ආනයනික පරිප්පු බද්ද ඉහළට ආනයනික පරිප්පු මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය කියයි. 09 May 2018
මාස හතරට ඩෙංගු රෝගීන් 17500ක් මේ වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් ඩෙංගු උණ රෝගීන් 17500ක් පමණ වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. 09 May 2018
පාසල් සිසුන්ට දියර කිරි දීමේ වැඩසටහනක් පාසල් සිසුන් සඳහා දියර කිරි ලබාදීම සඳහා කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කරන බව ධීවර ජලජ සම්පත් හා ග්‍රාමීය ආර්ථික අමාත්‍ය විජිතමුණි සොයිසා මහතා අද (9) පැවැසීය. 09 May 2018
ඉපලෝගම සිද්ධියට වගකිවයුත්තන්ට විනය පියවර අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නව උදාගමේ භූමිය සංවර්ධනය කිරීමේදී බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමේ සිද්දියට සම්බන්ධ සියලුම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එල්. එස් පලන්සූරිය මහතා කොළඹදී පැවසීය. 09 May 2018
අල්ලස් - දුෂණ නඩු මහාධිකරණයට ගෙනියන්න පනත් කෙටුම්පත් දෙකක් අල්ලස් හා දුෂණ නඩු සෘජුවම මහාධිකරණයේ ගොනු කිරීම සහ කොමිෂන් සභාවක ඉදිරිපත්වන සාක්කි අල්ලස් හෝ දුෂණ නඩු සඳහා අදාල කර ගැනීමට බලය පැවරෙන පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කෙරිණි. 09 May 2018
අන්තරේ විරෝධයට කඳුළු ගෑස්-ජල ප්‍රහාර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනට මීට ටික වේලාවකට පෙර පොලිසියේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල විය. 09 May 2018
කෘෂි පර්යේෂණ නිලධාරීහු උද්ඝෝෂණයකට යන ලකුණු රුපියල් බිලියන 150 කට ආසන්න වත්කමක් හිමි සමෘද්ධි බැංකු ජාලය මහ බැංකුව යටතට පවරා ගැනීමේ ප්‍රතිපත්තිය රජය වෙනස් නොකරන්නේ නම් අද සිට සතියකින් පසු රට පුරා විරෝධතා පැවැත්වීමට තම සංගමය තීරණය කර ඇතැයි සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන නිලධාරී සංගමයේ සභාපති බස්නාහිර පලාත් සභා මන්තී‍්‍ර ජගත් කුමාර මහතා පවසයි. 09 May 2018
චිත්‍රපට සංස්ථාවේ ලිපිගොනු රැසක් අතුරුදන් ජාතික චිත්‍රපට සංස්ථාවේ මූල්‍ය ගනුදෙනුවලට අදාළ වටිනා ලිපි ගොනු රැසක් අතුරුදන්ව ඇති බව එහි අභ්‍යන්තර කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. 09 May 2018
තොරතුරු අයිතිය ගැන රාජ්‍ය විභාගවලටත් එයි මින් ඉදිරියේදී පැවැත්වෙන රාජ්‍ය නිලධාරීන් බඳවාගැනීමේ විභාගවලදී ඒවාට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්න ඇතුළත් කරන බව ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද (9) කොළඹදී ප්‍රකාශ කළාය. 09 May 2018
පාර වැසීමෙන් රෝගීන් බලන්න ආ පිරිස් අමාරුවේ කොළඹ වෝඩ් පෙදෙස මාර්ග වසා දැමීමට පොලිසියට කටයුතු කිරීම නිසා සවස 5 ට රෝගීන් බැලීමට කොළඹ ජාතික රෝහලට යෑමට ආ විශාල පිරිසක් අපහසුතාවට පත්වී සිටිති. 09 May 2018
අන්තරේ පාගමන වෝඩ් පෙදෙසට ළඟාවේ - පොලිසිය පාර වහයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ කි‍්‍රයාකාරි කමිටුව ආරම්භ කර ඇති පාගමනේ විරෝධතාකරුවන්ට කොළඹ වෝඩ් පෙදෙසට ඇතළු විය නොහැකි වන සේ එම මාර්ගය බැරියර දමා වසා දැමීමට පොලිසිය කටයුතු කළේය. 09 May 2018
‘කෝටි 675 ක සමෘද්ධි අරමුදල ගැන පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න‘ - එස් බී සමෘද්ධි අරමුදලේ අතුරුදන් වී ඇති බවට අගමැතිවරයා චෝදනා කරන රුපියල් කෝටි 675 පිළිබඳ ව විධිමත් සමුපුර්ණ පරීක්සනයක් කර එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. 09 May 2018
කොටි කාලේ ආයුධ-රත්රන් සොයා කැණිමක් කොටි සාමාජිකයින් වවුනියාව, නෙලූක්කුලම, කූමන්කුලම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් තුළ සඟවා තබා ඇතැයි සැකකෙරෙන අවි ආයුධ හා රත්‍රං තොගයක් සොයා අද (9) වවුනියාව පොලිස් නිලධාරීන් හා ආරක්ෂක අංශ විසින් කැණිම් ආරම්භ කරනු ලැබීය. 09 May 2018
එජාපයට එරෙහිව බලවේගයක් ගොඩනඟනවා - එස්බී විපක්ෂයේ සිටින මානව හිතවාදී,දේශප්‍රේමී සහෝදරවරු සමඟ අත්වැල් බැඳගෙන එක්සත් ජාතික පක්ෂයට එරෙහිව බලවේගයක් ගොඩ නැගීමට කටයුතු කරන බව ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා 09 May 2018
රජයේ අමතර වියදම් වලට කෝටි 1904 ක් ඉල්ලයි රජයේ වියදම් සඳහා අමතර ප්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් කෝටි 1904ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරිණි. 09 May 2018
බණ්ඩාරවෙල අධිකරණ ලේඛනාගාරයට ගිනි තැබු පුද්ගලයා රිමාන්ඩ් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරය ගිනි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මැයි 21 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් නුවන් ගුණසේකර මහතා අද (9) නියෝග කළේය. 09 May 2018
‘සුද්දාවත් අත නොතැබු නකල්ස් රක්ෂිතය ඉවරයි‘ එදා ඉංග්‍රීසි ජාතිකයාවත් අත නොතැබු නකල් රක්ෂිත වනාන්තරයට මේ පාලකයින් අත ගහලා . මේක ඉතා සංවේදි පරිසර කලාපයක්. මේ පිළිබඳව රටේ ජනතාව දැනුවත් වෙන්න ඕනෑ‘ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය එච්.එම්.ඩී. හේරත් මහතා පැවසීය. 09 May 2018
තුන් වසරකට පමණක් ග්ලයිපොසේට් භාවිතයට අනුමැතිය වසර තුනක කාලයක් සඳහා තේ සහ රබර් වැවිලි වලට පමණක් ග්ලයිපොසේට් වල්නාශකය භාවිතයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා පැවැසීය. 09 May 2018
සයිටම් විරෝධී පාගමනට තහනම් නියෝගයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ කි‍්‍රයාකාරි කමිටුව ආරම්භ කර ඇති විරෝධතා පාගමන උද්ඝෝෂකයන්ට රාජ්‍ය ආයතන වලට ඇතුලූ වීම වළක්වමින් 09 May 2018
සයිටම් විරෝධී පාගමනක් අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර ඇති සයිටම් විරෝධතා පාගමනක් කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කර කොළඹ බලා පැමිණෙමින් සිටි. 09 May 2018
විගණන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලයි ජාතික විගණන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුළ බව ශ්‍රේෂ්ඨාධිකරය විසින් තමාට දැනුම් දී ඇති බව කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට පැවසීය. 09 May 2018
වනජීවි ඇමැති ෆොන්සේකා ජනපති හමුවී සමාව ගනී තිරසර සංවර්ධන වන ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) දහවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාව ගෙන ඇතැයි වාර්තා වේ. 09 May 2018
මීළඟ ජනාධිපති ඒකාබද්ධ විපක්ෂයෙන් - ප්‍රසන්න රණතුංග කවුරු කුමන කයිවාරු ගැහුවත් මේ රටේ මීළඟ ජනාධිපතිවරයා බිහිවෙන්නේ ඒකාබද්ධ විපක්ෂය ප්රමුඛ බලවේගයෙන් යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද (09) පැවැසීය. 09 May 2018
ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ටත් ඉල්ලා අස්වෙන්නලු ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා අතර සිටින ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිව් දෙනා එම ධූරයන් යළිත් ජනාධිපතිවරයාට භාර දී ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ වාත්තීයවේදී සංවිධානයේ විධායක සභික නීතීඥ රජික කොඩිතුවක්කු මහතා පැවසීය. 09 May 2018
රාජිතට කටඋත්තර නැතිව ගිය හැටි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පොල මහතා පත්කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක හා සෞඛ්යල පෝෂණ හා 09 May 2018
පාර්ලිමේන්තුවේ ගින්න නිවයි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මීට සුළු මොහොතකට පෙර ඇති වු ගින්නක් නිවා දැමීමට පාර්ලිමේන්තු ගිනි නිවීමේ අංශය කටයුතු කළේය. 09 May 2018
මන්ත්‍රී බුද්ධික පතිරණ එෆ්සීඅයිඩියට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශයක් ලබාදිමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය. 09 May 2018
දුම්රිය වර්ජනය අත්හිටුවයි දුම්රිය රියදුරු පාලක නියාමක සහ ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අද (9) අත්හිටුවීමට තීරණය කළ දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසිය. 09 May 2018
හිටපු ඇමැති බැසිල්ගේ අතුරු තහනම දීර්ඝ වෙයි හිටපු ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාග කිරිම වළකාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ලබන 18 වැනි දා තෙක් දීර්ඝ කිරිමට අභියාචනාධිකරණය තීරණය කළේය. 09 May 2018
මර්සි නැවේ තවත් සෙබළියකට අතවර කරන්න ආ අයෙක් අත්අඩංගුවට ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමට අයත් ඇලස්වත්ත ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකදී ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් සෙබළියකට ලිංගික අතවර කිරිමට තැත් කළ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 09 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026