අංජුල මහික වීරරත්න
ජනාධිපති,අගමැති,විපක්ෂනායක යන සියලු තනතුරුවල වැය ශිර්ෂ සියල්ලම ඇත්තේ එකට වන හෙයින් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පමණක් පරාජය කරන්නට හැකියාවක් නැතැයි අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති ජේ.සී.අලවතුවල මහතා මාධ්‍ය හමුවකදී අද (7) පැවැසීය.
ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරන බවට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කර තිබූ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීයකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එලෙස ජනාධිපති වැය ශිර්ෂය පරාජය කරන්නට හැකියාවක් නැති බවයි.
පසුපෙළ මන්ත්‍රීවරුන් තම පෞද්ගලික අදහස් ක්‍රියාත්මක කරනවාදැයි නොදන්නා බව කී රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කටයුතු කළ යුත්තේ රජයක් ලෙස දිතා බවද කීය.
ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යංශවල වැය ශීර්ෂ පරාජය කිරිමට හැකියාවක් පවතින නමුත් ඒවාහි තීරණයක් ද ගෙන නැතැයි රාජ්‍ය ඇමැති ජේ.සී.අලවතුවල මහතා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසු පෙළ මන්ත්‍රීන් යයි කියාගන්න සමහරු අඩි හප්පලා මොරදෙන හැටි දැක්කහම මට නම් හිතෙන්නේ ලොකු කටුවක් තමන්ට නොලැබීමේ වේදනාව නිසා අඬනවා කියලයි. ලොක්කත් අඩි හප්පලා රිටන් එක දුන්නහම ඔය කවුරුත් කට වහගන්නේ නැද්ද බලමුකෝ.
ඒකවත් නොදන්න මන්ත්‍රීවරුන්ද මේ පාර්ලිමේන්තුවේ ඉන්නෙ? ඒ අයගේ අනිත් වැඩ ගැන කුමන කතාද?
මේ අය වෙන්නේ නැති බොරු වැඩ ගැන දෙසවමින් කාලය නාස්ති කරනවා.
පරාජය කලත් රුපියල් දහයලුනේ අඩු වෙන්නේ. හැබෑටම බලන්නකෝ රුපියල් දහයකින් මෙතුමා කරන විශ්මිත වැඩ.