(මනෝප්රිය ගුණසේකර)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නිසි පරිදි චෝදනා ගොනු කර නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා හැර වෙනත් විත්තිකරුවන් සිව්දෙනෙකු විසින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අද (15) මුලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය.
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේ යැයි මෙම නඩුවේදී මුලික විරෝධතාවයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා මීට පෙර දිනයේදී ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී තිබු අතර ඒ අනුව මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී 02,05,06 සහ 07 විත්තිකරුවන් සිව්දෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතීඥවරුන් විසින් අදාළ විරෝධතාවය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කළේය.
හෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම සාමාන්‍ය නීතීය යටතේ පැවරිය යුතුව තිබු නඩුවක් පළමු විත්තිකාර හෝඨාභය රාජපක්ෂ මහතාගේ තත්වය අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කොට ඇතැයි කියමින් මුල් අවස්ථාවේදී ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ පසු දෙවැනි වතාවට මෙලෙස මුලික විරෝධතාවය ඉදිරිපත් කළේය.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.
2013 සැප්තැම්බර් මස 03 වැනිදාත් 2015 පෙබරවාරී මස 02 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 339 ක් වැයකොට වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇති අතර එම රුපියල් ලක්ෂ 339 වැය කොට වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වු 02 සිට 06 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිවද ඒ ස`දහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිවද නීතීපතිවරයා චෝදනා නඟා ඇත.
දණ්ඩ නිති සංග්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබද පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකොට ඇති බවද නීතීපතිවරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ලෙස නීතීපතිවරයා විසින් පොදු දේපළ පනත සහ දණ්ඩ නීතී සංග්‍රහය යටතේ පවරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඞී. මහින්ද සාලිය සහ එම්.ඒ. ශ්රිමති මල්ලිකා කුමාරි සේනාධීර යන හත්දෙනා නම් කර ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පරක්කු කරන්නේ ඇයි කතාවත් ඇත්ත වැඩෙත් ඇත්ත සාක්ෂි අවශ්‍ය. දිගටම බලයේ ඉන්න හරියට නිතිය වැඩකෙරුවොත් ජිවිත කාලයටම. හිරේ. ඉන්න පුළුවන් මෙයට දඩුවම් නොලැබුනොත් රජ්ජුරුවන්ගේ සොහොන නෙලුම් කුලුනට හපන් වෙයි
වීරයා බයවෙලා නේද..? නීතිය හරියට ක්‍රියාත්මක වෙලා මේ චෝදනා ඔප්පු වුනොත් ජීවිත කාලෙම හිරේ තපින්න වෙනබව දැනගෙන තමයි මේ. ලංකාවේ මීට පෙර ජනාධිපතිලා පත්වෙන්න කලින් ලොකුවට චෝදනා එල්ල වුනේ නෑ. එ්ත් මෙයාට දේශපාලනේට එන්න කලින්ම දූෂණ, වංචා මිනීමැරීම් චෝදනා. මේ වගේ මානසික රෝගියෙක් ජනාධිපති වුනොත් හොඳට හිටීවි. ඔව්..ඔව් යුද්ධයක් කළා. ඒකට උපරිම ගෞරව, වරප්‍රසාද වැටුප් ඔක්කොම ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ගෙව්වා... ගෙවනවා... එහෙම කරලත් මේ වගේ වැඩ කරනවා කියන්නේ රජ වුනොත් කොහොම හිටීද?
කාලේ ඉවර වෙනකම් මොකක් හරි පොඩි කොක්කක් ගහගෙන ඇද ඇද ඉන්න බවකුයි පෙනෙන්නේ. ලොකු ලොකු අයනේ? මොකක් හරි ඩීල් එකක් වැඩකරන බවට සාමාන්‍ය ජනතාවගෙන් බොහෝ දෙනාගේ කතා බස්වලදී ඇහෙනවා. හැබැයි රාජපක්ෂ කණ්ඩායම් ඉදිරි මැතිවරණවලින් පැරදුනොත් වෙන්නේ මොකක්ද කියලත් ඒ අය දන්නවා. කෙසේනමුත් මේවා අහලාම ඇතිවෙලා තියෙන්නේ.
ජනතාවගේ මූලික අයිතිවාසිකම් වංචාවෙන් අරගෙන දෙමව්පියන්ගේ සොහොන් බැඳලා දැන් විරෝධතා. මුන් උලතියන්න ඕනෑ.
මේ අපරාධකාරයන් හිතන්නේ ඔවුන්ට ඕන විදිහට අධිකරණය කටයුතු කරන්න ඕන කියලද? අනන් මනං වලින් නඩු විභාග තවත් ප්‍රමාද නොකර මේ ජන හතුරන්ට නිසි දඬුවම් ලබා දෙන්න!