ජම්මුහි ප්‍රධාන බස් නැවතුම්පළකට අද(07) එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 30ක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පිපිරීමෙන් බස් රථ රියදුරුවරුන් හා කොන්දොස්තරවරුන් තුවාල ලබා ඇතැයි පැවසේ.
තුවාල ලැබූවන් රෝහල් කරා ගෙන ගොස් ඇත.
බස්රථයක් යට මෙම බෝම්බය සගවා තබා ඇති බව පොලිසිය කියයි.
මේ වනවිට පිපිරීම වූ බස් නැවතුම්පොළ ආසන්නයට ජනතාව රැස්වෙමින් සිටින බවත් එම ප්‍රදේශයට පොලිස් නිල සුනඛයන් ද යොදා පොලිස් ආරක්ෂාව තර කර ඇති බවත් වාර්තා වේ.
පසුගිය වසරේ මැයි මාසයෙන් පසු මෙම බස් නැවතුම්පොළ පිහිටි ප්‍රදේශයට එල්ල වූ තෙවන බෝම්බ ප්‍රහාරය මෙය බව පැවසේ.
(එන්. ඩී. ටී. වී. ඇසුරිනි)
16844



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd