(රංජන් කස්තුරි)
දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල නියෝජිතවරු පිරිසක් අද (28) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවී සිය වෘත්තියට අත්ව ඇති පරිහානිය පිළිබඳව කරුණු ඉදිරිපත් කළහ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සංගීත සංදර්ශන පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ද එම නිසා තම සාමාජිකයින්ට ගෙවීම් කිරීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද ඒ ගැන සලකා සහනයක් ලබාදෙන්නැයිද සංගීත කණ්ඩායම්හි නියෝජිතයෝ මංගල සමරවීර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමඟ දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් 15 ක නියෝජිතයින් පැමිණ සිටි අතර කොළඹ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී එම සාකච්ඡා පැවැත්විණි.
තවද සංගීත උපකරණවලට කල්බදු ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් තිබෙන බවද කල්බදු ගෙවීම සඳහා යම් සහන කාලයක් ලබා දෙන්නැයිද එහිදී සංගීත කණ්ඩායම්හි නියෝජිතයෝ පැවැසූහ.
එහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසුව විවිධ ක්ෂ්රේත්රවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් ලබාදිය හැකි සහනයක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බැවින් සංගීත කණ්ඩායම්වලට බලපා ඇති ගැටළුව කෙරෙහිද අවධානය යොමු කළ හැකි බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධාගමේ රටක් නොවන නිසා, අනිවාර්යයෙන් මුදල් ලබාදෙයි.. රෑ එළිවෙනකම් බයිලා කියපල්ලා කියලා...
හැමදාම නත්තල් නැහැ! මුදල් ඉතුරුකලේ නැද්ද?
රටේ බහුතර ව්‍යාපාර කඩාවැටිලා , වක්‍රව ඒක දරුනුවටම රටේ මිනිස්සුන්ගේ ආර්ථිකයට බලපාල තියෙනවා , රටේ ආරක්ෂාව කොච්චර වැදගත් ද කියල දැන් වත් පෙනෙනවානම්
ඔහොම ගියොත් මේ රටේ ඔක්කොටොම සහන දෙන්න සිද්ධ වේවි. සත පහක් වත් දෙන්න එපා.. අපිට දැන් සංගීතේ වැඩි වෙලා තියෙන්නේ!
සංගීත කණ්ඩායම් වලට විතරක් නෙමෙයි අපේ හැම බිස්නස් එකක්ම ඉවරයි
ඔයිට වඩා බොහොම අසරණ තත්වයට පත්වෙලා සිටින්නේ ලොතරැයි විකුණන බුලත්විට විකුණන එළවලු ආදිය විකුණන සුලු වෙළෙන්දෝ... එ් අය තමයි උපකාර ඉල්ලගෙන එන්නේ...
රටේ ආරක්ෂාවේ වැදගත්කම දැන් තේරෙනවද? මුලින්ම රට ස්ථාවර වෙන්න ඕනේ රට දියුණු කරන්න. රනිල්ට ඡන්දේ දෙනකොටම දන්නවා රටේ ආරක්ෂාව බල්ලට යන වග, ඕනේ තරම් උදාහරණ තියෙනවා එහෙම වෙන බව දන සිටියා....... මිලේනියම් සිටි පාවාදීම, හමුදාව යුද්දේ කරනකොට ඒවා හැල්ලුවට ලක්කළ, තොප්පිගල කැලයක් කිව්වා, ඕනේ ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කිව්වා.. දැන් තේරෙනවනේද? රට ආර්ථිකව දියුණු කරන්නත් රටේ ආරක්ෂාව අංක එක කියලා....