(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය, ශ්‍රී පාද පිවිසුම් පියගැටපෙළ ආරම්භක ස්ථානයේ මස්කෙළිය ප්‍රාදේශිය සභාව මගින් ස්ථාපිත කර තිබූ ශ්‍රීපාදස්ථාන නාම පුවරුවේ දමිළ හා ඉංග්‍රීසි භාෂාවලින් සඳහන් වැකි අද (20) දා රාත්‍රී කිසියම් පුද්ගලයෙක් විසින් කළු තීන්ත වලින් මකා දමා ඇති බව පවසමින් නල්ලතන්නිය ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුලු ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇති විය.
මෙම නාම පුවරුවේ දමිළ භාෂාවෙන් “සිව නොලි පාද මලෛයි” හා ඉංග්‍රීසි භාෂාවෙන් SRI PADAYA ලෙස සටහන් කර තිබූ වැකි දෙක මෙසේ කළු වර්ණ තීන්ත වලින් මකා දමා තිබුණි.
මෙම විරෝධතා කරුවන් පිරිස මෙහිදී කියා සිටියේ, නාම පුවරුව මකා දමා ඇති පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය.
හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතා පොලිස් නිලධාරීන් සමග මෙම ස්ථානයට පැමිණ ශ්‍රීපාද වන්දනාකරුවන්ට අපහසුතාවයක් නොවන අයුරින් රැස්ව සිටි පිරිස සමග සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
නල්ලතන්නිය ග්‍රාම නිලධාරි ගොඩනැඟිල්ලේ රැස්වීම් ශාලාව වෙත ප්‍රදේශයේ සිංහල, දමිළ ජනතාව හා වෙළඳ සංගමයේ නියෝජිතයින් සමග පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වන ලදී.
සිංහල දමිළ ප්‍රජාව අතර මෙම සුළු සිද්ධියක් මුල් කරගෙන මතභේදකාරි තත්වයක් ඇති නෙවන අයුරින් ජාතික සමගිය තවදුරටත් තහවුරු වන ආකාරයෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් ප්රශ්නය සමතයකට පත් කිරීමට හැකි වූ බව පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතා පැවසීය.
මෙම නාම පුවරුවේ කළු තීන්ත ආලේප කර ඇති පුද්ගලයන් සම්බන්ධ නාම පුවරුව අසල පිහිටි සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කර ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පුලුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිස් අධිකාරි වරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය යන්නේ කරුණා කරන්නනේ. වැඳලා බහින නඩවලටත්, වඳින්න යන නඩ වලටත්, සුමන සමන් දෙවි පිහිටයි කිය කියා..
සිංහල අපිටත් ඕනේ කොතැනින් හරි වැඩේ පටන්ගන්න. වතු දෙමළුනි, තේවත්තේ කුලීවැඩට ආවා නම් කුලිය කරාගෙන ඉඳපියව්. නිකන් උන්හිටිතැන් නැතිකර ගන්නේ නැතිව. කව්රුහරි වැඩේ පටන් ගන්නයි හදන්නේ... ජයශ්‍රී!
ඉතාමත් ළඟකදී ලංකාවත් තවත් බංගලාදේශයක් වෙන පාටයි..
වතු දෙමලුනි, එතකොට යාපනයේ නාම පුවරුවල සිංහල අකුරු මකලා දෙමල අකුරු විතරක් ඉතුරු කරලා තියෙනකොට එහෙට ගිහින් විරෝධතා පවත්වන්නේ නැද්ද? සිංහලයාගේ රටේ අද සිංහලයට තැනක් නැති වෙලා..
සිංහල අපි ලංකාව අපි හැමෝගෙම කියද්දී දෙමල කට්ටිය කියන්නේ උතුර ඒ ගොල්ලන්ගේ කියලා ඒ වගේම මුස්ලිම් අය කියන්නේ නැගෙනහිර ඒ ගොල්ලන්ගේ කියලා. ඒ පැතිවලට සිංහල අයට ඉන්න දෙන්නේ නැහැ. එතකොට දකුණේ දෙමල මුස්ලිම් දෙගොල්ලන්ටම නිදහසේ පදිංචි වෙලා ඉන්න සිංහල අපි ඉඩ දීලා තියෙනවා. දැන් මොකෙක් හරි මට කියන්න කව්ද ජාතිවාදියෝ? අපේ කොන්ද පණ නැති දේශපාලකයෝ සංහිඳියාව කියලා මර උගුලක් ගෙනැල්ලා සිංහල අපිව නැත්තටම නැති කළා. ඔය හැමෝටම හෙනම ගහන්න ඕනෑ.
Bamunuarachchi ඇවිල්ලා බෞද්ධයකු කියලා රැවටෙන්න එපා. බෞද්ධයකු වගේ පෙනී හිටිමින් අපේ රට තුල ආගම්වාදය, ජාතිවාදය සහ අනිත් බේද අවුස්සලා වෙනත් දෙයක් ඉෂ්ට කරගැනීමේ කොන්තරාත්තුවක් බාරගෙන කටයුතු කරන පුද්ගලයෙක්... ඒකයි හැම එකකටම කපපන්, කොටපන් කියලා අපේ කොල්ලන්ව උසි ගන්වන්නේ... මෙයාට විතරක් තියෙන අමුතුම කුලප්පුවෙන් මට දැනෙන්නේ එහෙමයි...
"*සිව" නොලි පාද මලෙයි කියන්නේ කුමකටද?
සුද්දන් මේ රටේ වතුවගාව ආරම්භ කල සමයේ සුද්දෙකුගේ බංගලාවට ගිය මෙරට පුද්ගලයෙකුට අසන්ට ලැබී තිබෙනවා. සුද්දගේ සිඟිති දියණියව ඩාලින් කියා අමතනවා. මොහු සිතා ඇත්තේ අර දරුවාගේ නම ඩාලින් කියාය. ඔහුගේ බිරිඳට ලැබුණු දියණියට ඔහු ඩාලින් කියා නම තැබුවේ මහත් උජාරුවෙනි.. මගේ දුවගේ නමත් වත්තේ සුදු මහතාගේ දියණියගේ නමයි කියා. වසර කීපයකට පසු අල්ලපු ගෙදරට ගෙනා බලු පැටියෙකුට ඩාලින් කියනවා ඇසි මොකද යකෝ අපේ කෙල්ලගේ නම තොපේ බල්ලට දාල තියෙන්නේ කියා යුද ප්‍රකාශ කලාලු. දෙවනුව සඳහන් කල පුද්ගලයා කියන්නෙත් ඩාලින් කියන්නේ සුදු මහතාගේ බල්ලාගේ නම කියාය. ඔහුද බල්ලට දැම්මේ ඒ නම කියාය. එදා ඒ ප්රශ්නය ඇතිවුනේ ඉංගිසි නොදන්නා නිසයි. අදත් අපේ සමහරු නම් ගම, ආගම්, ජාති අල්ලාගෙන සටන් වදින්නේ මානසික මට්ටම දියුණුවෙලා නැති නිසයි.
hareesha, එකේ තේරුම තමිල්නාඩුවේ දෙවියන්ගේ පාදම කියන එකට...
ඔය මුකුත් නැහැ අර 16 සියවසේ අර මනුස්සයා ගල් ගුහාව ඇතුළටම වෙලා හිටියා නම්... බොරුවට දෙවියෝ දැක්කා කියලා එළියට ඇවිත් ක්‍රිස්තියානි ආගම කොපි කරලා කල්ලියක් හදාගෙන යුදෙව්වෝ මරමර සාමේ පැතුරුවා.
"Bamunuarachchi ඇවිල්ලා බෞද්ධයකු කියලා රැවටෙන්න එපා." කාටද මේ කියන්නේ මෙතන අදහස් කියවන සියලු දෙනාම ඔබ වැන්නවුන් නොවෙයි සමහර බුද්ධිමත් අය විරුද්ධ අදහස් කියවන්නත් කැමතියි. මම අබෞද්ධයෙක් වුණත් ඉදිරිපත් කරන අදහස බෞද්ධයින් වෙනුවෙන්.... ඉස්ලාම් මූලධර්ම ගැන අවබෝධයක් තිබෙනවා නම් ඔය සන්හිඳියාව ගැන කතා කරන එකක් නැහැ. මට සැක වාසලමුදලි සිංහල බෞද්ධයෙක්ද කියලයි. ඉස්සෙල්ලාම ඉගෙනගන්න තම ජාතිකයා, ආගමිකයා, අන්‍ය ආගමිකයා, අන්‍ය ජාතකයා ඉදිරියේ පාච්චල් නොකරන්නේ. මුසල්මානුවන් දෙමළුන් එහෙම කරන්නේ නැත්තන් මම දෙමළ ඩයස්පෝරාව සමග වාද කරන්නේ 1999 කාලයේ සිට. ඔවුන් කිසිවෙක් ඔවුන්ගේ ජාතිකයා පාවාදෙන්නේ නැත.
සිව දෙවියන් පාදය තැබූ කියන එකයි. තව කොටසක් ආදම්ගේ පාදය කියනවා, මුසල්මානුවන් අල්ලා දෙවියන්ගේ පාදය කියනවාදැයි නොදනිමි.
Bamunuarachchi ට කෙළින්ම පිළිතුරු දිය නොහැකියි….Reply කියන වචනය ඉවත් කරලා. බඩුත් හාමුදුරුවන්ගේ. නඩුත් හාමුදුරුවන්ගේ බවයි පෙනෙන්නේ..
කලින් තිබුණු නම මොකක්ද දමිළ බසින්? ලෝක බෞද්ධ ප්‍රජාවේ මුදුන් මල්කඩක් වූ ශ්‍රි පාදය පටු ජාතිවාදී දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කිරිම පිළිකුල් සහගතයි.
මට පෙනෙන විදිහට බමුණුආරච්චි කියන්නේ 21 වැනි සියවසේ ශිෂ්ට සමාජයට අනුගත වීමට නොහැකි ගෝත්රවාදී ම්ලේච්චයෙක්. ඔහු අරාබිකරයේ අවුරුදු 25 ක් හිටි බවක් කියනවා. මොකක් හරි දෙයකට කොටුවෙලා හිර ගෙදර ඉන්න ඇති, අනිවාර්යයි! මොහු කිසිසේත්ම බෞද්ධයෙක් වෙන්න නම් බැහැ!