රාජ්‍ය ආයතනයන් තුළ බුලත් විට, දුම්කොළ සහ පුවක් ආශ්රිත නිෂ්පාදන භාවිතය හා විකිණිම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය හිමි වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
ලොව පුරා පවතින රෝග අතුරින් වැඩිම අවදානමක් ඇති පිළිකා රෝගය දිනෙන් දින වැඩි වීම හේතුවෙන් එය පාලනය සඳහා පියවරක් ලෙස මෙම පියවර ගෙන තිබේ.
1985 වසරේ දී නව පිළිකා රෝගීන් වාර්තා වීමේ දල අනුපාතය ජනගහනයෙන් ලක්ෂයකට 31.6 ක් වූ අතර, 2011 වනවිට එම අනුපාතය 83.7 ක් දක්වා වැඩි වී ඇතැයි අමාත්‍යංශය පවසයි.
එමෙන්ම පුරුෂ පක්ෂයට වැඩි වශයෙන් මුඛ පිළිකාව වැළදෙන අතර, සාමාන්‍යයෙන් වසරකට නව මුඛ පිළිකා රෝගීන් 2500 ක් වාර්තා වන බවද, බුලත්විට සැපීම ශ්‍රී ලාංකික ජනතාව අතර සමාජීය හා සංස්කෘතික වශයෙන් පිළිගත් පුරුද්දක් වුවද එය මුඛ පිළිකා වැළදීම සදහා බලපාන ප්‍රධාන අවධානම් සාධකය ලෙස තහවුරු කර ගෙන ඇතැයිද අමාත්‍යංශය කියයි.
2015 වසරේ දී ශ්‍රී ලංකාවේ සිදු කළ බෝනොවන රෝග වලට අදාල අවධානම් සහගත පිළිබද සමීක්ෂණයට අනුව වයස අවුරුදු 18-65 ත් අතර වැඩිහිටි පිරිමි අතරින් 26% ක් සහ කාන්තාවන් අතරින් 5% ක් දුම්රහිත දුම්කොළ භාවිතා කරන බවට තහවුරු ඇතැයිද අමාත්‍යංශය පවසයි
දුම් රහිත දුම්කොළ අඩංගු ද්‍රව්‍ය නිෂ්පාදනය, ආනයනය, විකිණීම සහ විකිණීමට ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාව පුරා දැනටමත් තහනම් කර ඇත.
බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්රිත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කරමින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරිම මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හට ඒ සදහා අවශ්‍ය පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීම පහසුවක් වනු ඇතැයිද අමාත්‍යංශය සඳහන් කරයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැඳබීම අදට ගැලපෙන්නේ නෑ කිව්වා. පිටරටින් එන කිරිපිටි ෂෝයි කිව්වා. දැන් කියනවා බුලත්විට කන්න එපාලු (සිගරට් නම් කමක් නෑ කියමුකෝ.) මෙයා ඉස්සර හෙන වාමාංශිකයා දැන් දකුණට සිග්නල් දාලා රටේ දේශිය දේ හීන් නූලෙන් විනාශ කරන්න හදනවා කියලා නම් පේනවා...
බුලත්විට අනාදිමත් කාලෙක සිට මෙරටේ පැවති දෙයක්. පිළිකා සෑදෙන්නේ බුලත්විටම කියා කියනවානම් එය සාවද්‍ය මතයක් බුලත් විටෙන් පිළිකා නොසෑදෙනවා කියන්නේ නැහැ. එයටත් හේතුවක් තියෙනවා. සමහර නූගත් දුප්පත් කම්කරු වැනි රැකියා කරන්නන් සුලු පිරිසක් බුලත්විට කටේ එක හක්කක තියාගෙන සීනි කමින් තේකහට බොනවා. තවත් කෙනෙක් සීනි සමග කහටබී ඒ විගසම නැවත බුලත්විට කනවා. වටට ගන්නා හුණු සමග සීනි එකතුවුනාම තද බදාමයක් වැනි දෙයක් ඇතිවෙනවා. මේ බදාම වැනිදේ දත්වල මෙන්ම ගලනාලය හරහා අමාශය හා අන්ත්‍ර දකවාත් යන්න පුලුවන් එනිසාම සියලු වර්ගවල පිලිකා ඇතිවේයැයි කිව හැකිද.නැත වර්තමානයේ බොහෝ පිරිස් ක්ෂණික ආප්ප හා ඉඳි ආප්ප වැනි ආහාර ගැනීමට හුරුව සිටිනවා.මේ පිටි මිශ්‍රනයන් සකස්කිරීමට අලුහුණු විශාල වසයෙන් යොදාගන්නවා.ආප්ප හො ඉඳි ආප්ප ආහාරයට ගත් පසුව කිරිතේ එකක් හෝ තේ එකක් බොනවා.එවිටත් සීනි හා හුණු මිශ්‍රවෙනවා.වැඩි දෙනෙක් බුලත්විට නොකෑවත් ආප්ප හා ඉඳි ආප්ප කනවා.පිළිකා රෝගීන් ගෙන් වැඩි පිරිස මෙයින් කුමන අයද.
පන්සල්, විහාරස්ථානවල වැඩිහිටි ස්වාමීන්වහසේලා.. පණ්ඩිතලා.. නායකලා, හොඳට දුම්කොළ දාලා බුලත්විට කාලා.. හොඳට මත්වෙලා ඉන්නේ...
මේ රටේ ඉන්න බහුතර ජනතාවකට මෙය තේරෙන්නේ නැහැ. සමහරක් අයවලුන් පුවක් විතරක් හපනවා. මේවයේ අදිනවා තේරෙන්නේ... ඒ අයට ලෙඩක් හටගත් පසුවයි. ඒ වනවිට සියල්ල සිදු වී හමාරයි. ඒ විතරක් නොවෙයි මෙමගින් සිදුවන පරිසර දූෂණය, ඒ වගේම මම සියලුම පුරවැසියන් වෙනුවෙන් රජයෙන් ඉල්ලා සිටින්නේ, ශ්‍රීලංකාවේ මත්ද්‍රව්‍ය වලට ගෙනා නීතියට සමාන නීතියක් මෙම දේටත් ඉදිරිපත් කරන්න කියලා. මොකද මෙය මැඩපැවැත්වීමට...
එහෙනම් රජ කාලේ ඉඳලා තිබුණා බුලත් විටටත් දුන්න වැඩේ.
රියපදවන්නන්ටත් මෙය අනිවාර්ය වියයුතුයි.
කුඩු කිලෝ සිය ගණන් ගෙන්වන රටේ බුලත්විට මක්කටෙයි?
බුලත්විට කෑමේ පුරුද්ද ලංකාවෙන් එකවර තුරන් කළ නොහැක්කකි. මන්ද, එය දැනට සිටින පරපුරෙහි මැදියම් වයසේ හා මහළු අය අතර අත්නොහැරිය හැකි පුරුද්දක් බවට පත්වෙලා තිබෙන නිසා. මෙයා මුලින්ම රාජ්‍ය ආයතනවල පසුව දුම්රියේ, බස් රථවල හා පොදු ස්ථානවල සිදුකිරීම තහනම් කිරීම තුළින් ක්‍රමයෙන් අඩුකළ හැකි බවට රජය විශ්වාස කරනවා ඇති. ඊළඟ පරම්පරාව මත්උවදුරින් බේරා ගැනීමට මෙය හොඳ ප්රවණතාවකි...
අනාදිමත් කාලයක සිට කලා කියල හැම දෙයක්ම කරන්න ඕනෑද? බුලත්විට කෑම අනවශ්‍ය දෙයක්. ලෙඩ රෝග මෙන්ම පරිසර දුෂණය. එහෙම නම් ඉදිරි පරම්පරාවල සමහර අය කියාවි අපේ තාත්තත් කුඩු ගැහුවා සීයත් කුඩු ගැහුවා. මාමලත් ගැහුවා. එම නිසා නවත්වන්න එපා කියලා. දෙකෙන්ම වෙන්නේ මත් වෙන එක. ප්‍රසිද්ධියේ බුලත්විට කෑවොත් දඩ ගහන්න ඕනෑ. දුම්වැටිවලට කලා වගේ. නැතිනම් රටක් හදන්න බැහැ. ඉතා හොඳ වැඩක්...
රාජ්‍ය ආයතන වලට එන, දැන් ප්රභූවරු කියන අයව පිළිගන්නවත් බුලත් දෙන්න බැරිවෙයි නේද?