(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේදී අද(12) පස්වරුවේ පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
සමස්ත අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළද හෙට (13) දිනයේදී ජනාධිපති වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය දීමට සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් මේ විරුද්ධ පක්ෂ රංචුව වලිකන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් මේ රජය පෙරලා දැමීමට බව යලිත් වරක් සනාථ කර තිබෙනවා. කලින් ඔවුන් කිවුවා "අර පෝයට පෙර, මේ පෝයට පෙර" රජය පෙරලනවා කියා...පෝයවල් කිහිපයක් ගිය නමුත් රජය සිය කටයුතු නියමෙට කරගෙන යනවා. ඊට පස්සේ ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් එය කිරීමට ගොස් පස්ස බිම එන ගත්තා! "දින 52 තාවකාලික අගමැති" ඉන්පසුව කිවුවා එන පළමු තත්පරයෙදීම යලිත් වරක් බලයට ඒමට පුළුවන් හැම දෙයක්ම කරනවා කියල. මහා මැතිවරණය සහ ජනපතිවරණය කට ළඟ තබාගෙන නැවතත් දුම්මල වරම ගත් යක්දෙස්සන් වගේ උඩ පනිනවා රජය පෙරලා බලයට එන්න. මැතිවරණ එන තුරු ඉවසන්න බැරි මොකොද?
ජනාධිපති වැය ශිර්ෂයටත් විරුද්වධ ඡන්දෙ දෙනවද?
අද මාධ්‍ය වල තිබුනා අය වැයට විරුද්ධවත් ජනාදිපති වැය ශීර්ෂයට පක්ෂවත් ඡන්දය දෙනවා කියල. එක එහෙම නම් මුළු අය වැයම වැරදි එකක් වෙලා ජනාධිපති වැය ශීර්ෂය විතරක් හරි වෙන්නේ කොහොමද. මේගොල්ලන්ට ප්‍රතිපත්තියක් ඇත්තෙම නැත.
රටක විපක්ෂයේ වගකීම අයවැයේ සාමාන්‍ය ජනතාවට අසාධාරණයක් වෙන කොටස් පෙන්වා දීල අයවැය හරි මගට ගැනීම මිසක් , තම දේශපාලන බලය රැක ගැනීමට අයවය භාවිත කිරීම නොවේ , මෙවැනි ක්‍රියා නිසා රටේ ආර්ථිකයට වන විනාශය ගැනමොවුන්ට කිසිම තැකීමක් නොමැත
එක්සත් ජනතා සන්ධානය තියෙන්නේ කොහෙද ඒකට ඡන්ද කීයක් විතර තියෙනවද කියන්න පුලුවන්ද ?
මෙයාට ඕන නිතරම මූණත්තට්ටුව ප්‍රදර්ශනය කරමින් තමා මහ ලොකු චණ්ඩියෙක් කියලා ජනතාවට පෙන්වගන්න…... ඔක්තෝබර 26 කුමන්ත්‍රණය දවස්වල ශ්‍රීලනිපයට පයින් ගහලා හනික ගොහින් පොහොට්ටුවේ සාමාජිකත්වයත් ලබා ගත්තෙ මහින්ද මහත්තයගෙන් ඇමැති කට්ටක් ලබා ගන්න කියලා…. වැඩේ අංජ බජල් වෙලා ගියා නේ.
අයවැය හොඳ නැති මුත් ජනපති දැන් හොඳය. ජනතාවට හිතකර එකම දෙය ජනපති ට මුදල් වෙන් කිරීම පමණි . තර්කය වැටහේ . ජනපතිටත් ඔබලාටත් ජයම වේවා . අපිට කෙල වුනාට කමක් නැත.
ඉතාමත් හොද තීරණයක්
මේ අය වැය දුප්පතාට කරපු කිසිම සහනයක් නෑ
දැන් මේ අය අයවැයට විරුද්ද වෙන්නේ අය වැය ජනතා හිතවාදී නොවෙන නිසාද එහෙමත් නැත්නම් බලයට පත්වෙලා හොරාකන්න තියෙන හදිස්සියටද ?
සන්ධානෙ තීරණය ගැන කතා කළ යුත්තේ සන්ධානයේ උදවිය නේද? මේ කවුද?
1970 කාලයේ ඉන්දියාව හා පකිස්තානය අතර පැවති යුද්ධයේදී නැගෙනහිර පකිස්තානය ලෙස එතෙක් තිබුන පකිස්තානයේ කොටසක් යුද්ධයෙන් පසුව (1970 දී) නැගෙනහිර පකිස්තානය ලෙස වෙනම රාජ්‍යයක් වුනා. වර්තමානය වනවිට කොතෙක් ස්භාවික ආපදා කෙතෙක් තිබුනත් මේ වන විට ආසියාවේ සීග්‍ර සංවර්ධනයක් සිදුවන රට බවට පත්වෙලා. අපි නිදහස් රටක් වෙලා අවුරුදු 71 ක් පසුකර සිටියත් මොවුන් වැනි අය සිටිනතුරු 1948 සිටම කිවූ ලෙස තවත් අවුරුදු සියයක්වත් අපි ආසියාවේ සංවර්ධනය වෙමින් සිටින රටක් යැයි කියමු