(බී.ජී. චතුරංග)
ශ්‍රී ලංකාවේ පොලිසියට ගොරකා, දඩ මස් කරන්නත් දඩ මස්, ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොදින් දන්නවා. පොලිසිය කියන සියලු දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නෑ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවැසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිට මෝසමක් මගින් ඇප ලැබීමෙන් අනතුරුව අද (7) අනුරාධපුර උසාවිය අසලදී ය.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා.
"පසුගිය පළමු වැනිදා මා පැදවූ කැබ් රථය, යතුරු පැදියක ගැටී අනතුරක් සිදු වුණා. මම කණගාටු වෙනවා එම රිය අනතුර, වලක්වා ගන්න බැරි උන එක ගැන. එක පැත්තකින් මා සතුටු වනවා මීට වඩා බර පතළ හානියක් නොවී එතුමියගේ ජීවිතේ මට බේරා ගන්න ලැබීම පිළිබඳව. එම මොහොතේ පාලනයෙන් තොරව පැමිණි යතුරු පැදිය තමයි මගේ වාහනයේ ගැටුණේ.
ඒක තමයි ඇත්ත තත්ත්වය,පොලිසියේ විමර්ශන කටයුතු වල සිටියා, අපි ඒ විමර්ශන කටයුතු කර ගෙන යන්න ඉඩ හැරියා. පස්සෙ රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කළා, එතැනින් පසුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරා, ඊට පසුව මෝසමක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලැබුණා.
මුලින්ම රෝගියා සම්බන්ධයෙන් අපි මොකක්ද කරන්න පුළුවන් කියලා බලලා, ඒ සම්බන්ධයෙන් උපරිම කටයුතු කරනවා. නීතිඥයන් බොහෝ දෙනෙක් මේ කටයුත්තට මා වෙනුවෙන් පෙනී සිටියා. ඒ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා.
නීතියට අනුව මේ දේවල් සිද්ධ වුණා. අපිත් එක්ක එක එක ඇරියස් තියෙන අය ඉන්නවා. දේශපාලන ඇරියස් තියෙන අය ඉන්නවා, එක එක න්‍යාය පත්‍ර වල වැඩ කරන අයත් ඉන්නවා.
පොලිසියේ ඇතැම් වාර්තා පිළිබඳව අපට ප්රශ්නකාරී තත්ත්වයක් තිබෙනවා. ඒවා අපි නීතියෙන් අධිකරණයට ඒවා ඉදිරිපත් කරලා අධිකරණයෙන් විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා."


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය කියන්ට හදන්නේ බීවේ නැහැ කියලද. පාලනයෙන් තොරව කාන්තාව ආවනම් කරන්ට තිබුනේ අයින් කරලා වාහනේ නතර කරගන්නේ එකනේ.
බිව්වද නැද්ද කිව්වේ නැහැනේ
ඔන්න ඉතින් පණ්ඩිත කතන්දර කියනවා. මුන්දෑ අනතුර සිදුවීමෙන් පසු පලා නොගිය එක අප අගය කරන්නෙමු. නමුත් දැන් මේ කියන්න යන්න මම සුදනා කීමටද ??
කිරි කළයකට ගොම බිඳක් දාගත්තා වගේ දෙයක් සිද්ධ වුණේ….ලාල්කාන්ත සහෝදරයා දැන් 1]ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීම 2]ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වීම 3]ජවිපෙ න් ඉල්ලා අස්වී වෙනත් විනය නොතකන පක්ෂයට යාම 4]දිගටම නඩු කතා කිරීම යන කරුණුවලින් එකක් තෝරා ගත යුතුයි
පොලිසිය පමණක්ම නොවේ, බොහෝ විට ඔබතුමාලා කරන්නෙත් "ගොරකා දඩ මස් කරලා" ජනතාව මුලා කරන එක නේන්නම්. කෙසේ වුවත්, ලංකාවේ පොලිසිය "කොරහේ කිඹුල්ලු" නම් පෙන්වන්නේ නැහැ. ඒ වගේම තරුණ පරම්පරාවට, පොලිසිය විසින් ඔබතුමාලා තරම් හානියක් නොකරන බව අප පිළිගත යුතුයි. අනතුරක් සිදුවීම තුල කිසියම් සාධාරණයක් තිබුනත් බීමතින් රිය පැදවීමෙන් සමාජ අසාධාරණයක් සිදු කල බව, මේ ආත්ම වංචාවක යෙදෙන මහතුන්ලා පිළිගත යුතුයි.
දේශපාලකයෙක් මත්පැන් ටිකක් පාවිච්චි කරන එක ගැන අපට ගැටළුවක් නැහැ. ඒත් මේගොල්ලෝ කතා කරන්නේ, සුද්ධවන්තයින් වගේනේ. අනතුර සිදුවීම කෙසේ වෙතත්, බීමතින් රිය පැදවීම නීති විරෝධියි. අඩුතරමේ බොරුවට අනුන්ට දොස් නගන්නේ නැතිව, ඒ වරද පිළිගත්තා නම් ඉවරනේ.
බීලද හිටියේ? නැද්ද? ඇයි ඒ ගැන නොකියන්නේ?
ඔන්න අද නම් බිලා නැහැ.
අනතුර සිදු වුනේ වෙනත් වාහනයකට ඉස්සර කරන්න යාමෙදිනේ. ඉතින් මෝටර් සයිකලය අපරික්ෂාකාරිව අවා කියලා කියන්නේ කොහොමද? ඔබේ දේශපාලනයේදී වගේ මෙතනදීත් බොරු එපා.
ලංකාවේ තිබෙන්නේ මහා පුදුම ක්‍රමයක් සැකකරුවෝ මාධ්‍යය ප්‍රකාශයන් දෙමින් නීතියට අභියෝග කරනවා. ලෝකයේ කොහෙවත් මෙවන් විකාර දකින්න ලැබෙන්නේ නැහැ.
අපි කියනවා බීලා ගිහින් අනතුරක් කලානම් කට වහගෙන නීතියට කරන දේ කරන්න ඉඩ දෙන්න කියලා ..
ගොරකා දඩමස් වෙන්න වගේ හදන්නේ. මහින්දගේ වුනත්, රනිල්ගේ වුනත්, ජවිපෙ වුනත් වෙනසක් නැහැ. දේශපාලකයන්ට වෙනම විශේෂ නීති තමයි. බලන්නකෝ මොකද අන්තිමට වෙන්නේ කියලා.
අනේ මෙහ්. දැන් බැලුමක් පුම්බල විස්තරේ යටගහන්න වත්, ගොරක වත් දඩමස් වත් වැඩක් නැහැ, මිනිස්සු දන්නවා ඇත්ත එනිසා පාඩුවේ හිටියනම් නැත්නම් මොනවා වෙයිද දන්නෑ
ඒ කත බීලා ආවද දන්නේ නැහැනේ.
අපි දඩමස් ගොරකා කරන එක පටන් අරගෙන හොඟක් කල් 2020 දී ඔහෙලව 2 ට බස්සනවා.