දැව සංස්ථාවේ නව සභාපති ශාන්ත බණ්ඩාර රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ. 11 May 2018
‘ජනපතිට වැඳ සමාව ඉල්ලුවේ නැහැ‘ - සරත් ෆොන්සේකා ’’සරත් ෆොන්සේකා කියන චරිතය ජීවිතයට වැඳලා තියෙන්නේ දෙමව්පියන්ටයි පූජ්‍ය පක්ෂය ටයි විතරයි. දේශපාලනඥයින්ට මම ජීවිතේට වැඳලත් නෑ වඳින්නෙත් නෑ රාජපක්ෂ අධිකාරිය මාව හිරේ දාන කොට මගෙන් ඉල්ලීමක් කරා සමාව ගත්තොත් එළියට දානවා කියලා එවෙලෙත් දන ගහපු නැති මම දේශපාලනඥයින් ලග ගිහිල්ලා වැඳලා සමාව ගත්ත කියනවනම් මේ රටේ ජනතාව ඒවා විශ්වාස කරන එකක් නෑ.’’ යැයි වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද (11))හොරොව්පතානේදී පැවසීය. 11 May 2018
වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති ඉරියේදී පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය දක්වමින් මේ මස 17 වැනිදින සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. 11 May 2018
‘කොළඹ වාහන තදබදයට ආණ්ඩුවෙන් විසඳුම් නෑ‘- ගැමුණු විජේරත්න කොළඹ පවතින අධික වාහන තදබදයට කිසිදු විසඳුමක් සෙවීමට ආණ්ඩුව ඉකුත් වසර තුනේ දී කිසිදු පියවරක් නොගත් බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා චෝදනා කළේය. 11 May 2018
මහ බැංකු වාර්තාව මාධ්‍යයට දීම ගැන මුදල් ඇමතිට කියන්න’යි කතානායකගෙන් උපදෙස් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වසරේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා දැනුවත් කරන ලෙස පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට අද (11) දැනුම් දුන්නේය. 11 May 2018
හොරණ රබර් කර්මාන්තශාලා හිමිකරු ඇතුළු තිදෙනාට ඇප හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් ආශ්රිත නිෂ්පාදන සිදු කරනු ලබන කර්මාන්ත ශාලාවක අපද්‍රව්‍ය ටැංකියකට වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය යාම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම කර්මාන්ත ශාලාවේ හිමිකරු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හැරිමට හොරණ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (11) නියෝග කළේය. 11 May 2018
උදයංග වීරතුංගගේ මුලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනිම සඳහා වරෙන්තු නිකුත් කිරිම සහ බැංකු ගිණුම් තහනම් කිරිමේ නියෝගය මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට තීන්දු කරන මෙන් ඉල්ලා ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අද (11) ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. 11 May 2018
රුපියල අව ප්‍රමාණ වීමෙන් රුපියල් කෝටි 1690 ක ශුද්ධ වාසියක් රුපියල අව ප්‍රමාණ වීම නිසා ඉකුත් කාලය තුළ රජයට රුපියල් කෝටි 1690 ක ශුද්ධ වාසියක් අත්වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි. 11 May 2018
කතානායකවරයා නියෝජ්‍ය කතානායකවරයකු ඉල්ලයි තමන්ට තනිව කටයුතු කළ නොහැකි බැවින් නියෝජ්‍ය කතානායකවරයකු ඉක්මණින්ම අවශ්‍යව ඇතැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (11) පැවසීය. 11 May 2018
පොහොර වැඩි මිලට වික්කොත් දැඩි පියවර ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් ලබාදෙන පොහොර මිටියක් රුපියල් 500 ක් වශයෙන් ද බාහිර අලෙවිසල් වලින් අලෙවි කරන පොහොර මිටියක උපරිම සිල්ලර මිල රුපියල් 1500 ක් වශයෙන් ද අලෙවි කළ යුතු යැයි රජය නිර්දේශ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. 11 May 2018
වැලිගම පොල්වතුමෝදර පාලම විවෘත කිරීමේදී ගැටුමක් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ණය ආධාර යටතේ ඉදි කල වැලිගම පොල්වතුමෝදර නව පාලම රජය මගින් විවෘත කිරීමට පෙර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ විවෘත කිරීමට උත්සාහ කිරීමත් සමඟ අද (11) එම ස්ථානයේ උණුසුම් තත්වයක් හට ගත්තේය. 11 May 2018
ඕස්ට්‍රේලියානු විද්‍යාඥයෙක් අවසර ඇතිව දිවි නසා ගනී ඕස්ට්‍රේලියාවේ ඩේවිට් ගුඩෝල් නැමැති විද්‍යාඥයෙක් ඊයේ (10) ජාත්‍යන්තර වේලාවෙන් උදෑසන 10.30ට (ග්‍රිනිච් වේලාවෙන්) ස්විස්ට්සර්ලන්ත රජයේ අවසරය ඇතිව සියදිවි හානි කරගත්තේය. 11 May 2018
වව්නියා බන්ධනාගාරයේ මානවහිමිකම් කඩවීම් ගැන පරීක්ෂණ අරඹයි වවුනියාව බන්ධානාගාරයේ රැඳවියන්ට සිදුව ඇතැයි පැවසෙන හිංසන හා රැඳවියන්ගේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මානව හිමිකම් නිලධාරීන් අද (11) වවුනියාව රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණ පරීක්ෂණ ආරම්භ කළේය. 11 May 2018
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවරාගන්න සුදානම් වෙද්දි විජිතපුර ඩෝසර් කරලා ‘ විජිතපුර , බැලූම්ගල නිවාස ව්‍යාපෘතියක් සඳහා ඉඩම ඩෝසර් කර ඇත්තේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එහි පවරා ගැනීම් ක්‍රියාවලිය ආරම්භ කිරීමෙන් පසුව යැයි පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහචාර්ය පී බී මණ්ඩාවල මහතා ලංකාදීප කළ විමසීමක දී පැවැසීය. 11 May 2018
මොරගහහේන නිවසකින් කෝටි 3 ක හෙරොයින් හා රන් බඩු අල්ලයි පිටකොටුව නාටාමි කෙනෙකුගේ හොරණ මොරගහහේන නිවසේ සේප්පුවක තිබී හොරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 767 සහ සහ ලක්ෂ 40 ක් පමණ වටිනා රන් බඩු තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි. 11 May 2018
ඩොලර් අරන් සිංගප්පුරු යන්න හැදු අක්කා-මලෝ අත්අඩංගුවට සිය ගමන් මලු තුනක ඇමෙරිකා ඩොලර් 72700 ක මුදලක් සූක්ෂම අයුරින් සඟවා සිංගප්පුරු බලා යාමට තැත් කළ කාන්තාවක සහ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව රේගු නිලධාරීන් පවසයි. 11 May 2018
බස් ගාස්තු වැඩිකරන්න ගැමුණුගේ සංගමයෙන් තීරණයක් රජය මගින් ඉන්ධන මිල වැඩි කිරිම හේතුවෙන් බස් ගාස්තුව සියයට 10 කින් වැඩි කළ යුතු බවට තම සංගමය අද (11) තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. 11 May 2018
අල්ලස් ගත් තක්සේරු නිලධාරියාට වසර 14ක සිර දඬුවම් කොළඹ දිසා අධිකරණයේ පුද්ගලයකුට පවරා ඇති නඩුවකින් ගැලවීම සඳහා ලිපියක් දෙන බව පවසා රුපියල් 15000 මුදලක් ඉල්ලා ලබා ගත්තැයි වරදකරු වු දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ තක්සේරු නිලධාරියකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට වසර 14 ක සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඔහුට රුපියල් 9000 ක දඩයක් නියම කළේය 11 May 2018
පරාක්‍රම සමුද්‍රෙය් වාරි ඉංජිනේරුවරයාට මැර ප්‍රහාරයක් රාජකාරි කටයුත්තක් සඳහා ගොස් සිටි පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාට පොලොන්නරුව දෙකේ ඇළ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් පහර දී ඇතැයි පොලීසිය පවසයි. 11 May 2018
ඌව ආණ්ඩුකාර පදවියට රැකව ජනාධිපති නීතිඥ ආරිය බණ්ඩාර රැකව මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නේය. 11 May 2018
ෆවුසිටත් රාජ්‍ය ඇමැති ධුරයක් ඒ.එච්.එම්. ෆවුසි මහතා ජාතික සමගිය හා සංහිදියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නේය. 11 May 2018
අල කන්ටේනරේ සඟවා හෙරොයින් ගෙනා ජාන්ට මරණ දඬුවම අල කන්ටේනරයක සඟවා මීට වසර අටක ඉහත දී හෙරොයින් කිලෝ 8.25ක් ලංකාවට ගෙන ඒමේ දී අත්අඩංගුවට ගනු ලැබූ රයිඩ් මොහොමඩ් හෙවත් ජාන් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (11) මරණිය දණ්ඩනය නියම කළේය. 11 May 2018
උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ විත්ති වාචික කැඳවීමට අවසර බලපත්‍ර නොමැති අලි පැටවකු සිය විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටි උඩුවේ ධම්මාලෝක හිමිගේ නඩුවේ විත්ති වාචිකයන් කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කළේය. 11 May 2018
ත්‍රීකුණාමලේ වෙඩි තැබීමකින් තෙල් කුමාර මරුට ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිස් වසමට අයත් සිරිමාපුර හන්දියේ දී අද (11) අලුයම සිදුවු වෙඩි තැබිමකින් ව්‍යාපාරිකයෙකු මියගිය බව පොලිසිය කියයි. 11 May 2018
පාර්ලිමේන්තු කමිටු 15කට තවමත් සමාජිකයන් පත් කර නෑ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමෙන් පසුව අහෝසි වුණු කෝප් ඇතුළු පාර්ලිමේන්තු කමිටු 15ක පමණ තවමත් අලුත් සමාජිකයන් පත් නොකිරීම නිසා ඒවායේ කටයුතු මේ වන විට සම්පුර්ණයෙන්ම අඩපණ වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 10 May 2018
පාර්ලිමේන්තුවේ ගින්නට හේතුව වායු සමීකරණ පද්ධතියේ විදුලි කාන්දුවක් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ගින්නට හේතුව වායු සමීකරණ පද්ධතියේ විදුලිය කාන්දුවීමක් බව සොයාගෙන ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.වායු සමීකරණ පද්ධතියේ එම දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතැයිද ඒ නිලධාරීහු කීහ. 10 May 2018
ජාතික විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට ජාතික විගණන පනත් කෙටුම්පත පිළිබඳව විවාදය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ විවාදය හෙට (11) සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබේ. 10 May 2018
ඉන්ධන මිල සමඟ ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට ත්‍රීරෝද සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන සඳුදා සිට අනිවාර්යයෙන්ම ත්‍රීරෝද රථ ගාස්තු වැඩිකරන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය සඳහන් කරයි. 10 May 2018
අයි.ඕ.සී සමාගමද ඉන්ධන මිල ඉහළ දමයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථව ඉන්ධන මිළ ඉහළ දැමීමට සාපේක්ෂව ඉන්දියන් ඔයිල් (අයි.ඕ.සී ) සමාඟමද අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිළ ඉහළ දමන බව එම සමාගම නිවේදනය කරයි. 10 May 2018
ඉවත්වු 16ට පක්ෂ නායක රැස්වීම නියෝජනයට ඉඩ දෙන්න - ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම නියෝජනය කිරීමට ආණ්ඩුවෙන් ඉවත්වු 16 දෙනාගේ කණ්ඩායමට ද අවස්ථාව සලසා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ලංකාදිපයට පැවැසීය. 10 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026