(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම් සමූහ මිනීවළේ කැණීම් ඉදිරියට සිදුකිරීම හෝ නතරකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා වූ සාකච්ඡාව හෙට (22) මන්නාරම් මහෙස්ත්‍රාත් ටී. සර්වනරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන බව සමූහ මිනීවළේ කැණීම් භාරව සිටි විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියාසිටියි.
මන්නාරම් අධිකරණ ශාලාවේදී මෙම සාකච්ඡාව පැවත්වෙන අතර ඒ සඳහා මන්නාරම් සමූහ මිනීවළේ කැණීම් කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කැනීම් කළ පිරිස ද අතුරුහන්වූවන්ගේ කාර්යාල නිලධාරීන් හා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිත බවද වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එම සාකච්ඡාවේදී මන්නාරම් සමූහ මිනීවළේ කැණීම් ඉදිරියටත් සිදු කරන්නේද නැතිනම් කැණීම් සම්පූර්ණයෙන් නතරකරන්නේද යන්න තීරණය කෙරෙන අතර එතෙක් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇත.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබී 2018 මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අධිකරණ නියෝගයකට අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු 2018 මැයි 28 වනදා ආරම්භ කෙරිණි. මේ දක්වා කරන ලද කැණීම්වලදී මළ සිරුරු 342 ක් හමු වී ඇති අතර ඉන් සිරුරු 330 ක් මන්නාරම් අධිකරණයේ විශේෂත කුටියක තැන්පත් කර තිබේ. එම සිරුරු අතර ළමුන්ගේ මළ සිරුරු කොටස් 30ක් වන බවද සඳහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මානව හිමිකම් කොමිසමට තියෙන්නේ අදාළ රටවල් වලට නඩු දාලා ලංකාවට වන්දි අරන් දෙන එකයි .........
මාතලේ සමුහ මිනීවල ගැන කවුරුත් කතා නොකරන්නේ ඇයි? කාගේ උවමනාවටද ඒක යට ගැහුවේ?
මම නම් හිතන්නේ මේක නතර නොකළ යුතුයි. පුංචි ළමයින්ගේ ඇට සැකිලි තියනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේක ත්‍රස්තවාදී කොටි කළ දෙයක්ම තමයි. කවුරු කලත් වැරදියි. අහිංසක පුංචි දරුවන් මරා දැමීම සහගහන අපරාධයක්. සාධාරණ විනිශ්චයකින් අනතුරුව වරදකරුවන්ට නිසි දඬුවම් දිය යුතුයි.
මානව හිමිකම් කොමිසම දැන් මොකද කරන්නේ, තව වලක් හාරනවද?
සුරියකන්දට මොකද වුනේ