ඇලොසියස්-පලිසේන සිටින බන්ධනාගාර වාට්ටුවෙන් ජංගම දුරකතන - සිම්කාඩ් පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන යන අයවලූන් බන්ධනාගාරයේ රඳවා තබා ඇති එච් වාට්ටුව තුළ තිබී ජංගම දුරකතන තුනක් සහ සිම් කාඞ් පත් පහක් බන්ධනාගාර විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි නිතිපතිවරයා නියෝජනය කරමින් 05 July 2018
අභියාචන පෙත්සමට 20 දා උත්තර බදින්නැයි නියෝග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කරන්නැයි නියෝගයක් ඉල්ලා ගොනු කළ නඩුවක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය 05 July 2018
දිවියා ඝාතනයේ සැකකරුවන් 10 දෙනාට ඇප දිවියකු පොලූ මගුරුවලින් පහරදී අමානුෂික ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් දසදෙනා හට එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් එම්. ගනේෂරාජා මහතා අද (05) නියෝග කළේය. 05 July 2018
සිංහරාජ අඩවියේ දඩයමේ ගිය අයෙක් අත්අඩංගුවට සිංහරාජ අඩවියේ සතුන් දඩයමේ ගිය පුද්ගලයෙක් විදේශීය රටක නිෂ්පාදිත බෝර දොලහ වර්ගයේ ගිනි අවියක් හා උණ්ඩ තුනක් සමඟ බදුරලිය ගොල්ලුන්න ප්‍රදේශයේ දී අද (5) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි. 05 July 2018
නෙත් එෆ්.එම් ශ්‍රාවකයන් පොලිසි ගෙන්නුවැයි චෝදනාවක් නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහනට තොරතුරු දුන්නේ යැයි කියන ශ්‍රාවක පිරිසකගේ දුරකථන ඇමතුම් විස්තර සොයාගෙන ඔවුන් කැඳවා ප්‍රශ්න කිරීමට කොල්ලුපිටිය පොලිසිය කටයුතු කර ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි. 05 July 2018
චීන තානාපති කාර්යාලයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට චෝදනා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නේ යැයි ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානී සහ තානාපති කාර්යාල ප්‍රකාශක ලූ චොන්ග් අද (5) මාධ්‍ය හමුවක් පවත්වමින් එම පුවත්පතට චෝදනා කළේය. 05 July 2018
හිටපු ඇමැති රවිගේ ගණකාධිකාරීට පර්පචුවෙල් සමාගමෙන් මිලියන 5 ක් දුන්නා යැයි සාක්කියක් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම මගින් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ගණකාධිකාරීවරයා වෙත රුපියල් මිලියන පහක මුදලක් ලබා දුන් බව පර්පචුවෙල් සමාමේ මුල්‍ය ගනුදෙනු කළ තැනැත්තකු සාක්කි ලබාදෙමින් පවසා ඇතැයි සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අද අධිකරණයට සඳහන් කළේය. 05 July 2018
පර්පචුවෙල් ටෙෂරීස් සමාගම් අධ්යක්ෂවරු 8 කගේ රට ගමන් තහනම් පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ අධ්යක්ෂවරු අට දෙනකුගේ විදෙස්ගත වීම තහනම් කරමින් අද (05) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගයක් නිකුත් කළේය. 05 July 2018
කළු කොටි දිනය සමරා කිලිනොච්චියේ සිතුවම් කිලිනොච්චිය, අක්කරායන්කුලම, ස්කන්දපුරම් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයේ ජූලි 5 වැනි දාට යෙදී තිබෙන කළු කොටි දිනය පිළිබඳ ජනතාව දැනුවත් කර එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම ප්‍රදර්ශනය වන සිතුවම් කිහිපයක් ඇඳ ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි. 05 July 2018
විජයකලාගේ විනය පරික්ෂණ දිගටම කිරිමට අගමැතිගෙන් උපදෙස් විජයකලා මහේෂ්වරන් මහත්මිය රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වුවාද ඇයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇති විනය පරික්ෂණ අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙනු ලැබිය. 05 July 2018
ගුරුසේවා සංගම් සභාපතිට පහරදුන් මැරයින් අත්අඩංගුවට ගන්න- ජවිපෙ බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට ඊයේ පැවැති උද්ඝෝෂණයේදී ලංකා ගුරුසේවා සංගමයේ සභාපතිවරයාට පහර දුන් මැරයන් වහා අත්අඩංගුවට ගන්නැයි රජයට බල කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 July 2018
එජාප පසුපෙළ මන්ත්‍රීවරු නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් මූලාශ්‍ර ඉල්ලති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් දුන් බවට පළ කළ වාර්තාවට අදාළව මුලාශ්‍ර දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට නිල වශයෙන් ඉල්ලිමක් කර තිබේ. 05 July 2018
පළාත් සභා මැතිවරණය දෙසැම්බරයේ තියන්න අගමැතිගෙන් උපදෙස් පළාත් සභා මැතිවරණය මේ වසරේ දෙසැම්බරයේ ස්ථිර වශයෙන්ම පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇත. 05 July 2018
හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් හෙරොයින් ග්‍රෑම් හතක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වු කොළඹ ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (05) නියම කළේය. 05 July 2018
වලල්ලාවිට ප්‍රා.සබේ හිටපු සභාපතිට වරෙන්තු වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (5) වරෙන්තු නිකුත් කළේය. 05 July 2018
තායිලන්ත අගමැති ලබන සතියේ ලංකාවට දෙදින නිළ සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන සතියේදී මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබේ. 05 July 2018
‘විජයකලාගේ ප්‍රකාශය පදනම් කර ඇය අමාත්‍ය ධුරයෙන් නෙරපීම ප්රජාතන්ත්ර වීරෝධියි ‘ වනිතා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පදනම් කරගෙන ඇයව මන්ත්‍රී ධූරයෙන් හෝ අමාත්‍ය ධූරයෙන් නෙරපීම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක් යැයි උතුරු පළාත් වනිතා කටයුතු ඇමතිනී ආනන්දි ශෂිදරන් මහත්මිය සදහන් කළාය. 05 July 2018
පේදුරුතුඩුව කළපු රක්ෂිතයේ ‘මානා පක්ෂින්‘ මැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට පේදුරුතුඩුව නගර්කෝවිල් කළපු රක්ෂිත ප්‍රදේශයේදී සංචාරක පක්ෂි විශේෂයක් වන මානා පක්ෂීන් 26 දෙනකු මරා මස් පිණිස රැගෙනයමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවටගත් බව පේදුරුතුඩුව පොලිසිය කියයි. 05 July 2018
යශෝධ රංගේ බණ්ඩාරගේ නඩුව කල් යයි හලාවත, බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදුකර නිවසකට අලාභ හානි සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර 05 July 2018
යුද හමුදා කැබ් රිය පෙරැළි හතක් රෝහලේ යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකට සහභාගිවූ ආරක්ෂක අංශ වලට අයත් පිරිසක් ගමන් කළ කැබ් රිය බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිද,තිඹිරිගස්පිටිය දී අනතුරකට ලක්වීමෙන් තුවාල ලැබු හත් දෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි. 05 July 2018
විජයකලා ඉල්ලා අස්වෙන්න තීරණය කරයි සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වන් මහත්මිය අද තීරණය කර තිබේ. 05 July 2018
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට කෝටි 20ක සංවර්ධන ව්‍යාපෘති “ගම්පෙරළිය“ රජයේ සංවර්ධන වැඩසටහන යටතේ මේ වසරේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් කෝටි 20 ක සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට රජය තීරණය කර තිබේ. 05 July 2018
ශ්‍රී ලංකාව පුද්ගල ජාවාරම් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථරයට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂිකව කරන ‘පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ’ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථරයේ රැඳි සිටීමට ශ්‍රී ලංකාව දෙවැනි වසරටත් සමත්ව සිටී. 05 July 2018
ඇමතිනී විජයකලා අගමැති හමුවෙයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (4) පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 05 July 2018
පළාත් සභා මැතිවරණය ගැන අගමැති පාර්ලිමේන්තුවේදී කියයි පළාත් සභා මැතිවරණය පවත්වන දින වකවානු ලබන සතියේ පාර්ලිමේන්තු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 05 July 2018
රතුපස්වල සිද්ධියට සම්බන්ධ හමුදා සමාජිකයන්ට විරුද්ධ ඇති නඩුව කල්යයි ගම්පහ වැලිවේරිය නගර මධ්‍යයේදී පානීය ජලය ඉල්ලා උද්ඝෝණයේ යෙදුන රතුපස්වල ජනයාට වෙඩි තබා පහරදී තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර් ඇතුළු හමුදා සමාජිකයන්ට විරුද්ධව ඇති නඩුව නැවත ඔක්තොම්බර් මස 10 වන දින කැඳවන ලෙසට ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද (4) නියම කළේය. 04 July 2018
සුවසැරිය පනත් කෙටුම්පතට කතානායක අත්සන් කරයි රට පුරා මේ වනවිට ක්‍රියාත්මක 1919 සුවසැරිය ගිලන් රථ සේවය නීත්‍යානූකූල කිරීම සඳහා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු සුවසැරිය පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය මහතා අද (4) අත්සන් තැබීය. 04 July 2018
ජනපති කොමිසම් වාර්තාවේ සී 350 ලේඛනයේ හෙළිදරව්ව බැදුම්කර ගනුදෙනුව සිදුවූ අවධියේදී වෙනත් ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින් හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අතර කිසිදු දුරකථන සන්නිවේදන කටයුත්තක් සිදු වී නැතත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා හා ඔහු අතර කෙටි පණිවුඩ හුවමාරු වී ඇති බව බැඳුම්කර ජනපති කොමිසම් වාර්තාවේ ආන්දෝලනයට තුඩුදුන් සී 350 නමැති ලේඛනයේ සඳහන්ව ඇත. 04 July 2018
ජාතික විගණන පනත හෙට විවාදයට පසුගිය දිනවල රටේ මහත් කතාබහට ලක්වුණු ජාතික විගණන පනත කෙටුම්පත හෙට (5) දවස පුරා මැතිසබයේදී විවාදයට ගැනෙයි.හෙට උදෑසන 11.00ට ආරම්භවීමට නියමිත විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවසීය. 04 July 2018
මාධ්‍යවේදීන්ට තර්ජන එපා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළවු ලිපියට දායකත්වය දැක්වූ විදෙස් මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් තම සංගමය දැඩි සැලකිල්ලක් යොමු කරන බව ‘ශ්‍රී ලංකා විදෙස් වාර්තාකරුන්ගේ සංගමය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 04 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026