(තිළිණි ද සිල්වා)
හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම හෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග නිකුත් කර තිබේ.
තරුණයින් 11 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් විසින් පැහැර ගැනීමේ සිද්ධියට අදාළව ලැබුණු ව්‍යාජ පැමිණිල්ලක් මත තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි කියමින් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ මූලික පෙත්සම් විභාගය අද අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී.
බුවනෙක අලූවිහාරේ, විජිත් මළල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග නිකුත් කරනු ලැබිණි.
මෙහිදී විනිසුරු මඩුල්ල කරන්නාගොඩ මහතාට නියෝග කර සිටියේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමෙන් වළකින ලෙසයි.
එමෙන්ම ලබන 11 වැනි දා පෙරවරු 9ට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද අධිකරණය විසින් කරන්නාගොඩ මහතාට නියම කරන ලදී.
මෙම නඩුවට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් කරන්නාගොඩ මහතා අධිකරණය හමුවේ පොරොන්දු වී තිබුණේ තමන් අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් බවටත් අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීමක් සිදු නොකරන බවයි.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද ,තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , වගඋත්තරකරුවන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා , නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න යන මහත්වරුන් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔය තීන්දුව දැනගෙන හිටියා. ඔය වගේ තව එකක් ලඟ එනවා.
මටනම් හරිම සතුටුයි. ඔබතුමාට බුදු සරණයි.
අධිකරණය තියෙන්නේ නඩු විසදන්නද නැත්නම් චුදිතයින්ගේ උස මහත තරාතිරම ආදිය බලල කටයුතු කරන්නද?
අපිට නම් අබසරණයි. අපේ නීතිය ගැන ඇතිවන්නේ සැකයකි.
මෙවන් නඩුවක් විභාග කල යුත්තේ චුදිතයන් අත්අඩංගුවට ගෙනයි ..