(චමිල් රූපසිංහ)
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර සිට ගැටඹේ දක්වා කොටසේ ධාවනය වන වාහන පැරණි ක්‍රමයටම ධාවය කිරීමට සලස්වන ලෙස මහනුවර මහ නගරාධිපති කේසර සේනානායක මහතා ලිපියකින් අද (07) මධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීවරුන්ට දැනුම් දී තිබේ.
මහනුවර සිට ගැටඹේ දක්වා එක් දිශාවකට පමණක් වාහන ධාවනය කරවීමට ගෙන ඇති තීරණය නිසා ජනතාවට ඇති වි ඇති අපහසුතාවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරු 22 නෙකුගේ අත්සනින් යුත් ලිපි මගින් මේ සම්බන්ධව තීරණයක් ගන්නා ලෙසද අනිකුත් මන්ත්‍රීවරුන් මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ලබන 12 වැනිදාට මහා සභාවක් කැඳවන ලෙසද තමාට දැනුම් දුන් බව මහනුවර මහ නගරාධිපති කේසර සේනානායක මහතා පැවැසිය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ තීරණයක් මත ක්‍රියාත්මක කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර සිට ගැටඹේ දක්වා කොටස එක් දිශාවකට පමණක් වාහන ධාවනය කරවීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් ජනතාව විරෝධතා දක්වන බවත් නව සැලැස්ම හේතුවෙන් පාසල් දරුදැරියන් මහත් අසීරුතාවට පත්වන බවත් ඔවුන්ට ගමනා ගමන පහසුකම් ලබා ගැනීමට සහ පාසල් සඳහා පැමිණීමට දුම්රිය මාර්ගය ඔස්සේ පවා පාර මාරු වීමට සිදුවන බවත් වාහන අධික වේගයෙන් ගමන් කරවීම නිසා පදිකයන්ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයට පත්වන බවත් නගරාධිපතිවරයා පැවැසීය.
මෙම වාහන ගමනා ගමනයේ නව සැලැස්ම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇත්තේ අදාළ නිලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර එම නිලධාරීන්ගේ නිර්දේශ අනුව මෙම වැඩපිළිවෙළ සුදුසු බව එහිදී තීරණය වී ඇති බව කී පුරපතිවරයා ජනතාව තමන් වෙත එල්ල කරන ලද විරෝධතා පිළිබඳව ආණ්ඩුකාරවරයා අවස්ථා කිහිපයකදී දැනුවත් කළ බවද ප්‍රකාශ කළේය.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු නොමැති අවස්ථාවක පළාතේ බලධාරියා වන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වන බැවින් ඔහු ගත් තීරණයකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් මහනුවර මහනගර සභාව ජනතාවගේ විරෝධතාවයන් නිසා මේ නව ක්‍රියා මාර්ගයට වෙනස් කළ යුතුව ඇතැයි ද මහනුවර පුරපති කේසර සේනානායක මහතා ප්‍රකාශ කළේය.
දිගින් දිගටම සිදුවන විරෝධතා අතරේ මහනුවර මහනගර සභාවේ විශේෂ මහා රැස්වීමක් ලබන 12 වැනිදා කැඳවන බවත් එම රැස්වීමේදී නව රථවාහන සැලැස්ම පිළිබඳව තීන්දුවක් ගන්නා බව පුරපති කේසර සේනානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට විසදුම පැයෙන් පැයට එක දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමට සැලසුම් කිරීමයි, මේක ක්‍රියාත්මක කරොත් මුළුමනින්ම තදබදේ අඩු කරගන්න පුළුවන්
තිලක්, හදිසි ලෙඩෙක් එහෙම හිටියොත් මොන පැයේද ගෙනියන්නේ?
ලංකාවේ සමහර පාරවල්වල පදිකයින්ට යන්න තැනක් නැහැ. එයාලා ඇවිදින්නේ පාරේ. මේ දේවල් කරන්න කලින් මුලින් කරන්න ඕන වටාපිටාව සකසන එක. කඩවල්වල බෝඩ් පාරවල්වලට එනකල්ම දික් කරගෙන, එක්කෝ කඩවල වහලවල්, මේවට විසඳුමක් නැතුව මෝඩ වැඩ නොකර ඉන්න එකයි හොඳ. කිසිම කළමනාකාරිත්වයක් දන්නා නැති අය ලංකාවේ තීරණ ගන්නේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අනවශ්‍ය ලෙස වැඩ පෙන්වීමට ගොස් අනාගත්ත දෙයක් මේක. පේරාදෙණිය සිට යන එන සියලුම දෙනා ඉතා අපහසුවට පත්වී ඇති අතර, වැව රවුම හා කටුගස්තොට දෙසින් පැමිණෙන පාසල් ළමුන්ද අපහසුතාවයට පත්වී ඇත. තනි පුද්ගලයෙක්ගේ නොදැන දෙයට ඇගිලි ගැසීමේ ප්‍රතිවිපාක වැඩිමනත් ජනතාව භුක්ති විදීමට සිදුවී ඇත.
අඩු වශයෙන් නගරාධිපති මේක තේරුම් ගෙන තිබෙන බව පේනවා. ආණ්ඩුකාරයන් හැම තැනම දැන් යකා නටන්න පටන් අරගෙන.
නගර සභාව කොන්ද පණ ඇතුව වැඩ කල යුතුය. කරන්න බැරිනම් පුලුවන් අයෙකුට දී ගෙදර යා යුතුය.
රේල් පාරට බටහිරින් තීරු දෙකකින් යුතු පාරක් විවෘත කරන්න. කෙලින්ම නුවරට හෝ ආපසු ගැටඹේට එන වාහන මෙමගට යොමුකරන්න. දැනටමත් ඇති ඉඩතුල ලොකු වියදමකින් තොරව මෙය කරතහැකි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙම අලුත් රථ වාහන සැලැස්ම පටන් ගත්ත මුල් දින දෙක නුවර නගරයේ වාහන අඩුම දින දෙක. ඒත් විශාල තදබදයක් ඇති වුනා, පොලිසියට කරන්න දෙයකුත් නෑ. ඊට පස්සේ සතිය පුරාම මේ අසාර්ථක වැඩේ ක්‍රියාත්මක කලා. අපි හොඳටම මේකෙන් බැට කෑවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට තිබුණා තමන් කරපු වැඩේ ප්‍රතිපල බලලා වැරැද්ද නිවැරදි කරන්න. එත් එහෙම කලේ නෑ. මේ දේශපාලන පත්වීම් ගන්න අයට ප්‍රායෝගික ප්‍රශ්ණ විසදන්ට මොලයක් නෑ. වන් වේ පාරවල් ක්‍රමය සාර්ථක වීමට අවශ්‍ය මුලික සාධක නැතිව යාකරන අතුරු මාර්ග මේ දේවල් ක්‍රියාත්මක කරන්නේ කොහොමද ?
ඕක නවත්වන්න ඕනේ වෙලා තියෙන්නේ පැණිදෙනිය බස් වලටයි, කොටුව කඩේ වගේ කඩකාරයන්ටයි. නැතිනම් ඔය විදිහ හොද ක්‍රමයක්. දිගටම කරගෙන යන්න. හැමදාම එකතැන පල් නොවී වෙනසක් කරන්න ගියාම ඔහොම දේවල් වෙනවා.
නගරයෙන් පිට පළාත් වලට යන බස් රථ ඒ දුවන මාර්ග වලට අනුව සුදුසු ස්ථාන තෝරාගෙන එම බස් සේවාව සදහා වෙනම බස් නැවතුම් පොළවල් හැදුවොත් මේ ප්‍රශ්නෙට යම් තරමක් විසදුමක් තියේවි කියලා විශ්වාස කරනවා. උදාහරණ - A26 මාර්ගයේ උඩදුම්බර ,කළුගල,මඩුගල්ල, දේව හන්දිය, මහියංගනය, අම්පාර,සිරිපුර,දෙහිඅත්තකන්දිය,බිබිල,මොනරාගල සහ ඒ මාර්ගයේ අනිකුත් දුර ගමන් මාර්ග යන බස් රථ තැන්නකුඹුරෙන් නැවත්වීම. මැද මහනුවර,තෙල්දෙණිය සහ ඊට පල්ලෙහායින් නුවර පැත්තට වෙන්න ධාවනය වන බස් රථ පමණක් නගරයට ඇතුළු වෙන විදිහට ක්‍රමයක් හැදුවොත් මේ විදිහටම අනෙකුත් මාර්ග වලටත් කලොත් ලොකු විසදුමක් වෙයි
නුවර වාහන තදබදයට තවම කිසිම කෙනෙක් නියම විසදුමක් ලබා දී නැති බව හෝ එය නියමාකාරයෙන් අධ්‍යනය කර නැති බවයි පෙනෙන්නේ. නුවරට පැමිණෙන වාහන කන්දරාවට නුවර ඉඩ මදි. සියලුම වාණිජ කටයුතු නගරයෙන් පිටතට (කටුගස්තොට, කුණ්ඩසාලේ, පේරාදෙණිය, අම්පිටිය ට ) ගෙන ගොස් මහනුවර නගරය පාසල් , අධ්‍යනය ආයතන , රජයේ ආයතන , රෝහල්, පූජනීය හා සංචාරක කටයුතු සඳහා සීමා කල යුතුය. මෙමගින් නගරයේ තදබදය අඩු කර ගත හැකි අතර මහනුවර වායු හා ශබ්ද දුෂණයෙන් තොර නිස්කලංක සුන්දර නගරයක් වනු ඇත. ළමුන්ගේ සෙම් රෝගද අඩු වනු ඇත.
මහනුවර තියන ප්‍රධාන මාර්ග හා හතරමං හන්දි විශාල කිරිම හෝ විකල්ප ගුවන් පාලම් හදන්නේ නැතුව රථ වාහන ධාවන දිශා වෙනස් කරල මාර්ග තදබදයට පිළිතුරු හොයන්න හදනව නම් එක බරපතල වැරැද්දක්.