(බිඟුන් මේනක ගමගේ )
ගුරු - විදුහල්පති සේවා ඒකාබද්ධව හෙට(13) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් අ.පො.ස උසස් පෙළ සිසුන්ගේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට බලපෑමක් එල්ල වන බැවින් ඒ ගැන අවධානය යොමුකරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාට ලියුමක් යොමු කර ඇත.
සිය ඒකාබද්ධ විරෝධතාව ගැන මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සහ පළාත් අධ්‍යාපන ලේකම්වරුන් දැනුවත් කර ඇතැයි ද ඒ නිසා අදාළ සිසු පිරිසට ගැටලුවකින් තොරව විභාග කටයුතුවලට සහභාගීවීමට පහසුකම් සලසන්නැයි ද ගුරු සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලයි.
සිය වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා විභාග දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත්වන්නේ නම් ඊට කනගාටුව පළකරන්නේ යැයි ද ලංකා ගුරු සේවා සංගමය යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන්ට හම්බෙන සොච්චම් පඩිය වැඩි කරන්නේ කවදාද ?
ගුරුවරුන්ටත්-විදුහල්පතිවරුන්ටත් සිදුව ඇති අසාධාරනය දැක දැකත් ආණ්ඩුව තමන්ගේ දර දඩු ස්ථාවරය වෙනස් නොකරති!
මේ ප්‍රශ්න මුකුත් නැහැනෙ ඉල්ලීම් ටික ඉටු කරානම්.
ගුරුවරුන්ගේ ඉල්ලීම් ඉතාම සාදාරනයි. උපාදි තියෙන ගුරුවරෙක්ගේ වැටුප දිනකට රුපියල් 1000 ට අඩුයි. වතුකරයේ කම්කරුවන්ගේ වැටුප ට සමානයි බොහොමයක් ගුරුවරුන්ගේ වැටුප. හැබැයි මුළු සමාජයම බලාපොරොත්තු වෙන්නේ ඒ ගුරුවරයාගෙන් මුළු පරපුරක්ම ගොඩ දාගන්න. මෙතරම් වගකීමක් දරන ගුරුවරයෙක්ට අඩුම ගැනේ තමන්ගේ පදිංචියට ලග පාසලක් දෙන ක්රමවෙදයක්වත් තියෙනවද? දියුණු රටවල් හැම එකකම ගුරුවරුන්ගේ වැටුප සාපේක්ෂව ඉතාම ඉහලයි. ඔවුන්ගේ ගුරු සංගම් තම ප්‍රබලම. ලංකාවේ ගුරුවරු ආකල්පමය වශයෙන් වැඩ වර්ජන නොකරපු නිසා ඔවුන් ගැන කිසිම ආණ්ඩුවක් බැලුවේ නැහැ. සමහර ගුරුවරුන්ගේ වැටුප , අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ කම්කරුවන්ගේ වැටුපට සමානයි.
රට කන පාර්ලිමේන්තුවේ ඉන්න අයට තියන දීමනා හා වැටුප් දැක්කම ගුරුවරු වැනි රට හදන මිනිසුන් මෙහෙම වර්ජන කරන එක සාධාරණයි. ඒ මිනිස්සු තුට්ටු දෙකට වැඩ කර කර මේ රටේ ළමා පරපුර හැදුවේ නැත්තම් අපිට මෙහෙවත් රටක් ඉතුරු වෙන්නේ නෑ.
අපි දෙමව්පියන්ගේ අවවාද වලින් පසු ඊළගට නිසි අධ්‍යාපනයක් ලබන්නේ ගුරුවරුන්ගෙන් , ගුරුවරුන්ට ලැබෙන්නේ ඉතාමත් අඩු වැටුපක්, දෙවෙනි මව් වරුන් ලෙස සලකන ගුරුවරුන්ට සාධාරණයක් ඉටු කරන්න .