(දිලීප් ජයසේකර)
හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250 කට වැඩි ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදි.
හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් තිබු කුඩා ලොරියක් නවත්වන ලෙස සංඥා කළද එය නොනවත්වා ධාවනය කර තිබේ. පසුව ලොරිය හඹා ගිය සුරියවැව වල්සපුගල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අද (15) පෙරවරුවේ මෙම ලොරිය සහ පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවටගනු ලැබ තිබේ.
ලොරියේ තිබී ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝ 25 කොට්ට 09ක්, අධිබළැති පුපුරණ ද්‍රව්‍යක් වන ජෙලට් නයිට් කූරු 196ක් සහ විදුලි ඩෙටනේටර් 100ක් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරිය සහ රියදුරාද අත්අඩංගුවට ගෙන ඇත. සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ලද ඔත්තුවකට අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වි තිබේ.
සැකකරු වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා හම්බන්තොට පොලිසියට බාර දි තිබේ. පුපුරණ ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට පත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ටික උතුර හෝ නැගෙනහිරින් අහූ වුණානම් මෙලහට දකුණේ අන්තවාදීන් කොටිනැගිටිලා කියලා මරතලයි.
හම්බන්තොට කොටි යනු අලුත් සිංහ කොටි වර්ගයක්... අගමැති උපන් දිනය, කර්මාන්ත ඇරඹීමට විරුද්ධ කට්ටිය? අගමැති පරිස්සම් වුනොත් හොඳයි...
සිංහ කොටි, බළලා මල්ලෙන් එළියට පැන්නද?
හොයලා බලන්න ඔය ටික ගෙනාවේ ගල්කඩන්න ඕනෙද කියලා. ඒකත් හොරට දේශපාලකයෙක් කරනවා ඇත්තේ... අර සාටකේ කෙනෙක් කෙසෙල් කපලා මිරිස් හිටෙව්වා වගේ...
බම්බුව තමයි. කොළ කොටි නැගිටලා නින්දෙන්...
ගල්කොරි කාරයෙක් බඩු ටිකක් කොහෙන් හරි හොයාගෙන ගෙදරට දක්කන්න ගිහිල්ලා මාට්ටු වෙලා. තව කට්ටියක් අඹුඩෙ ගලවාගෙන උතුර, දකුණ හොයනවා...
අලුත් අධිකරණයට වැඩ අල්ලන්න මරු නැකතක්! මේවා අල්ලනවා වගේම මේවයේ අල , මුල සහ වැල ගිය තැනුත් හොයාගන්න උත්සහ කරමු නේද .
ඔන්න බලන්න අර බමුණා මේ නිවුස් එක දැකල නැහැ.
මේවා ගල් කොරි වලට දාන ඒවා..
මේවා බෝර ගහන ඒවා .යුද්ද කරන ඒවා නොවේ