( රොමේෂ් මධුෂංඛ)
මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දිනයක් දැනුම් දෙන තුරු අද (08) සිට නැවත්වීමට මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතා නියෝග කර තිබේ.
මන්නාරම් සමූහ මිණීවලේ ඇටසැකිළි පිළිබඳ වූ කාල නිරණ වාර්ථාව ඊයේ (07) දිනයේදී මන්නාරම් අධිකරණයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව අද (08) දිනයේදී මන්නාරම් මහෙස්ත්‍රාත් වරයා විසින් කැනීම් සිදු කරන ලද විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට මෙම නියෝගය ලබා දී ඇත.
ඒ පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා මෙලෙස සඳහන් කළේය.
‘‘අද දිනයේදී මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් කටයුතු සිදු කරමින් සිටි විශේෂඥ වෛද්‍ය වරුන් ඇතුලු කැනීම් අංශ නිලධාරීන් සියලු දෙනා එම ස්ථානයෙන් ඉවත් වන අතරම , නැවත මේ මස 20 වනදාගෙන් පසු දිනක මන්නාරම් මහෙස්ත්‍රාත් ටී.සර්වනරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් හා කැනීම් සිදු කළ වෛද්‍යවරුන් මෙන්ම මහජන නියෝජිතයින්ගේද සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සිදු කරනවා.
මෙම සමූහ මිණිවලේ ඉදිරි කැනීම් කටයුතු සිදු කරනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගන්නේ ඊට පස්සේ.
එමෙන්ම මේ වන විට මන්නාරම් සමූහ මිණිවලේ මෙතෙක් සිදු කරන ලද කැනීම් වලදී මිනිස් සිරුරු කොටස් 342 ක් හමු වී ඇති අතර ඉන් සම්පූරණ මිනිස් සිරුරු කොටස් 330 ක් ඉවත් කරලා මන්නාරම් අධිකරණයේ තැන්පත් කර ඇති අතරම එම සිරුරු අතර කුඩා ළමුන්ගේ සිරුරු කොටස් 30 ක් තියෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවදුරටත් හොයන එක ඔතනින් හමාරවෙලා මාතලේ වල වගේම වැහිලා යයි. දුන්න ගේම වැඩ කරලා.
රට, ආගම, ජාතිය වෙනුවෙන් දිවි දුන් මිනිස්සුන්ගේ සමුහ මිනීවලකි. අද නම් මුදලට බුද්ධාගම පාවාදෙන නිවටයින් ඕනෑතරම්...
මෙම ඇටසැකිලි පෘතුගීසි, ලන්දේසි කාලේ එ්වලු..., ඉතින් මුලින්ම මේ පරීක්ෂණය කළානම්, මෙච්චර මුදලක්, කාලයක්, ශ්‍රමයක් වියදම් කරලා මේ මිනීවලවල් හාරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ...?
සුද්දන්ට මානව හිමිකම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි කියලා බයවෙලා වගේ
මෙම වාර්තා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කර පෘතුගීසින් හා ලන්දේසීන්ට විරුද්ධව මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කරාවිද?
උඩ තියෙන කමෙන්ට් වලින් පේනවා මිනිස්සුන්ගේ දැනුවත්කම. මේක අවුරුදු 500ක් පරණ ඇටසැකිලි කියලා දන්නේ නෑ තාම.
ඩයස්පෝරාවටයි, ලංකාවේ එන්.ජී.ඕ කාරයින්ටයි රස කර කර කන්න තිබුණු කටු ටිකත් ඉවරයි දැන්... දැන් ඉතින් නඩු කියපල්ලකෝ පෘතුගීසි කාරයන්ටයි, නෙදර්ලන්ත කාරයින්ටයි.
දැන් බලමු මානව හිමිකම් කොමිසම ගන්න පියවර මොකක්ද කියල.
ඔය කියන විදිහට මානව හිමිකම් කඩකරපු එකම පාර්ශවය ශ්‍රී ලංකා ආණ්ඩුව, ඉංග්‍රීසිකාරයෝ , පෘතුගිසි කාරයෝ, හොලන්ඩ් ජාතිකයෝ , අපේ රටට ඇවිත් මිනි මැරුවට අපේ මානසික හිමිකම් කඩ වෙලා නැහැ, කොටි පාර්ශවය මානව හිමිකම් සංවිධාන කියන විදිහට මානව හිමිකම් කඩකිරීමට විරුද්ධව අධිකරණයට ගෙනියන්න බැහැ ඒවා ඔවුන් කොලුකමට කරපුවානේ. කොහොමත් ඔවුන් විප්ලවවාදියෝනේ. ඔය ඇමරිකාව සහ ඉංග්‍රීසින් ඇෆ්ගනිස්තානේ , ඉරාකේ බෝම්බ දමලා ඒවාට මිනිස්සු මැරුණට ඒවා යුධ අපරාධ නොවේ , ඔක්කොම නඩු අපට
යාපනය පාලනය කරන ලද සංකිලි රජතුමා විසින් ඝාතනය කරන ලද දෙවියන් වහන්සේ වෙනුවෙන්, කතෝලික ආගම වෙනුවෙන් ජීවිතය පූජා කරන ලද, ප්‍රාණ පරිත්‍යාගී කතේලිකයන් ව මිහිදන් කරන ලද මිනී වල. මන්නාරමේ විසූ 600 ක් පමණ වූ භක්තිමත් කතෝලිකයන්ව ගැහැණුන් ළදරුවන් අතදරුවන්ව පවා අමු අමුවේ ඝාතනය කරපු ඒ ඉතිහාසය ලොවට කියන හොදම සාක්ෂිය මෙයයි. කරුණාකර මේ ගැන නිසි පරීක්ෂණයක් පවත්වා, වතිකානුව දැනුවත් කර ලංකාවේ අතීතයේ සිට ජීවත්වූ සැබෑ කතෝලිකයන්ට, ධර්මය වෙනුවෙන් දිවි දුන් කතෝලිකයන්ට නිසි සාධාරණය ඉටු කරන්න.
මේක දැනට අවුරුදු 500 කට විතර ඉස්සර සිදුවුණා සමුල මිනිස් ඝාතනයක් කියලා කාබන් සමස්ථානික කල නිර්නයෙන් ඇමෙරිකාවෙදීම ඔප්පුවෙලා තියෙන්නේ. ඒ කොටසත් මේ ප්‍රවුර්තියේ පල වුනානම් මේක සම්පුර්ණයි. මේක නවත්තන්නේ නැතුව දිගටම කරලා ජිනීවා එකට දෙන්න ඕනේ. අද මානව හිමිකම් ගැන කතා කරන සුද්දෝ එදා ලංකාව වගේ යුරෝපෙන් බොහොම ඈතක පිහිටි, ඔවුන්ට කිසිම බලපෑමක් නොකර අහිංසකව ජීවත් වුන මිනිසුන් මරලා දාලා ඔවුන්ගේ ඉඩම් බලෙන් අල්ලාගෙන ඒ ඉඩම් වලම ඔවුන්ව බලෙන් වැඩ කරන්න දාලා කරපු මානව හිමිකම් කඩකිරීම් වලට තියෙන සාක්ෂි මේවා. එදා මැරුන මිනිසුන්ගේ වටිනාකමක් නැද්ද. ඔවුන්ට මානව හිමිකම් නැද්ද? මිනිස් ජීවිතයේ වටිනාකම එහෙම වෙනස් වෙන්නේ නැහැ.
නඩු බෙදන්න ඕනෑ එංග්ලන්ඩ්, පෘතුගීසි සහ ඕලන්ද උන්ටයි...
බලාගෙන ගියාම ඒ කාලෙත් සිරකරුවන්ව දම්වැල් වලින් ගැට ගහලා තියෙනවා.
NGO ට මේව අදාල නැති නිසා මේකෙ වැඩ නවත්තනවද? එහෙම නැත්නම් ඉතිහාසයේ සිදුවුන මහා සමූල ඝාතනයක සුල මුල හොයාගන්නවද? එහෙම කලොත් උතුරේ සැබෑ ඉතිහාසය නැවත දිගහැරේද? නිජබිම සංකල්පයට බලපෑමක් වේවිද ?
වෙල්ලස්ස පැත්තේ මීට වඩා ප්‍රමාණයක් ඇටකටු තියෙන 1818 ට අයත් සොහොන් පිටි කොච්චර ඇත්ද!. හොයා ගත්තනම් සුද්දට නඩු දාන්ඩ නියම වැඩේ!
මේක හොඳ අවස්ථාවක්. දිගටම ශ්‍රාස්ත්‍රීය පරීක්ෂණයක් කරලා සාක්ෂි සහිතව විද්‍යාණුකුල ඔප්පු කරන්න. මෙතෙක් අපිට තිබුනේ පෘතුගීසි කරපු භිෂණය ගැන ඉතිහාස කතා විතරයි. මේකට ඉතිහාස පුරාවිද්‍යා අධිකරණ වෛද්‍ය මහාචාර්ය වරුන් සමන්විත් පුළුල් විද්වත් මණ්ඩලයක අවශ්‍යයි. නැත්නම් පරීක්ෂණ සාම්පල වල වැරදි කියලා පෘතුගීසිකාරයෝ ලිස්සයි. මේකට දේශපාලනය ගැවුනොත් නම් ඉවරයි.
අර පොලිස් නිලධාරියන් 600 වලලපු සමූහ වල හාරලා එම ඇටකටු ගොඩ අරන්, ඔවුන්ගේ නෑයන්ගේ DNA සමග ගලපලා, ඔවුන්ට සුදුසු ස්ථානයක ගව්රවනීය සුසන භූමියක භුමදානය කලොත් හොඳ නැද්ද? එතකොට මේ මෙලෙච්ච් ක්‍රියාව විද්‍යාත්මක සාක්ෂි සහිතව ජිනීවා වලට ගෙනිහින් කොටින්ගේ මෙලෙච්ඡත්වය නැවත වතාවක් ඔප්පු කරන්න පුළුවන්... ඇමරිකාව වැනි රටක නම් මේ මෙලෙච්ඡ ක්‍රියාවට වගකිවයුතු ත්‍රස්තවාදී නායකයෝ හොයලා මෙලහකට විදුලිපුටුවේ ඉන්දවලා.. අපි පසුගියකාලේ ඔවුන්ව මහමැති පුටුවල වාඩි කෙරෙව්වා. දේශපාලකයෝ, රණවිරුවන් දේශප්‍රේමය ගැන ලොකුවට කතා කළාට බල්ලෝ බලල්ලු වගේ මරලා එක ගොඩේ වලලපු පොලිස් නිලධාරීන් ගැන කිසිම කතාවක් නැහැ. රට වෙනුවෙන් ජීවිතය පුදකරපු එම නිලධාරීන්ගේ ඇටකටු ටිකට වත් නිසි ගව්රවයක් දක්වන්නේ නැති අපි මහා කුහක ජාතියක්. අපිට මෙහෙම වෙන එක පුදුමයක් නොවේ...
සමහර විට මේවා මහලෙඩ, එහෙම නැත්නම් වසූරිය හැදුනු අය වෙන්න ඇති.. ඉතිහාසයේ එහෙම කාලයක් තිබුණා ඔය පැත්තේ.. බලාගෙන අායෙත් එන්න පුළුවන්....
සම්පූර්ණ ඇත්ත. ඒ පොලිස් නිලධාරීන් පොළවේ සඟවපු ත්‍රස්තයාට නම් මදමුලනයා විසින් උප සභාපතිකමින් පිදුම් ලබා දුන්නා.
එකී අස්ථී ක්‍රි.ව. 1404 සිට 1642 දක්වා කාලයට අයත් යැයි ඒ පිළිබඳ කාබන් පරීක්ෂණ පැවැත්වූ ෆ්ලොරිඩාවේ බීටා ඇනලයිට්ස් ආයතනයේ වාර්තාවේ දැක්වේ. කාබන් පරීක්ෂාව අනුව මෙකී කාලය පෘතුගීසි සහ ලන්දේසි පාලන කාලයයි. බොහෝවිට පෘතුගීසි කාලයටත් පෙරයි. පෘතුගීසි මෙරටට ආවේ 1505 නම් 1404 ඒවා ඊටත් වසර සීයකට පෙරය. වත්මන් තාක්ෂණය අනුව මෙකී පුද්ගලයන්ගේ හැඩරුව පවා පරිඝනක ආශ්‍රිතව සැකසිය හැකිය. ඔවුන් කාගේ කව්දැයි හඳුනාගත හැකිය. ඒ සම්බන්ධ තාක්ෂණය සහ අත්දැකීම් බ්‍රිතාන්‍ය සතුව පවතී. පර්යේෂකයන් දැන් හැරිය යුත්තේ යුරෝපයේ උදව් උපකාර ලබා ගැනීමට ය. එකක් නම් අද පවතින්නේ එදා සිටි පෘතුගාලය හෝ එදා සිටි ඕලන්දය හෙවත් නෙදර්ලන්තය නොවේ. ඒ රටවල් දෙකම අද ලෝකයේ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී මානුෂවාදී රාජ්‍යයයන්ය. යටත් විජිත යුගයේ වාර්තා ඇත්තේ ඔවුන් සතුවය. තවත් වාර්තා ඇත්තේ බ්‍රිතාන්‍යය සතුවය. මෙහි සත්‍ය කතාව දිගහැර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඒ රටවල් සමග සාකච්ඡා ආරම්භ කර ඔවුන්ගෙන් ආධාර උපකාර ලබා ගත යුතුයි.
චානක මහත්මයා ඔබ හරි... නමුත් කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ පක්ෂ, පාට කුමක් වුවත් මේ මිනිසුන්ට යටත් වෙන්න අවසර දුන්න එජාපෙ දේශපාලකයන්ටවත්, කරුණාට නියෝජ්‍ය නායකකම දීපු මැදමුකලානේ මනුස්සයටවත්, පොලිස් දෙපාර්තමේන්තුවටවත්, මානව හිමිකම් කාරයින්ටවත්, ජිනීවා වලටවත්, මේ මිනිසුන්ට සාධාරණයක් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මහලොකු දේශප්‍රේමියෝ රට පාලනය කරන කාලේ මේ මිනීමරුවන්ට අපේ ත්‍රිවිද හමුදාවට කියලා සැලියුට් ගහන තැනට වැඩ කටයුතු කළා.
කරුණාකර මේ මිනිවලත් හැරලා මේ මිනිසුන්ට සාධාරණයක් කරන්න. මේ අවනඩුවත් ජිනීවා අරගෙන යන්න. රට, ජාතිය වෙනුවෙන් දිවි දුන් මේ විරුවෝ මැරුවත් මේ විරුවන්ගේ ඇටකටු හරි යුරෝපේ ඉන්න කොටින්ට , කරුණලාට විරුද්ධව සටන්කරාවි. මේ විරුවන්ගේ ආත්මයට සැනසීමක් ලැබෙන්නේ මිනීමරු කොටි යුරෝපෙන් සහ මුළු ලෝකෙන්ම ඇතුගාලා දමපු දිනටයි. පක්ෂ, පාට කෙසේවෙතත්, මේ රටේ සාරය උරාබොන කොන්ද පණ නැති දේශපාලන ලොක්කන් ගැන ඇතිවෙන්නේ විශාල කේන්තියක්... යුධ අපරාධ කියන්නේ මේවට, මේවා හරියට ඔප්පු කලොත් යුරෝපේ සැඟවිලා හිටියත් පරණ කොටින්ට එහෙ නීතියෙනුත් කිසිම සමාවක් නොලැබේ...
ගොඩක් හොඳයි සම්පුර්ණ විස්තර ඇතුලත්ය
ජීවීව සිට අජීව වූන ද්‍රව්‍ය වල වයස කියන කාබන් 14 ගැන දන්නවාද ? C =12
ගොඩක් හොදයි............
දැන් මෙතන තිබුන කලින් ප්‍රශ්ණය ඉවරයි. දැන් තියෙන්නේ පුරාවිද්‍යාව සම්බන්ධ ගැටලුවක්. පුරාවිද්‍යාව ඉතිහාසය කියන්නේ මේ පොතක කෑල්ලක් අල්ලගෙන දෙසාබාන එක නෙමෙයි. මේ කරුණ ගැන නිසි පුරාවිද්‍යා අධ්‍යනයක් තියෙන්නට ඕනා. පූර්ව නිගමන වල ඉදගෙන ඒවා ඔප්පු කරන්න කරන වැඩ විද්‍යාත්මක දේවල් නෙමෙයි. ආයෙත් කියන්න තියෙන්නෙ ප්‍රබල පූර්ව නිගමන තියාගෙන ඒවා සනාථ කරන්න පරීක්ෂණ කරනවා නම් ඒවා නිසි විද්‍යාත්මක පරීක්ෂණ නෙමෙයි තවත් එක දේශපාලනික ගේමක් විතරයි. කරුණාකරලා නිදහසින් පස්සේ අපේ අතීතේ හිටපු මොට්ටප්පාලුවෝ වගේ පොඩි දේත් යුද්ද වලට ජාතින් අතර ගැටුම් වලට ඇදන් යනනේ නැතුව නියම පුරාවිද්‍යා පරීක්ෂණයක් තියන්න විදේශ රටවලින් උපදෙස් සහ සහයෝගය අරගෙන. එතකොට නියම සත්‍යය ඔප්පු වෙයි.