(විනීතා එම් ගමගේ)
බෝ නොවන රෝගවලින් ජනතාව ආරක්ෂා කිරීමට නම් විශේෂ අරක්කු හෙවත් ගල් අරක්කු බෝතලයක මිල ද ඉහළ දමන ලෙස තමන් යෝජනා කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
අයවැයෙන් මත්පැන්, දුම්වැටි, බීර, වයින්, දුමකොළ, සහ බීඩි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යවරයා ගත් තීරණය තමන් අගයකරන බව ද අමාත්‍යවරයා කීය.
ගම්බද ජනතාව අනවබෝධයෙන් වැඩි වශයෙන් ගල් අරක්කු පානය කරන බවත් එය සෞඛ්‍ය ප්‍රශ්නයක් වන බැවින් වැලැක්වීම සඳහා මිල ඉහළ දැමිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
බෝ නොවන රෝග වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය අන්තර් අමාත්‍යංශ කමිටුවක් හදා ඇතැයි කී අමාත්‍යවරයා බෝ නොවන රෝග වැළැක්වීමේ කටයුත්ත සඳහා ඩොලර් මිලියන 200ක ණයක් ලෝක බැංකුව ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
වැඩිහිටියන්ට බෝ නොවන රෝගවලින් වැළැකීම පිළිබඳ අවවාද ලබා දෙනවා ට වඩා දරුවන් දැනුවත් කිරීම පහසු බවත් ඒ කෙරෙහි අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා පාසැල් ආපන ශාලා 150 කට අධ්‍යාපන අමාත්‍යංශය විසින් තිබිය හැකි ආහාර වර්ග සඳහන් කොට යවා ඇතැයි කීය. එය අනෙක් පාසැල් ආපන ශාලාවල ද ක්‍රියාත්මක කරන බව හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ දියුණු රටවල්වල , යම් පුද්ගලයෙක් මත්පැන් පානයට ඇබ්බැහි වී සිටීනම් ඔහු හෝ ඇය පුනරුත්ථාපනය වීමට අකමැති නම් ..... ඔවුන් රජයේ හෝ අනිත් රාජකාරි කටයුතුවලින් .. මුදාහැර තවදුරත් රිය පැදවීමද තහනම් කරනු ලැබේ ... කාන්තාවන්ට මේ පුද්ගලයින් ගැන පාසල්වලදී සහ අනිකුත් සමාජ තොරතුරු / විස්තර සැපයීමේ ආයතන විසින් විස්තර සපයනු ලැබේ . මෙන්න මේ වගේ සැලැස්මක් තුළ තමයි .. මත්පැන් , මත්ද්‍රව්‍ය භාවිතා කරන අයගෙන් මත්පැන්/ මත්ද්‍රව්‍ය භාවිතා නොකරන අය ආරක්ෂා කරගන්නේ . මේවගේ විස්තර සමාජය තුළ පැතිරවීමෙන් ආරක්ෂාව සහ සනීපාරක්ෂාව රැකගන්න පුළුවන් වේවි .
නිකන් සෝභන කතා නොකියා ඉන්නවද? කරුණාකරලා පණ්ඩිතයා....
විට, අරක්කු වගේ දේවල් බොහෝ වෙලාවට කය වෙහෙසලා වැඩකරන සහ ලේසියට සාමන්‍ය මනුස්සයෙක්ට කරන්න බැරි රැකියා කරන (උදාහරණයකට මිනී එම්බාම් කරන මනුස්සයා මත් වතුර සහ සිගරට් නැතුව මිනී එම්බාම් කරන්නේ නෑනේ) කම්කරු ජනතාව අතර භාවිතා වෙන්නේ... මෙවා වැඩි කළාම වෙන්නේ ඒ මිනිස්සු කසිප්පු සහ ගංජා වගේ දේවලට යොමු වීම සහ කම්කරු වියදමත් වැඩි වීම. ප්‍රායෝගික ප්‍රශ්න තේරුම් ගන්න බැරිව මේවා කරලා වෙන්නේ රටේ ආර්ථිකය තව තව හිරවීමයි. අනික ඉතින් මෙයා පිටරට කිරිපිටිනේ හොඳයි කියන්නෙත්. තව වෙන මොන කතාද?
අද රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී නම් වශයෙන් සඳහන් කරමින්, ලංකාවට වැඩියෙන්ම මධ්‍යසාර ආනයනය කරන සිව් දෙනා අසුන්ගෙන සිටින්නේ පර්ලිමේන්තුව තුළ බව පැවසුවා. රටේ නීති සම්පාදනය කරන "උත්තරීතර" යයි සඳහන් වන මෙම ආයතනය තුළ මෙවැනි පුද්ගලයින් ලැගුම් ගෙන සිටින අවධියක, රටේ මත්පැන් පානය පාලනය කරන්නට යනවා යයි කීම හාස්‍යයට කරුණකි.
ලෙඩරෝග වලින් මිනිස්සු ආරක්ෂා කරන්න කියලා මිල ඉහළ දැමීම නෙවෙයි විසඳුම... බොන කෙනා මොනවා කළත් බොනවා සහ ගන්නවා. අඩු අදායම් ලබන අය තමයි ගොඩක්ම මේ වර්ගය පාවිච්චි කරන්නේ... එ්කෙන් වෙන්නේ දුප්පත්කම සහ ගෙදර ප්‍රශ්න, අඩදබර වැඩි වෙන එක... වැඩි කළා කියලා පරිභෝජනය අඩු වෙලාද අඩු වුණාද? නැහැනේ... හොඳම දේ මිනිස්සු දැනුවත් කරන්න වැඩසටහන් සහ වැඩපිළිවෙලක් දීර්ඝ කාලීනව/කෙටිකාලීනව හඳුන්වා දෙන එකයි.. මේ දේවල් වලින් ඇතිවන ආර්ථික සහ සමාජමය සහ සෞක්‍ය පරිහානිය, ගැටළු පිළිබඳව ගෙදර සහ සමාජේ කථිකාවත් ඇති කරන්න ඕනෑ... කොහොමද මේ දේවල් වලින් ඈත්වෙන්නේ සහ නවත්තා ගන්නේ කොහොමද කියලා... අන්න එ්කට අවශ්‍ය වැඩපිළිවල සහ මූලිකත්වය ගන්න ඕනෑ.. ඔය කියපු කෙනාගේ අමාත්‍යාංශය සහ අපි හැමෝගේම වගකීම...
මත්පැන් ආදි සෘණ බාහිරතා ඇති භාණ්ඩ සඳහා බදු අය කරමින් මිලවැඩි කරන එක හුදෙක් මිල වැඩි වුණාම නොබී ඉන්නවා කියන එක තරම් සරල නැහැ. සෘණ බාහිරතා ඇත්නම් එයින් සමාජයට වෙන බලපෑම අවම කිරීමට ගන්නා පියවරවලට අවශ්‍ය මුදල් සොයා ගැනීමත් එක අරමුණක්... මෙතන බේබද්දො කීපදෙනෙක් මිල වැඩි කරාට කමක් නෑ. කසිප්පු බොනවා කියන කතාව වලංගුවෙන්නේ කසිප්පු අල්ලන්නේ නෑ කියන එක මත... කසිප්පු අල්ලනවා නම් මත්පැන් මිල ඉහළ නම් ඇඳිවත විකුණා හෝ බොන්න යන බේබද්දාට ඒක කරන්න හැමදාම බෑ...
වැදිබණ සහ දේශපාලනය.... අසනීප වුණාම සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් යන අපේ රටේ දේශපාලකයන් මීට පස්සේ අපේ රජයේ රෝහල්වල පෝළිමේ ඉඳලා බෙහෙත් ගන්න ඕනෑ. ඒක තමයි නියම යහපාලනය. එහෙම නැතිව වැදිබණ කිය කියා ඉඳලා වැඩක් නැහැ. ගල් අරක්කු ගැන කථාකරන දේශපාලකයන් දේශපාලන හිතවතුන් තෑගිකරන විස්කි බ්‍රැන්ඩි බොනවා නොමිලේ. දවසම වැඩකරලා මහන්සිවෙන දුප්පත් කම්කරුවා හවසට ලාබෙට තියෙන අරක්කු උගුරක් ගහලා නින්දට යන්නේ පහුවෙනිදාට සොච්චමක් හොයාගන්න විදිහක් ගැන හිතලයි. එහෙව් රටක රජයට සල්ලි හොයාගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි සිගරට්, අරක්කු මිල වැඩිකරන එක. කිසිම වෙනත් ක්‍රමවේදයක් පිළිබද ඔවුන්ට අදහසක් හෝ විකල්පයක් ගැන කිසිම දැනුමක් නැහැ. තේරුම් ගන්න උත්සාහ ගන්න ලංකාවේ දුප්පත්කම වැඩිවෙන්න තවත් හේතුවක් තමයි දුප්පතාගේ අවශ්‍යතා හඳුනා නොගැනීම සහ ඔවුන්ගේ අයහපත් පුරුදුවලින් වැළැක්වීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නැතිව තහංචි දැමීම...
ගල් අරක්කු මිල ඉහල දන්නා දෙයක් නැහැ මිල නග්ගලා තිබෙන්නේ. රාජිත ඔබ දොස්තර කෙනෙකු හැටියට දන්නවා මත්පැන් නිසා එච්ඩීඑල් හෙවත් "හයි ඩෙන්සිටි ලිපෝප්‍රෝටීන්" වල වර්ධනයක් සිදුවන බව එසේම හාට් ඇටැක් අවම කරගන්න පුළුවන් බව. එහෙනම් ඇයි මත්පැන්වල තිබෙන ඒ ගුණ සඟවා අගුණ පමණක් කතා කරන්නේ. කොළඹ ප්‍රධාන පෙලේ ඉස්පිරිතාලයක දිනකට ඩ්‍රින්ක්ස් 2 ගැනීම හාර්ට් ඇටැක් අඩුකරගැනීමට හේතුවන බවට දැන්වීමක් බිත්තියේ සටහන් කර තිබෙනවා.
මෝඩ කතාවක්නේ ! මගේ වයස අවුරුදු 79 ක්. මම දිනපතාම වගේ පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා. මගේ මස්සිනා කෙනෙක් දිනපතාම වගේ හොඳට බිවුවා. ඔහු අවුරුදු 98 ක් ජීවත් වුනා. කියන්න තරම් ලෙඩක් තිබුනේ නැහැ! මිනිස්සු ලෙඩ වෙන්නේ, මැරෙන්නේ මත්පැන් වලින්ම කියලා කියනවා නම් එක මහා මෝඩ කතාවක්. මත්පැන් වල ඉතිහාසය සුමේරියන් වරුන්ගේ කාලය දක්වාම පැරණියි. මිසර, පර්සියන්, ග්‍රීක, මිනොවන්, සිරියන්,ඇසිරියන්, වයිදික, ආදී හැම පැරණි ශිෂ්ටාචාරයකම මත්පැන් බීමේ සිරිත තිබුනා. සමාජයට වරදක්, හිරිහැරයක් නොවී මත්පැන් පාවිච්චි කරන අය වගේම පදමට ගැනීමෙන් නිරෝගී බව රැක ගන්න අයත් සමාජයේ ඕන තරම් ඉන්නවා. ශරීර සෞඛ්‍යයට අහිතකර වෙනත් කොච්චර දේවල් මේ රටේ තියනවද. කෙරෙනවද? ඇමතිතුමෝ, නිකම් බොරු කතාවලින් මෝඩ මිනිසුන්ව රවටන්න එපා!
ඇමතිතුමා, මිල ඉහළ දැමීම ප්‍රශ්නයට විසඳුමක් නොවෙයි. මිල කොතරම් ඉහළ දැම්මත් බොන මිනිහ කොහමහරි බොනවමයි.
අරක්කු බොන බාර් වලට ගිහින් දැනුවත් කරන්න බැරිද. දුප්පත් කම වැඩි වීම බේබදු කම නිසාමයි වෙන්නේ . මිල ඉහල දැමීමෙන් වෙන්නේ වෙන වෙන නුසුදුසු පාන වලට නතුවෙලා වැඩි දවසක් නොගිහින් නැතිවෙලා යන එකනේ .
රාජිත ඔයාලා ඉන්න තැන ගැන අපට දුකයි. මොකද අපි තමයි ඔතැනට ඔයාලව යැව්වේ. ඔය ගොන් අදහස් හින්දා තමයි රටට හෙන ගැහිලා තියෙන්නේ. බෝතලේ ගාණ වැඩි කරන එක නොවෙයි කරන්න ඕන. ඒක සාමාන්‍ය මනුස්සයට බැරි හින්දා තමයි මෝඩ ඡන්ද දායකයින් එකතුවෙලා ඔබලා වගේ අය සෙට් එකක් පාර්ලිමේන්තු යැව්වේ....
ඒ වුණත් බමුණෝ බීලා කාලා නිකං ඉන්නවා නම් කමක් නැහැ. බීලා සිහිවිකල් වී වාහන එලවලා මිනිසුන් මරන එක හරිද?
මෙතැන අදහස් දක්වලා තියෙන ගොඩක් දෙනා වෙනස් වෙන්න බැරිය කියන මානසිකත්වයෙන් පසුවෙන අයවලුන් බව පැහැදිළිව පෙනෙන්නට තියෙනවා. අනික වැඩිපුර ලයික් ගන්න ඕනෑවට ජනප්‍රිය අදහස් දමන්නන් බවත් පැහැදිළියි. ඔය අරක්කු බීම නරකයි නම්, මිල වැඩියි නම්... දිනපතා බොන ප්‍රමාණය ටිකටික අඩුකරගෙන ඇවිල්ලා අන්තිමට මුළුමනින්ම නතර කරලා දමන්නට උත්සාහ කරන්න පුළුවන්. දවසකට සිගරට් 10ක් 15ක් උරන්න පුරුදු වෙලා හිටියා මම උරන සිගරට් ගාණ සතියෙන් සතිය ටික ටික අඩුකරගෙන ඇවිල්ලා සිගරට් දෙක වෙලා දෙක එක වෙලා අන්තිමට සම්පූර්ණයෙන්ම නවත්තලා දමලා දැන් අවුරුදු 8කුයි මාස 2ක් වෙනවා. ඉස්සර සිගරට් නැතුව වැඩක් පලක් කරගන්න බැරුව හිටි මට, සිගරට් නැතුව වැසිකිලි යන්න බැරුව හිටි මට.. කිසිම දෙයක් කල්පනා කරන්න බැරුව හිටපු මට. දැන් ඔය සිගරට් නැතුව ඕනෑම දෙයක් කරන්න පුළුවන්. මත්පැන් පිළිබඳ අත්දැකීමක් නම් මට නැහැ.. මත්පැන් බොන පුරුද්දක් තිබුණා නම් මම ඒ පුරුද්ද නවත්වන්නෙත් ඔය විදිහට තමයි. හිතයි ප්‍රධාන...හිත ඇත්නම් පත කුඩාද?
මට හිතෙන්නේ හෙරොයින් වලටත් වඩා බයානකයි අරක්කු, බීලා කරන අපරාධ මිනීමැරුම්, කෝලාහල, දූෂණ සහ ගෙදර ආර්ථිකය බින්දුවේ. අපේ ගම්වල බිමට ඇබ්බැහි වුණු ඔක්කොම අඩු වයසින් මැරුණා. සමහරු ඇවිදින මලමිනී වගේ වයස 30 නම් 55 පමණ පෙනුම... අරක්කු බොන්න දිරිගන්වන ජනකොටසක් ඉන්නවා ඔවුන්ගේ උප්පරවැට්ටිවලට අහුවෙන්න එපා. සමහරුන්ට සින්දුවක් එහෙම කියන්නේ ටිකක් දාගත්තම, අනිත් වෙලාවට ඊයේ වැඩි වියට පත් උණු ළමිස්සි වගේ, පෞරුෂය දුර්වල නම් ප්‍රතිකාර ගැනීමයි කල යුත්තේ...
මත් පැන් ඔය තරමටම නරකයි නම්, මත්පැන් බීම, නිෂ්පාදනය, විකිණීම ආදිය මුළුමනින්ම තහනම් කරන්න. එතකොට පුළුවනි වෙන්නේ මොකද කියලා බලාගන්න. ඇමෙරිකාවේ දැනට දශක කිහිපයකට පෙර ඔය වගේ "prohibition " කියල කාලයක් තිබුනා. ඒ කාලේ තමයි රටේ වැඩියම අපරාධ සිදු වුනේ. මාෆියා, කොසනොස්ට්රා වගේ භයානක පාතාල සංවිධාන බිහි වුනෙත් ඒ අවදියේ. සමහර මෝඩයන්ගේ මතයක් තියනවා සියලුම අපරාධ සිද්ධවෙන්නේ මත් පැන් නිසාය කියලා. බුදුන්වහන්සේ නම් දේශනා කලේ සියලු වරදට හේතුව අවිද්‍යාව කියලයි. බුදුන්වහන්සේගේ කාලෙත් "කපෝතිකා" කියලා මත් පැන් වර්ගයක් තිබුනා. හාමුදුරු කෙනෙක් ඒවා ඕනවට වඩා ගහලා බුදුන්වහන්සේ හමුවට ඇවිත් අසංවර ලෙස හසුරුනාට පසුවයි, උන්වහන්සේ භික්ෂූන්ට සුරා පානය තහනම් කලේ!
බේබද්දන්ට මත් පැන් ආදීනව ඇහෙනකොට නොකියන බොරුවක් නැ. සුරා මේරයේ බරපතලකම බුදුන් වහන්සේ අවබෝද වුනු නිසයි එයින් වලකින්න පන්සිල් පද පහට ඇතුලත් කලේ
"බුදුන් වහන්සේගේ කාලෙත් "කපෝතිකා" කියලා මත් පැන් වර්ගයක් තිබුණා. හාමුදුරු කෙනෙක් ඒවා ඕනෑවට වඩා ගහලා බුදුන්වහන්සේ හමුවට ඇවිත් අසංවර ලෙස හසුරුණාට පසුවයි. උන්වහන්සේ භික්ෂූන්ට සුරාපානය තහනම් කලේ!" මෙන්න අංගොඩ රොකී හාමුදුරුවන්ගේ බණ... බොරුව වුණත් ගලපා ගන්න බැහැ. හැබැයි මේ අන්‍ය ආගමිකයා මුසල්මානුවා බුද්ධාගමට සහ බුදුන්ටත් නිගරු කිරීමක් මේ කරන්නේ...
බමුණු මහත්තයෝ, ඔබ දන්නා කෙන් ගෙඩියක් නැති බව ඉඳහිට දාන කොමෙන්ට්ස් වලින්ම පෙනෙනවා. රොකී කියන්නේ අංගොඩ හාමුදුරු කෙනෙක් නොවෙයි, හොඳට පොත පත කියවපු, භාෂා හතරක දැනුමක් තියන, වගකීමක් ඇති ලේඛකයෙක්. හොඳට හොයලා බලන්නේ නැතුව පණ්ඩිතකම් දොඩවන්න එපා. මා කියා ඇත්තේ මුළුමනින්ම සත්‍ය කතාවක්. එය මම බෞද්ධ සාහිත්‍යයෙන් ඔප්පු කළොත් මොකද ඔබ කරන්නේ? මින් ඉදිරියටවත් ඔබේ මෝඩ කමෙන්ට් ගැහිල්ලෙන් වැළකී සිටිනවද?
බමුණුආරච්චි උන්නැහේ, කපොතිකා සුරාපානය කල හාමුදුරුවන්ගේ නම "සාගත". ඔය පුවත ගැන දැනගන්න ඕනෑනම් අඩුම ගානේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ "දැනුම සහ දැකුම" පොතේ 55 වැනි පිටුව කියවන්න! බමුණෝ කොහොමටත් තමන්ගේ නොදැනුම පිළිගන්න කැමති නැහැනේ...!