(ඉන්දිකා රාමනායක)
නීති විරෝධී මධ්‍යසාර ජාවාරම පිටුදැකීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අපේ‍්‍රල් 30 වැනි දිනතෙක් රටපුරා අඛණ්ඩ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (7) පැවසීය.
මෙම මෙහෙයුම් වලදී රාජකාරි පැහැරහරින සියලු පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි විනයානුකූල කි‍්‍රයා මාර්ග ගැනීමට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත, පොලිස්පතිවරයා මෙම මෙහෙයුම් සම්බන්ධයෙන් දිවයිනපුරා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඊයේ (6) සිට ලිඛිතව දැනුවත් කර ඇති බවත් එම ලිඛිත නියෝග අනුව මෙම මෙහෙයුම් සිදුකරන බවද රුවන් ගුණසේකර මහතා පැවැසීය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
මෙම මෙහෙයුම් සඳහා මහජනතාවට සහය දැක්විය හැකි බවත් ඒ සඳහා විශේෂ දුරකතන දෙකක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිතකර ඇති බවද හෙතෙම කියා සිටියේය.
ජාවාරම් හා ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත්
011-3024820 , 011-3024848, 011-3024850 යන අංක වෙත හෝ 011-2472752 යන ෆැක්ස් අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඉල්ලා සිටියි.
නීති විරෝධී මධ්‍යසාර විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීමේ දී මෙතෙක් අනුගමනය කළේ සැකකරුවන්ට පොලිසියෙන් ඇප ලබා දී පසුව වෙනත් දිනයක අධිකරණයට ඉදිරිපත් කිරීම වුවද නව වැඩපිළිවෙළ යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට පොලිසියෙන් ඇප ලබා නොදී ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට පොලිස්පතිවරයා ලිඛිතව උපදෙස් ලබා දී ඇත.
යම් පොලිස් ස්ථානයකින් වැටලීම් සිදු නොකරන ස්ථාන තිබේනම් ජනතාවට එම ස්ථාන සම්බන්ධයෙන් ඉහත දුරකතන අංශ ඔස්සේ දැනුම් දිය හැකි බවත් එම තොරතුරු අනුව විශේෂ ඒකක වල නිලධාරීන් යොදවා එම වැටලීම් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.
මධ්‍යසාර මෙරටින් තුරන් කිරීම සඳහා සිදුකරන මෙහෙයුම් වලට අමතරව ජාවාරම්කරුවන් දැනුවත් කර ඔවුන් එම කි‍්‍රයාවෙන් මුදා ගැනීමද මෙම වැඩසටහන හරහා සිදුවන බවද ගුණසේකර මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පතිතුමනි වැඩිපුරම හොර මත්පැන් පෙරන්නන් හා අනුබල දෙන්නන් ඉන්නා තැන දියවන්නාව වේ. වැටලීම් එතැනින් පටන්ගන්න.
ඔය මොන නීති දැම්මත් අන්තිමේදී අහුවෙන්නේ කසිප්පු පෙරන තැන්වල වැඩ කරන අයයි. මත්කුඩු ව්‍යාපාරය මෙන් කවදාවත් ඕවා පිටුපස සිටින මුදලාලිලා අහුවන්නේ නැහැ.
රටක නීතියට අනුකුලව මත්පැන් ටිකක් බොන්න මිනිස්සුන්ට දී ඇති අවසරය නිසා ඒ රටට සෑහෙන තරමේ බදු ආදායමක් ලැබෙනවා. මේ නිසා ජනතාවගේ පැත්තෙන් බලනා විට ඔවුන්ට විස නොමැති ප්‍රමිතියක් සහිත මත්පැන් මිලදී ගැනීමට හැකිවෙනවා. මත්පැන් මිල ජනතාවට දැරිය හැකි මිලක පවතිනවිට ඔවුන් අඩු මිලට ඇති හොර කසිප්පු බීමට පෙළඹෙන්නේ නැහැ. ඒත් රජය විසින්ම නිතර නිතර මත්පැන් මිල ඉහල දැමීම නිසා අඩු ආදායම් ලබන මිනිසුන් හොර මත්පැන් සොයා යාම සිරිතක්. මේ දේ නොදන්නා සමහර දේශපාලකයන් නිසාම හොර කසිප්පු වලට මිනිසුන් ඇබ්බැහි වෙන බව එම දේශපාලකයන් කිසිවිට දන්නේ නැහැ.
සාමාන්‍යයෙන් ඉගෙන ගත අය කසිප්පු බොන්නේ නැහැ