(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතාල සාමාජිකයකු වන ‘වෙඩිකන්දේ කසුන්’ නමැත්තා පදිංචි වත්තල වෙඩිකන්දේ වත්තේ වල දමා තිබූ විදේශයේ නිෂ්පාදිත ගිනි අවි දෙකක්, නයින්.එම්.එම් වර්ගයේ උණ්ඩු නවයක් හා මැගසින් දෙකක් සොයාගත් බව පෑලියගොඩ පොලිසිය කියයි.
මහරගම ඇරැව්වල ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් කොල්ල කන ලද නිල් දියමන්තිය ළඟ තබා සිටියදී අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික සම්පත් හෙවත් ‘කැවුමා’ නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව මෙම ගිනි අවි සොයාගෙන ඇත.
එම ගිනි අවි දියමන්ති කොල්ලය සඳහා ඩුබායිහි බන්ධනාගාරගතව සිටින මාකඳුරේ මධූෂ් නමැත්තා එවූ බව සැකකරු වැඩිදුරටත් පැවසූ බව පොලිසිය ප්‍රකාශ කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd