බිමල් ශ්‍යාමන් ජයසිංහ
ජපානයෙන් සොරා ගත් රුපියල් කෝටි හතරහමාරක් පමණ වටිනා අති සුඛෝපභෝගී ජිප් රථයක් කැළණිය වේවැල්දුව ගරාජයක තිබියදී ගරාජ් හිමියා සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
ජපානයෙන් සොරා ගත් ටොයොටා වී 8 වර්ගයේ ජිප් රථයක් කැළණිය ගරාජයක සඟවා තිබෙන පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාට ලද තොරතුරක් ලැබුණු බව පොලිසිය කියයි.
මෙම සුඛෝපභෝගී ජිප් රථය 2015 වසරේ නිෂ්පාදිත බවත් ඉකුත් වසරේ නොවැම්බර් 9 වැනි දා ජපානයෙන් සොරා ගත් ජිප් රථයක් බවට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඡාත්‍යන්තර අංශයට ඡාත්‍යන්තර පොලිසියෙන් ලිඛිතව දන්වා ඇතැයි විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරියෙක් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියෙන් වෙන්නප්පුවට සොරකම් කල මෝටර් බයිසිකල් යනවා වගේ ජපානයේ ශ්‍රීලාංකිකයෝ ප්‍රාඩෝ හොරකමද ජයටම කරනවා. හොඳට හොයලා බලලා මිලදී ගන්න...
අපේ පොලීසිය ඡාත්‍යන්තර පොලීසියට සහයෝග දෙනවා වගේ, ඡාත්‍යන්තර පොලීසියෙන් ඉල්ලන්න කෝ මෙහාට අවශ්‍ය මහේන්ද්‍රන්, උදයංග ඇතුළු විත්තිකරුවන්ව අල්ලලා දෙන්නයි කියලා.
ලංකාවේ ජපන් වාහන සේල්වල බාගෙට භාගයක් තියෙන්නේ එක්කෝ ජපානේ ගංවතුරට අහුවුණ, හොරකම් කල, අනතුරුවලට ලක්වුණු, ඉන්ෂුවරන්ස් කන්ඩෙම් කල ඔක්ෂන් කැටගරිය ආර් වන වාහන... ඕවා එහෙ අපේ අයියලගේ යාර්ඩ් වල කෑලි මාරුකරලා හදලා දිලිසි දිලිසි ලංකාවට එවනවා. අපේ අයත් අමාරුවෙන් හරි හම්බකරගත් සේසතම පුදලා ගන්නවා. හොර ඔක්ෂන් ෂිට් හදන්න දැන් ජපන්නුත් උදව් කරනවා.. මේවා ජපානේ කාලයක් හිටි මගේ අත්දැකීම්...