(අංජුල මහික වීරරත්න)
අයවැය සභා විවාදයේදී ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කළහොත් සිදුවන්නේ ඒ සඳහා වෙන් කර තිබෙන සමස්ත මුදලින් රුපියල් 10ක් අඩුවීම පමණකැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යාල වියදම්වලට අදාළ වැය ශිර්ෂය පරාජය කළ යුතු බවට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබුණි.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ද ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කළ යුතු බවට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු අදහස් ඉදිරිපත් කළහ.
ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉහත අදහස් පළ වුවද රැස්වීමේ මුලසුන හෙඹවූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළේ අයවැය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ආණ්ඩු පක්ෂය ක්‍රියාකරන බවය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය විපක්ෂයට අදාළ පාර්ලිමේන්තු කටයුත්තක් ලෙස සම්ප්‍රදායානුකූලව සලකන අතර ඒ ඒ කාරක සභා වැය ශිර්ෂය සම්බන්ධ වියදමෙන් රුපියල් 10ක් කපා හැරිය යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරු සාම්ප්‍රදායානුකූලව යෝජනා කරති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන හා ස්ථාවර නියෝග අනුව අයවැය කාරක සභා අවස්ථාවේ කිසියම් වැය ශිර්ෂයක් පරාජයට පත්වුවහොත් සිදුවන්නේ වෙන් කර තිබෙන සමස්ත වියදමින් රුපියල් 10ක් අඩුවීම පමණකැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම විහිළුවක්නේ. මේ නීති හදන මිනිස්සුන්ට අමු කැවිලා හදපු නීතිද
අනේ මගේ කට.
පුදුමාකාර ව්‍යවස්ථාවක් හදාගෙන ඉන්නේ ආණ්ඩුවේ වැඩ වලට. ජනතාවගේ ව්‍යවස්ථාව ඕනෑම කෙනකුට ඕන ඕන විදියට වැඩ ටික කරගන්න හදලා තියෙන්නේ
කන්දක් වපුරලා මීයෙක් බිජුලාව වගේ වැඩක්නේ මේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට වෙන්න යන්නේ
ඔය ගණන් හදලා තියෙන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙන්න ඇති! නැත්නම් ඔතරම් සීරුවට ගණන් හදන්න දන්න කෙනෙක් මේ ලෝකෙ තාම ඉපදිලත් නැහැ, ඉපදෙන්නෙත් නැහැ!
මේ ජනපතිතුමා රට සවාරි වලදී තමන්ගේ පව්ලේ කට්ටියට අමතරව මුතුහෙට්ටි, ඩිලාන් එස්බී වැනි වැඩකට නැති අය රැගෙන යන්නේ මොන වැඩකට දැයි සිතෙනවා. මේවාට වැය වෙන්නේ රටේ ජනතාවගේ මුදල්. එබැවින් මෙතුමාගේ වැය පාලනය කිරීමට හැකිනම් රටට විශාල මුදලක් ඉතිරි වෙනවා.
රුපියල් 10 ට සුවීප් ටිකට් එකක්වත් ගන්න බෑ. පරද්දලා බලමු මොනවද කියන්නේ කියලා.