(ඉන්දිකා රාමනායක)
නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවාඩු නිවස්නයේ රාත්‍රීයේ පිස තිබු ඌරුමස් ව්‍යාංජනය ප්‍රමාණවත් නොවන බව පවසා බහින්බස් වී එම නිවස්නය බාර පොලිස් පරීක්ෂකවරයාට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
සිද්ධයෙන් පහර කෑමට ලක් වූ පොලිස් පරීක්ෂක දයානන්ද අලහප්පෙරුම මහතා කර තිබූ පැමිණිල්ලක් පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතා වෙත යොමුකිරීමෙන් පසු මෙම පරීක්ෂණ ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.
සිද්ධියේ චෝදනා එල්ල වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දමයන්ත ශි‍්‍ර විජය මහතා වෙත බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කළ සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායම නුවරඑළියට ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත යොමු කළ පැමිණිල්ලට අනුව මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය බිරිඳ හා දරු දෙදෙනා සමඟ මෙම නිවස්නයට ගොස් සිටියදී ඉකුත් 27 වැනි දින රාත්‍රීයේ මෙම සිද්ධිය සිදුව ඇති බව පැවසේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නිවාඩු නිකේතනයටය උරුමස් කිලෝ එකක් ද රැගෙන ගොස් ඇති අතර ඉන් කොටසක් එදින රාති‍්‍ර ආහාරය සඳහා පිසින ලෙසට සේවකයන්ට දැනුම් දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
එදින දරුවන් හා බිරිඳ රාත්‍රී ආහාර ගැනීමෙන් පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රාත්‍රී කෑමට පැමිණ ඇති අතර එහි කෑමට තිබු උරුමස් ප්‍රමාණය මදිවීම නිසා පිස ඇති මස් ප්‍රමාණයේ අඩුවත් ඇති බවට පවසා මුළුතැන්ගෙට ගොස් පිසු භාජන පරීක්ෂාකර බලා සේවකයන්ගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වේ.
පසුව නිවස්නය බාර පොලිස් පරීක්ෂකවරයා ද ගෙන්වා මේ සම්බන්ධයෙන් විමසා බහින්බස් වී මෙම පහර දීම සිදුකර ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වේ.පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා නුවරඑළිය දිස්ති‍්‍රක් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාගෙන සිද්ධිය පැමිණිලි කර තිබුණි.
එම පැමිණිල්ල අනුව විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණය ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ වැදගත් මහත්වරු අතරේ නොවැදගත් මහත්වරු විතරක්ම නොවෙයි නොවැදගත් අයත් ඉන්නව කියන එකයි අප තේරුම් ගත යුතු දේ. ඉතින් මේ වගේ අය අතිිිින් පොදු මහජනයා සාධාරණය ඉටුවෙයි කියලා හිතන්නේ කොහොමද?
"පොලිස්පතිතුමනි, ලැජ්ජයි. ඇත්තටම මගේ රට ගැනම ලැජ්ජයි. ඌරුමස් ටික මදිවෙලා ඒ ආයතනය බලාගන්නා පොලිස් පරීක්ෂකට පොලිස් ලොක්කෙක් පහරදීලා. මේ ඔබේ ආයතනයේ ප්‍රශ්නයක්. තව ටිකක් හොයා බලන්න. ඔය කියන ඌරු මස් අරන් තියෙන්නේ මුදල් ගෙවලාද එහෙම නැතිනම් මස් කඩකාරයාට පොලිසියේ 'බොරු පාට් දාලා බය කරලාද කියලා. පොලිසියේ ලොක්කොයි කියන අය බොහෝ වෙලාවට මස් මිලදී ගන්නේ නැහැයිලු. මස් කඩකාරයා පොලිස් නිලදාරියට මස් ටිකක් අල්ලසක් ලෙස දෙනවාලු. ඉතින් මස්කඩකාරයත් පොලිසියේ ආරක්ෂාව තියෙනවාලු. ඒ මුවාවෙන් තමයි මි හරක් මස්, දඩ මස් වගේ දේවල් විකිනෙන්නේ.
හා...හා... දිනපතා භාවනා කර දවස පටන්ගන්නා අයත් ඌරු මස් කනවද?
පොලිසියට බැඳෙන හැම කෙනෙක්ම පොලිසිය තුලදී හදන්නට බැහැ. සමහරුන්ගේ ජන්ම ගති නිවැරදි කල නොහැකිය.
ඩයස්, පොලිසියේ ඉන්න ඕනෑම නරුමයෙක්ව හදන්න පුළුවන් එහෙම බැරිවුනොත් මකවන්න පුළුවන් මිනිස්සු මේ රටේ ජීවත්වෙනවා.
ඌරුමස් වලට තිබෙන පෙරේතකම නිසා පොලිස් පරීක්ෂකට තඩි බාලා තියෙන්නේ. මොහුට කිලෝ 5ක් විතර උයලා දීලා එකවර කාලා ඉවර කරන්නට දෙන්න. නැවත පෙරේත වෙන එකක් නැහැ. අහන්නත් අප්පිරියයි මේ නිවුස් එක.
පොලිස් පොඩ්ඩන්ට අත් උස්සන පොලිස්පතියෙක් ඉන්න රටක මේ සිද්ධිය පුදුමයක් නොවේ.
රජගහනුවර , එක්තරා රජකෙනෙක් මත්වතුරෙන් සප්පායම්වී ආහාරය සඳහා මස් නැති නිසා තම බිලිඳු දරුවා මරා, අරක්කැමියා ලවා පිස කෑමට ගත්තා කියලා දහම් පොත්වල සඳහන් වෙනවා. වර්තමානයේ පොලිසියේ යුව රජකෙනෙක් මේ කරලා තියෙන වැඩේ ගැන පුදුම වියයුතු නැ. අනේ කාලේ වනේ වාසේ කියන්නේ ඕකයි.. සසර ගමන බොහෝ දුරයි.
නීතිය රකින ආයතන වලම නීතියක් නැතිවීම ඛේදවාචකයක්. ලංකාව මේ වෙද්දී මෙහෙම තිබීමත් පුදුමයක්. නීතියක් කියන්නෙ මොකක්ද, නීතියක් තියෙන්න ඕන මොකටද කියලවත් දැන් ලංකාවෙ මිනිස්සුන්ට තේරුමක් නෑ. ඉතින් නීතියක් රැකෙන්නෙ කොහොමද?
කන්න ගත්ත බත් පත, හිඟන්නෙක් දුගියෙක් යාචකයෙක් ආවොත් තමන් බත් කන එක නවත්තලා, බත් පත හිඟන්නට කන්න දෙන මිනිස්සු ඉන්න රටක් මේක. පොලිසියේ ඉන්න ලොකු මහත්තයා තමන්ගේ බිරිද දරුවෝ එක්ක විනෝද වෙන්න යනකොට අරන් ගිහින් තියෙන්නේ ඌරුමස් කිලෝ එකක්නේ
පොලිසිය මෙහෙම හැසිරෙනකොට කොහෙද විනයක් හදන්නේ ජනතාවගේ. ලැජ්ජයි. එ්කත් පොලිස් නිකේතනය ඇතුලේ. මිනිසකුගේ පසුබිම ඔහු කරන රැකියාවට අනිවාර්යෙන් බලපානවා කියන එකට මේක හොඳ උදාහරණයක්..
ළමයි දෙන්නයි නෝනයි සේරම ටික කාලා මට පෙනෙන විදිහට
අපි නම් දන්නේ අනුන්ගේ මස් වලට මරාගන්නේ වන සතුන් පමණයි කියලයි . මේවා අහනකොට අපි වැරදිනේ එහෙනම් ..