( මනෝප්රිය ගුණසේකර )
හිටපු දිසා විනිසුරු රංජන් සෝමසිරි මහතාට එරෙහි නඩුවේ සාක්කි ලබා දීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලබන මැයි 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා අද (08) සිතාසි නිකුත් කළේය.
දිසා විනිසුරුවරයකු ලෙස කටයුතු කළ වසරක කාලය තුළ වැටුප් හා අදායම් වලින් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදල් හා හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් හිටපු දිසා විනිසුරුවරයාට මෙම නඩුව පවර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල සම්පුර්ණ නොවුනත්, අඩුපාඩු තිබුණත්, රටේ නීතිය බොහෝ දුරට සාධාරණ වෙමින් පැවතීම සතුටට කරුණක්. විනිසුරුවරුන් ඇතුළු සියලු නීති නිලධාරීන්ද, නීතිවේදීන්ද සර්ව බලධාරී දෙවිවරුන් නොව කෙලෙස් සහිත මිනිසුන්. එබැවින් එතුමන්ලාගෙන් වූ වැරදි වලටද නිසි අයුරු නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. ගමේ අසරණ පියදාසටත්, මේ අයටත් නීතිය එකසේ ක්‍රියාත්මක කරවීමට බුද්ධිමතුන්ට නුවණ පහළවේවා. ඇතැම් මෝඩ මන්ත්‍රීන් නඩු අසා අග විනිසුරුවරුන් එලියට ඇද දැමු රටක මේ තරමින් හෝ නීතියේ සාර්ථක බවක් පෙනීමම සතුටට කරුණක්. දෑස් කළු රෙදි පටකින් වසා දෙපැත්තටම සම වන සේ ඇති තුලාව අතැති නීතියේ දෙව්දුවගේ පවිත්‍ර චේතනාව වනුයේ නීතිය සැමට සාධාරණව හා සමබරව පවත්වා ගැනීමය. විනිසුරුවරුන්ට හෝ නීතියේ අනෙක් සියලු අංශ වලට හෝ දෙව්දුවගේ පක්ෂපාතිත්වයක් එයින් ගම්‍යමාන නොවේ. එබැවින් නීතිය සැමට එකසේ විය යුත්තේමය.
මෙම විනිසුරු අවංක පුද්ගලයෙක්... බලවත් නිලධාරීන්ගේ අවශ්‍යතා ඉටුනොකළ නිසා මීට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් දාපු නිසා පලිගන්න කරපු වැඩක්.