බීමතින් රිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්රී කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇප මත නිදහස් කිරීමට අනුරාධපුර මහේස්ත්රාත්වරයා අද (7) නියම කළේය.
ඉකුත් මාර්තු 1 වැනි දා අනුරාධපුර නගරයේ දී කාන්තාවක හා ඇගේ ඥාතී දියණියක හප්පා අනතුරක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්රීවරයා අත්අඩංගුවට ගැණිනි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය නිසා ඉතා විනයගරුක පක්ෂයක් වූ ජවිපෙ කිර්ති නාමයට හානියක් සිදුවුනත් 1993න් පසු පක්ෂය ගොඩ නැගීම සඳහා ලාල් කාන්ත සහෝදරයා සිදු කළ උදාර කැපකිරීම් සලකා බලා තවදුරටත් ඔහු පක්ෂය තුල රඳවා ගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු. ඔබ අතින් එවැනි වරදක් සිදුවී ඇත්නම් අනාගතයේ එය නිවැරදි කර ගැනීමට තරම් බුද්ධියක්, දිරියක් සහ උවමනාවක් ඔබට තිබෙන බව අපි විශ්වාස කරමු. ඉතා දුෂ්කර තත්වයෙන් තුල අනේක දුක් කම්කටොලු විඳිමින් වැඩකරන ජනතාව පක්ෂය තුලට එක්කර ගැනීමට දිවා රැයේ වෙහෙසී වැඩ කළ ඔබ ජයග්රහණයේ අරුණළු පෙනෙන මොහොතක අත්හැර දැමීමට නොහැකිය.
ලංකාවේ අනෙකුත් දේශපාලන නායකයයින් විසින් සිදුකරනු ලබන වැරදි ස්ත්රී දුෂණ, මාරක රිය අනතුරු, සහ රාජ්ය දේපොළ සොරකම් කර ඔවුන්ගේ දේශපාලන බලය නීතියට යටකර පලායන රටක මෙවැනි පක්ෂයක ඔබ වැනි ජනතා නියෝජිතයෙක් යම්තාක් දුරකට හෝ පවතින නීතියට ගරු කරපු එක ආදර්ශයකි .
මෙවැනි වැරදිවලට සමාව දීම වරදක් නැහැ. නමුත් මෙවැනි වැරදි ඉදිරියේදී නොකළ යුතුයි.
පක්ෂේ ප්රතිපත්ති කුමක් වුණත් මත්පැන්බිල වහනය ධාවය කරන එක අනුමත කරන්න බැහැ..... බීල ගිහින් අනතුරක් වුණහම දේශපාලකයන් කරන්නේ පැනල ගිහින් වෙන කෙනෙක් ඉදිරිපත් කරන එක , නමුත් ලාල් කාන්ත පොලිසියට එවෙලේම ඉදිරිපත් වුණා..... මෙම අනතුරෙන් ජිවිත හානියක් නැහැ , නමුත් ලාල් කාන්තාව සතියකට වැඩි කාලයක් රිමාන්ඩ් කරලා තිබ්බ , පසුගිය සතියේ කථිකාචාර්යවරයෙක් කොළඹදී මත්පැන් පනයකර තම ජීප් රථය පදවල කල අනතුරකින් පාරේගිය මනුස්සයෙක් මැරිලා , ත්රිරෝධ රථ කිහිපයකට අනතුරක් වෙලා තවත් කිහිප දෙනෙකුත් තුවාල වෙලා , නමුත් ඔහුව පැය කිහිපයක් ඇතුලත ඇප පිට මුදා හැරිය , මම දන්නා විදිහට ඔහු එක රාත්රියක් වත් ඇත අඩංගුවේ ගතකලේ නැහැ . මේ සිද්ධි දෙක සන්සන්ධනය කරන කොට , මෙතන දේශපාලන පලිගැනීමක් වෙලා තියෙනවා එහෙම නැත්නම් කථිකාචාර්ය වරයාට විශාල බලයක් තිබෙනවා කියල මට සාධාරණ සැකයක් ඇතිවෙනවා ,