සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
පිඩාවට පත් පූර්ණ හානි සිදුවූ ගොවීන් 307ක් සඳහා මෙහිදී වන්දි ලබාදෙන බවත්, හානි වූ එක් අක්කරයක් සඳහා රජය විසින් රුපියල් 40,000ක් පිරිනැමීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වෙනුවෙන් රජය රුපියල් මිලියන 16ක් වැය කරනු ලබයි.
කෘෂි රක්ෂණ මණ්ඩලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් හානි සමීක්ෂණය සිදු කර ඇති අතර මෙම ගොවින් සඳහා වන්දි ප්‍රදානය මාර්තු මස 10 වැනිදා සිදු කිරීමට නියමිතය.
.
අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, පදියතලාව, අක්කරෙයිපත්තුව, එරගම, කල්මුනෙයි, නාමල්තලාව, පොතුවිල්, මඩාතගම, මධ්‍යම කදවුර ගොවිජන සේවා කොට්ඨාස තුළ සේනා දළඹු හානියෙන් පූර්ණ හානි වූ ගොවීන් වෙනුවෙන් වන්දි ප්‍රදානය සිදු කරනු ලබයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අර මොකද? ඇයි නියමු ව්‍යාපෘතියක් විදියට කොළඹ සම්මන්ත්‍රණයක් තියලා පටන් ගන්නේ නැත්තේ?
හරි අයියට නම් සේනාගෙන් අව්ලක් නැති පාටයි.
ගොවියාට මාසයක් ජීවත් වෙන්න විශ්‍රාම වැටුප රුපියල් 1200යි. මේවට විසඳුම් නැහැ. ගොවියා අනාථ වෙලා.
මේ දිනවල බණ්ඩාරවෙල එළවලු විකුණාගන්න බැහැ... විසිකරනවා. ගොවීන් අසරණයි.
ඡන්දෙට සල්ලි විසිකරන්නේ ගොවියෝ නෙවේනේ... ආර්ථික මධ්‍යස්ථානේ ඉන්න අතරමැදියෝ, ගොවිනිෂ්පාදන රටේ විසිරිලා ඉන්න පාරිභෝගිකයාට සාධාරණ මිලකට බෙදාහරින්න වැඩපිළිවෙලක් සකස් කළොත්, අතරමැදිය අමාරුවේ, ඉස්සර ඉඳන්ම අතරමැදියා ආරක්ෂා කිරීම තමයි දේශපාලකයා කලේ...