(තරිඳු ජයවර්ධන සහ නිමන්ති රණසිංහ)
පොලිස්පතිවරයා විසින් තමාට ලබා දෙනු ලැබූ නීති විරෝධී ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා අද ජාතික පොලිස් කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළේය.
නීත්‍යනුකූල නොවන ක්‍රියාවක් සම්බන්ධයෙන් පොලිස් ප්‍රධානීන් දෙදෙනකු ලබා දුන් නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකළ නිසා තමාට මෙම ස්ථාන මාරුව ලබා දී ඇතැයි ඔහු තම අභියාචනයේ සඳහා කර ඇතැයි පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතියක් නැතිව පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඉවත් කරනු ලැබුවේ පසුගිය සතියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප ඔබගේ අවංක සටනට සුබ පතන්නෙමු. අහිංසක මහජන බදුමුදල්වලින් වැටුප් ලබන නිල ඇඳුමට මුවාවී ඉන්න එම හිවලුන්ගේ නම් ගම් සදහන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ආයතනයේ ප්‍රධානියා ලෙස පොලිස්පතිට ස්ථාන මාරුවක්වත් දෙන්න බැරි තරමට අද දේශපාලනය රාජ්‍ය සේවය අාක්‍රමණය කරලද?
සමිත මහත්තයගේ කරුණු කාරනා ගැන තියන දැනුම තේරුම ගැන මට කණගාටුයි. පොලිස්පතිවරයාට හිතුමතේ තීරණ ගැනීම හා දේශපාලන බලපෑම් වලින් තොරව රාජකාරි කිරීමට හැකිවන පරිිිිදි ක්‍රියා කිරීම සඳහායි පොලිස් කොමිසමක් පත්කර තිබෙන්නේ... පොලිස්පතිවරයාට කොමිසම නොසලකා හැර කටයුතු කිරීමේ නීත්‍යායානුකූල හැකියාවක් නැහැ. නමුත් රටේ නීතියට ගරු කිරීම දැන් පිරිහෙනවා. ඒ අශික්ෂිත දේශපාලනය නිසා.