(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ඒකාබද්ධ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා පවත්වාගෙන යන සාකච්ඡා මාලාවේ මීළඟ සාකච්ඡාව විපක්‍ෂ නායක කාර්යාලයේ දී මෙම මස 14 වැනිදා පැවැත්වෙන බව එම සාකච්ඡා කමිටුවේ සාමාජික, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, ප‍්‍රධාන සංවිධායක ඩලස් අලහප්පෙරුම සහ විශ්ව විද්‍යාල ආචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුනුත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර, තමන් සහ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස යන මහත්වරුනුත් සහභාගී වීමට නියමිත බව ද තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
මේ වන විටත් එහි මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙන බව කී මන්ත‍්‍රීවරයා ඒ සඳහා පක්‍ෂ දෙකෙහිම සාමාජිකයින්ට විශාල උවමනාවක් සහ අවශ්‍යතාවයක් තිබෙන බව ද ප‍්‍රකාශ කළේය.
තිලංග සුමතිපාල මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ල, සිය නිවසේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඔක්කම දේශපාලනයට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නේද? ආත්මාර්ථකාමි දේශපාලකයන් හින්ද දැන් නිකන් බොරුවට කාලය නාස්ති කරනවා එකමුතු වීමට. ඡන්ද දායකයන් දැන් පක්ෂයක් ගැන එතරම් උනන්දුවක් නැති බව සැමටම තේරෙන්න ඕන. ඔය ගතකරන කාලය මිඩංගු කරලා රටේ අවශ්‍යතාවයට ඔබින සංවර්ධන සැලැස්මක්, අපරාධ මර්ධන සැලැස්මක් සහ දූෂණ සහ රාජ්‍ය දේපල වංචාවන් මැඩලන සැලැස්මක් හදලා ඡන්ද දායකයන්ට ඉදිරිපත් කලානම් ඉදිරියට පසුතැවෙන්න වෙන්නේ නැහැ. ඔය දෙගොල්ලෝ ඇන කොටා ගන්න තරමට ඡන්ද දායකයන්ට ඔය අය එපා වෙනවා වගේම විරුද්ධ පක්ෂවල අයටත් නිකම්ම ලකුණු වැටෙන බව මතක තියාගන්න. දැන් කාලේ අපි අලියට නැත්තම් අතට කියල ඡන්දෙ දෙන්නේ බොහොම ටික දෙනයි. මමත් ඒ වගේ එක්කනෙක්!
ඕවා කරාම හරියයි