(දිල්රුක්ෂි ග්‍රේරු )
12 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා අද (13) ඇරැඹු සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (ජිට්) සියලු කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසීය.
අද දිවයින පුරා ගුරුවරු ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ වර්ජනයක් ගෙන ගිය ද අදාල විභාග රාජකාරී සඳහා යොදවා ඇති සියලු ගුරුවරු මේ වන විට සේවයට වාර්තා කර ඇතැයිද කොමසාරිස්වරයා සඳහන් කළේය.
මේ වන විට විභාග මධ්‍යස්ථාන 655 කදී විභාගය පැවැත්වෙන බවත් කිසිදු ගැටළුවකින් තොරව විභාගය ක්‍රියාත්මක වන බව කොමසාරිස්වරයා පැවසීය. විභාගය 18 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ අධ්‍යාපනය ඩිජිටල්කරණය වෙමින් යනවා. අපේ ගුරුවරු ගල් යුගයට යනවා!
මේ මිනිස්සු මාර තරහක් තියෙන්නේ ගුරුවරු එක්ක...ඒ මිනිස්සු ගන්නේ ඉතාම අඩු වැටුපක් ...රජයේ සුළු සේවකයෝත් ගන්නවා සැලකිය යුතු වැටුපක්... මේ ගුරුවරුන්ගේ ප්‍රශ්න කතා කරන්න කව්රුවත් නැහැ .පුදුම මහන්සියක් ගන්නවා ඉස්කෝල වල උගන්වන්නයි පැවරුම් කරන්නයි... පිට ඉන්න මිනිස්සු හිත ඉන්නේ වාරුවෙන් ගෙදර ගිහින් ආතල් එකේ ඉන්නවා කියලද?
මේක ගැන විවෘතව කතා කලොත්, ඇත්තටම ගුරුවරුන්ට ලැබෙන වැටුප ප්‍රමාණවත් නැහැ ලබාදිය යුතු සේවාව සඳහා. හොඳ ගුරුවරු අඩුවෙන් එක්වීමටත් අඩු වැටුප හේතුවක්. එකේම අනිත් පැත්ත තමයි ගුරුවරු ලබාගන්න(හෝ ඉල්ලා සිටින) පඩියට ප්‍රමාණවත් සේවාවක් ලබා දෙනවාද යන්න. හැමෝම නැතත් බහුතරයක් ගුරු සේවයට එන්නේ නිවාඩු ටික, මොකක් හෝ රැකියාවක් ඕනි කියන අවශ්‍යතාවය මත මත මිසක් දැනුම සහිත, ඉගැන්වීමට දක්ෂම අය නෙවෙයි. පාසලේ උගන්නන්න අසමත් කීදෙනෙක් ටියුෂන් පන්ති දක්ෂ අයුරෙන් කරනවද? පාසල නිවාඩු දමන ගුරුවරු ටියුෂන් පන්ති නිවාඩු දෙනවද? තමන්ගේ ටියුෂන් පන්තියට එන්න කියල අනියම් බලපෑම් කරනවද? පාසලේ අසමත් ළමයි ගැන නොසලකා, ටියුෂන් එකේ ළමයි සමත් කරන්න වෙහෙසේනවද? මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා අධ්‍යාපනයට ගැට ගැහිලා. හැබැයි වෘත්තීය සමිතිවලට පෙන්නේ ලැබෙන දේ මිසක් දියයුතු දේ නෙවෙයි.