්න හොඳ නැහැ. ළමයින්ට හරිමග කියලා දුන්නා නම් අද ඔහොම වෙන්නේ නැහැනේ.
මධූෂ් යනු මේ කුරිරු වූ විෂම වූ අසාධාරණය පිරුනු, අනීතික රටේ සමාජයේ තවත් එක් නිර්මාණයක් පමණි. අද සිරකරුවන්, අපරාධකරුවන් ගතහොත් 80%ත් වඩා කුඩාකාලයේ පටන් දරුවකුට... පවුල හා සමාජය තුළින් ලැබිය යුතු අාදරය, සෙනහස, කරුණාව නොලැබූවන්... සමහර විට මධූෂ්ගේ මව සිටියා නම් ඔහු වෙනත් පුද්ගලයකු වීමට ඉඩ තිබුනා. කුමන දරුවෙක් වුනත් තම මවට එවැනි අපරාධයක් කළොත් එම දරුවාගේ සිතේ ජනිතවන්නේ මෙත්, කරුණා, මුදිතා, උපේක්ඛා නොව වෛරී සහගත පලීගැනීමේ චේතනාවයි. දැන් එය පලි ගැනීමෙන් එහාට ගොස් විශාල විනාශයක් සිදුකරනවා...
මොන පෙරකදෝරුවද මේ වගේ නීති රෙගුලාසි සවුදි රජයට ඉදිරිපත් කලේ? මේ අය හිතාගෙන ඉන්නේ ලංකාවේ දාන සෙල්ලම් අරාබියේත් දාන්න පුළුවන් කියලා වෙන්න ඇති. කුඩු සල්ලි වලින් ලංකාවේ රජකම් කලාට ලෝකයේ කාටත්, එක හා සමානව නීතිය ක්‍රියාත්මක වෙන ශිෂ්ඨ සම්පන්න මිනිසුන් ජීවත් වෙන රටවල ඒ සෙල්ලම් දාන්න බැහැයි කියලා මේ අය තේරුම් ගත යුතුයි.
අන්න හරි. මේ දේට නං යටින් උදව් කරන්න ලොකු ලොක්කො ටොන් ගනනින් ඉඳීවි. මොකද ඉතින් මිනිහගෙන් කාපු බීපු අය එමටනෙ.
මගේ අම්මෝ ඕ ... !!! කුඩු මදුෂ්ගේ පුංචි අම්මා ගිය දුරක මහත. කුඩුකාරයාගේ හා පාතාලයාගේ මානව හිමිකම් රැක දෙන්නලු. ප්‍රථමයෙන්ම මේ වෙනුවෙන් සල්ලි මලු ගණන් ගෙන නීතිය අවනීතිය කරන සමහර පෙරකදෝරුවන්ට එරෙහිව කිසියම් පියවරක් ගත යුතුය. රටට හෙණ ගැහුවත් කල් යල් බලා තම මඩිය තරකර ගන්නා මෙවැනි පෙරකදෝරුවන් විශේෂ නීති හදා පාලනය කල යුතුය. ඇතැම් විට කුඩු වෙළඳාමෙන් මොවුන්ට කොටස් හෝ කොමිස් එනවාදැයි සැක සිතීමට හේතු තිබිය හැකිය.
මදුෂ් අල්ලන්න කියල අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත , අත්අඩංගුවට ගන්නේ නැතුව කොහොමද අල්ලලා උසවියට ඉදිරිපත් කරන්නේ ? එහෙම නම් අර වරෙන්තුත් අවලංගු කරන්න
මධුෂ්ගේ පුංචි අම්මට අවශ්‍යව ඇත්තේ මධුෂ්ව නිර්දෝශී කෙනෙක් බවට සාධක පෙන්නුම් කිරීමයි. නමුත් ඔය කියන ආකාරයේ එවකට ඔහුට යම් අසාධාරණයක් සිදුවූවා නම්, අඅයි දැන් ඔය පාපොච්චාරණය කරන පුංචි අම්මට නොහැකි වුනේ ඔහුව එම කාලයේ මේ අපරාධ වලට මැදිහත් නොකර, නීතිය මාර්ගයෙන් උපදෙස් ප්‍රකාරව ඔහුව බේරාගැනීමට නොහැකිවුනේ? එසේ කළා නම් අද ඔහු මේ ආකාරයෙන් ලෝකප්‍රකට පාතාල නායකයෙක් නොවෙන්නට තිබුණි. එහෙමද එසේ නොමැති නම්, ඔහුගේ චණ්ඩිකම් බලබල අසාධාරණයෙන් හම්බකරන මුදල්වලින් පෝෂණය වේවි ගොළුවත රැක්කද? අනික මොනරටක වුවත් එම රටේ පවතින නීතියට පටහැනිව යම් වරදක් කලොත්, ඔය කියන උදර්පණය නීතියක් අවශ්‍ය වන්නේ නැහැ.. එම රටේ නීතිය අනුව ඔහුව අත්අඩංගුවට නීතිය ක්‍රියාත්මක කළ හැකිය.
ඉක්මනට එලියට දාන්න මෙයාට තව තරුණ ජීවිත නැති කරන්න තියෙනවා.
මධුෂ් අත්අඩංගුවට පත්වුනොත් හෙළිදරවු විය හැකි නම් ලැයිස්තුව ඉතා දිගය. එහෙයින් කොස් ඇට බාගත යුත්තේ බළල් අතකිනි.
එක්කෙනෙකුට පුලුවන්නම් "මට නඩු දාන්න එපා" කියලා නඩුවක් දාන්න මෙයාට මොකද බැරි?
කවුරු හරි මේ පුංචි අම්මාට මුලික අයිතිවාසිකම් යනු මොනවාද යන්න කියා දෙනවාද ? අප සැමගේම ජීවිතයේ දුක් කම්කටොලු තිබෙනමුත් සමාජ විරෝධී විෂම ක්‍රියාවලට යොමු වී අනුන්ට ගිනි ගෙඩි දීමට එය සාධාරණ හේතුවක් නොවේ. මට පේන්නේ පුංචි අම්මාත් බිස්නස් වලට හවුල් වගේ. වහාම සොයා බලන්න.
පුංචි අම්මා දන්නා දේවල්. මෙවන් නීති උපදෙස් දෙන නීතිඥයන්ගේ නම් ටිකත් මේකෙම ලියල තිබුන නම් බොහොම හොදයි .
ඕකත් නීතිඥයෝ පුංචි අම්මට දුන්නු ඇමක් මේ වෙලාවේ තමා මදුෂ්ගේ සල්ලි ගන්න තියන හොදම වෙලාව
දැන් හැම අපරාධකාරයෝම අලුත් දෙයක් පුරුදු වෙලා නීතිය විහිලුවට අරන්
අම්මා නැති නිසා පුංචි අම්මා කරන යුතුකමක් වෙන්න ඇති. ලංකාවටම මදූෂ් කරුමයක් වුණාට පුංචි අම්මාට හොඳ පුතෙක්නේ...
මේ වගේ කාලකන්නින්ට කඩේ යන එවුන්ට හෙන හත වදියි පවුලෙ කෙනෙක් වුනත්...!!!
එහෙමනම් පළමුව මේ ස්ත්‍රිය සිරභාරයට ගන්න. අසරණ මදුෂ්ගේ ජීවිත කතන්දරෙන් වැඩි හරියක් කපල හරලානේ. ඒ මොකද?
අත්අඩංගුවට නොගන්නැයි අධිකරණයට යාම දැන් විලාසිතාවක් වී හමාරයි. ඒ අනුව මදූෂ් මොකුත් නොදන්නා අත දරුවෙක්. එයා මත් කුඩු ගණුදෙනු කර නැති අතර, මංකොල්ල කෑම්හෝ මිණීමැරුම් වලට සම්බන්ධ වී නොමැත. ඔහු පාතාල ක්‍රියාකරුවකු ද නොවේ පුංචි අම්මාට අනුව එහෙයින් ඔහු නිදොස් කොට නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමු. ....
වෙන කෙනෙක් තමන්ට වරදක් කල පලියට ලංකාවේ ඉන්න අහිංසක කොල්ලන්ට මරණ කුඩු පොවලා ඒ හම්බ කරගත්තු සල්ලි වලින් රජ සැප විඳින්න මදුෂ්ට තියා මදුෂ්ගේ පුංචි අම්මටවත් අයිතියක් නැහැ. මෙහෙමත් පුංචි අම්මලා... අපේ දෙමවුපියෝ නම් අපිව හම ගහලා මෙලහට. මේ මිනිස්සු සමාජ පිළිල
එතකොට මෙයා කුඩු විකුනලා නැද්ද, ඔය පුංච් අම්මා තමා ඔය මිනිහව නරක් කරලා තියෙන්නේ. එයාවයි අත්අඩංගුවට ගන්න ඕනෙ. ඔය ළමය කරන හැම වැරැද්දක්ම සාධාරණය කරලා බේරගන්නවට
ගෝටා, කරන්නාගොඩ ආදී කිහිපදෙනෙකුට සැලකු ආකාරයෙන්ම මොහුටත් සැලකීම සාධාරණයි. මහා පරිමාන අපරාධකාරයන් අත් අඩංගුවට නොගෙන , ඔවුන්ට උවමනා කරන විදිහට නඩු විභාග කරන ක්‍රමයක් ආරම්භ කිරීම සුදුසුයි.
බලය හිමි පාර්ශ්වය හෝ අනාගත බලයට පැමිණෙතැයි අපේක්ෂා කරන පාර්ශවයන් කල අපරාධ වලට ඔවුන් අත්ඩංගුවට ගැනීමට වැළකීමෙන් නියෝග දෙන විට කුඩු කාරයින්ද එම සහනයම ඉල්ලතැයි සිහිනෙන්වත් සිතන්නට නැතුව ඇති..
මොහු කුඩු ගෙනැල්ලා ඒවා බෙදා දීලා පවුල් කීයක් නම් විනාශ වෙලා ඇත්ද? මිනිසුන් කී දෙනෙක් ඇත්ද? ඒ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම ගැන බලාගන්නේ මෙයාගේ පුංචි අම්මාද?
මෙයා ගෝඨාගෙන් උපදෙස් අරන් වගෙයි... මෙහෙම ගියොත් එක හොරෙක්වත් අත්අඩංගුවට ගන්න වෙන්නේ නැහැ.. ඇයි මානව හිමිකම් කඩවෙනවනේ...
කුඩු සල්ලි වලට වහල් වුණු තවත් ලෝයර් කෙනෙක් උපදෙස් දෙනවා වගේ...
පුංචි අම්මට උපදෙස් දෙන්න පොලිටික්කෝ සහ එයාලගේ ලොයෙර්සලා පෝලිමේ යනවා ඇති. අනේ අපේ රටට ගිය කලක් ?
ඇයි මගේ පුතේ ඔයා හොර පාස්පෝට් හදාගෙන ඩුබායි ගිහින් කුඩු බිස්නස් කලේ..... ඒ මදිවට දියමන්තියකුත් හොරකන් කලා.....
හරිම සරලයි!
ඒ අනුව මෙයා බෝ පැලයකි. පුංචි අම්මා නීතිඥයින්ට සල්ලි විසිකරන්න පටං අරන් වගේ.
අත්අඩංගුවට නොගන්නැයි : 1. ගෝටා 2. කරන්නාගොඩ . N= 1 ට හැකි නම් N =2 ට හැකි නම් N = 3 ටද හැකි ය. මේ මගින් ශ්‍රේෂ්ඨාධිකරණය විහිළුවක් වනු නියතය. \
හොරාගේ පුංචි අම්මගේ පේන අහනවා.
මේවා පුදුම නීතිනේ... මිනිස්සු මරණ එක මූලික අයිතියක්ද?
පුංචි අම්මා හරි... රටේ නීතිය දෙවිදියකට ක්‍රියා කරනවා නම් එයින් උපරිම ප්‍රතිඵල නෙලාගැනීම කෝටිපතින්ට හැකියාව ලැබෙනවා. පොලිසියේ නිලධාරියෙක් යටකරලා දොරටු වහලා පුද්ගලිකව නඩු අහන්න පුළුවන් නම්, ළමයි 11ක් මරලා සැකේට සාක්කි දෙන්න එන්න කිව්වාම බැහැ කියලා අධිකරණයට කියනවා නම් රටේ දේපොළවලින් අම්මාගේ, අප්පාගේ සිහිවටන හදලා අත්අඩංගුවට ගන්නට එනවිට ගන්න එපා කියලා නඩුදාන්න පුලුවන් නම් තව එවැනි ලෝක හොරු නීතියට කොකා පෙන්වනවා නම්, මදූෂ් මහත්තයාට මොකද බැරි? එයත් අපරාධ කාරයෙක්, මිනීමරුවෙක් වංචාකාරයෙක්...
දැන් මේක නියම සෙල්ලමක්. තව ටික දවසකින් නඩු දාන්නත් එපා කියල උසාවියට යයි. පුදුම රටක්.
දැන් පුංචි අම්මා කියන දේ අහයිද ඩුබායි පොලිසිය?
පෙත්සම විභාග කරලා ඔය කියන වාරණ නියෝගය නිකුත් කළත් පුදුම වෙන්න දෙයක් නෑ. මේක ලංකාවනේ...
අරයට පුලුවන් නම් නඩු අහන්න එපා කියලා උසාවි යන්න මෙයාට මොකද බැරි?
මේ ඉල්ලන්කාවේ රාජ්‍ය බලයේ සිටි ප්‍රබලයින්, තමන් සිදුකර ඇති වැරදි නිසා එල්ලවී ඇති චෝදනා මත අත්අඩංගුවට පත්වීමෙන් මග හැරී සිටිමින් තම කටයුතු කරගෙන යාම සඳහා, නිදැල්ලේ සිටීමට, පෙර දැන හැඳුනුම්කම් උපයෝගී කරගෙන අධිකරණය තුලින් ඉඩකඩ සලසා ගැනීම කොතෙක් දුරට සාධාරනීයකරණය කළහැකිද? සාමාන්‍ය පුද්ගලයෙකුට අධිකරණයෙන් මෙවැනි සහනයක් සැළසුණු අවස්ථාවක් ගැන පාඨක ඔබ අසා තිබේදැයි නොදනිමි. ගෝඨා, ටිරාන්, කරන්නාගොඩ අද මෙම සහනය, වරප්‍රසාදය භුක්ති විඳිති. මෙම පූර්වාදර්ශය සාධාරණ හා නිවැරදි එකක් නම් මධුෂ්ට පමණක් නොව අනිකුත් පුරවැසියන්ටද ඒ අයුරින් යුක්තිසහගතව ඉටුවිය යුතුයි නේද? යම් චූදිතයෙකු අත්අඩංගුවේ, රිමාන්ඩ් භාරයේ සිටී නම්, ගෝඨා, ටිරාන්, කරන්නා වර්තමානයේ නිරත ක්‍රියාකිසිවක් නොකරනවා ඇති නේද? මේ පෙත්සම් විභාගය තුලින් මදුෂ්, ගෝඨාලාගේ ගණයට වැටෙනවා ද, නැතිනම් ගෝඨා, ටිරාන්, කරන්, මදුෂ්ගේ ගණයට වැටෙයිද? අධිකරණය තුලින් වැරදි පූර්වාදර්ශයක් එළිදැක්වී ඇති බව නේද පෙනෙන්නේ? මේ නීතිඥයින්ගේ දක්ෂතාවද? නීතිපති අංශයේ දුර්වලතා නිසාද? පිළිගත නොහැකි අත යට ක්‍රමයක්ද? නොකැඩූ දල්ල පොරවෙන් කපන්න වෙයිද?
මේ ලංකාවේ රාජ්‍ය බලයේ සිටි ප්‍රභලයින් , තමන් සිදුකර ඇති වැරදි නිසා එල්ලවී ඇති චෝදනා මත අත් අඩංගුවට පත්වීමෙන් මග හැරී සිටිමින් තම කටයුතු කරගෙන යාම සඳහා , නිදැල්ලේ සිටීමට, පෙර දැන හැඳුනුම්කම් උපයෝගී කරගෙන අධිකරණය තුලින් ඉඩ කඩ සලසා ගැනීම කොතෙක් දුරට සාධාරනීයකරණය කල හැකි ද? සාමාන්‍ය පුද්ගලයෙකුට අධිකරණයෙන් මෙවැනි සහනයක් සැළසුන අවස්ථාවක් ගැන පාඨක ඔබ අසා තිබේ දැයි නොදනිමි. මෙම පූර්වාදර්ශය සාධාරණ හා නිවැරදි එකක් නම් මධුෂ්ට පමණක් නොව අනිකුත් පුරවැසියනට ද ඒ අයුරින් යුක්තිසහගතව ඉටුවිය යුතුයි නේද? අධිකරණය තුලින් වැරදි පූර්වාදර්ශයක් එළිදැක්වී ඇති බව නේද පෙනෙන්නේ? මේ නීතිඥයින්ගේ දක්ෂතාවද? නීතිපති අංශයේ දුර්වලතා නිසාද? පිළිගත නොහැකි අත යට ක්‍රමයක්ද? මා වැරදි නම් කරුණාකර නිවැරදි දේ පෙන්වන්න.
නඩුවට වියදම් කරන්න පුංචි අම්මට සල්ලි එන විදිය හොයන්න. සාධාරණව සල්ලි අදායම් මාර්ග තියෙන කෙනෙක්ද බලා මුදල් ඉපැයූ ආකාරය කියන්න නොහැකි නම් දේපල රාජසන්තක කළයුතුය.. කුඩු සල්ලි වියදම් කරලා කුඩුකාරයින්ට නඩුවලට වියදම් කරන්නත් ඉඩ දෙනවද..?
අද මිනිසුන්ට රසමසව්ලු වෙලා තිබෙන්නේ කුඩුකාරයන්ගේ මංකොල්ල කාරයන්ගේ ප්‍රවෘත්තියි . අනේ කාලේ වනේ වාසේ ..