(නිමල කොඩිතුවක්කු)
කොළඹ නගරයේ රාත්‍රී සමාජ ශාලා ආශ්රිත ප්‍රදේශවල හෙට (11) සිට අඛණ්ඩ රථ වාහන සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹදී අද(10) පැවැසීය.
රාත්‍රී සමාජ ශාලා ආශ්රිත ප්‍රදේශවල ඩිෆෙන්ඩර් සංස්කෘතියත් සමඟ මතුව ඇති බීමත්ව රිය පැදවීමේ කලාවට තිත තැබීමක් ලෙස පොලිසිය මෙම පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් රෝහණ මහතා මේ බව පැවැසිය.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා රථවාහන පොලිසිය මගින් සිදුකරන මෙහෙයුම් වැඩිකිරීමටද පොලිසිය පියවර ගෙන ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී පැවසීය.
බීමත් රියදුරන් එක්ලක්ෂ පන්දාස් අනු හතරක් ගිය වසරේදී අත්අඩංගුවට ගත් බව කී අජිත් රෝහණ මහතා බීමත්ව රිය පැදවු ප්‍රමාණය එමෙන් විසි ගුණයකටත් වඩා වැඩිවිය හැකි බවද සඳහන් කළේය.
පොලිස්පති නියමයෙන් පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල බස්නාහිර පලාතේ සිදුකළ මෙහෙයුම් වලින් පමණක් බීමත් රියදුරන් 527ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් ඉන් 183ක්ම කොළඹ නගරයෙන් පමණක් අත්අඩංගුවට බත් බවත් ඔහු පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම සහෝදර නිලධාරියාට සාධාරණය ඉටුකර ගන්න බැරුව තව පම්පෝරිත් ගහනවා.
අජිත් රෝහණ, ඔයා ඕක වෙන කෙනෙකුට දෙන්න. නීතිය ක්‍රියාත්මක කරන්න බැරි රජයේ නිලධාරීන්... මොවුන්ට තමයි ඉස්සෙල්ලම දඬුවම් දෙන්න ඕනෙ. කොන්දක් තියනවද කියලා බලාගත්තා නම් හොඳයි... දේශපාලකයන්ගේ අසූචි කනවට වඩා.
ඔය මොන සෝදිසිය කළත්, මම නම් හිතන්නේ පොලිසිය ඩිෆෙන්ඩර් වල ගමන් කරන උදවියට බයයි කියලයි.
ඔය සදිසි ඉතින් පොඩි මිනිහට විතරයි ඩිෆෙන්ඩර්වලට නම් නැතිවෙයි..
බීලා පදවලා අහුවුනත්, බීලා පදවලා හප්පලා මනුෂ්‍ය ඝාතනයක් කරලා අහුවුනත් "උසාවියේ දොරවල් වහලා නඩු අහලා" ඇප ලැබෙන බව දන්නා නිසා බලය ධනය හිමි ලොකු මිනිස්සු හිතනවා ඇති බීලා ගිහින් අහුවුනත් මොකෝ කියලා. රථවාහන පොලිසියේ ස්ථානාධිපතිට මෙහෙමනම් අපිව හප්පන් ගියොත් නඩුත් නැතිවෙයි.
ඕක දවස් කීයක් කරනවද මහත්තයො. ඔහෙලා නිකම්ම (නිකන්) ගිරව් විතරයි.
බීලා එලවලා මැරුණත් ලොකු මිනිහා නිදහස්... පොඩි මිනිහා බීලා එලෙව්වොත් තමයි වැරදිකාරයා වෙන්නේ... නීතිය දෙවිධියකට ක්‍රියාත්මක කරන්නේ මොකද?
පොලිසියෙන් නවත්තුවහම එක්කෝ කියාවි මාව දන්නේ නැද්ද මම අහවලා එහෙම නැත්නම් මම අහවලාගේ අහවලා, පොලිසිය එතකොට දෙකට තුනට නවිල ඇඹරිලා ඒ අයට යන්න අරිනවා. ඔය හාල් මැස්සෙක් දෙන්නෙක් අල්ලාගෙන මඩවනවා. ඔන්න ඕක තමයි ලංකාවේ ක්‍රමවේදය.
ඔය සෝදිසිය බලපත්‍ර නැතිව වාහන එලවා කහඉර උඩදී මිනිස්සු මරණ බේබිලාට වලංගු නැතිව ඇති නේද?
ඩිෆෙන්ඩර් නෙවෙයි දේශපාලක පැටවුන්ගේ සෙල්ලම් කාර් කිව්වා නම් තව නිවැරදියි.
මොන දේ කරත් ඔබතුමාලා පරිස්සමෙන් වාහනේ නතරකරනකම් පාරටනම් බහින්න එපා.
ඔය රාජකාරිය දීහන්කෝ ළමයෙකුට ...
ඔයත් හොඳයි අර 225 ට එකතු වුනානම්. අවශ්‍ය කරන ඉක්කොම සුදුසුකම් ඔයාට තියෙනවා රටම රවටන්න.
කිසිම විශ්වාසයක් නැති දේශපාලකයන්ගේ අසූචි කන කාලකන්නියෙක්...
ඔය රාජකාරිය ලතීෆ් මහත්තයට දුන්නොත් යම් බලාපොරොත්තු වගක් තියාගන්න පුළුවන්...
මුළු සමාජයම එකතුවෙලා කතිකාවකට එන්න ඕනි. රාත්‍රී සමාජ ශාලා යන දරුවන් ඉන්න දේශපාලකයෝ කවුද කියලා හෙළි කරගන්න. ඕනි කෙනෙකුට ඕවයේ යන්න පුළුවන් අර ඒ කාලේ වගේ පරම්පරාවෙන් ආපු බුදලෙකින් නම්. මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ දෙසනා කරපු පරාභව සුත්‍රයේ, සිගාලෝවාද සුත්‍රයේ එන පිරිහීමේ ක්‍රියාවන් නේද කරන්නේ. මෙවුන්ගේ මහා අය මේ රට හදාවී කියලා හිතන්න පුලුවන්ද?
මෙයා ඉතින් කොහොමත් නාට්‍ය රචකයෙක්නේ.., මතකද කන්ගැට්ටා සහ කටුගේ කඩුව නාට්‍ය - අනේ මන්දා මේ මිනිස්සු මහජන මුදලින් දුවා දරුවන්ට කන්ද අදින්න දෙන්නේ මොන හිතකින්ද කියලා...