(මනෝජ් හර්ෂික)
අන්තවාදී උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතන පාලනයටත්, නීතිවිරෝධී විවාහ වැළැක්වීම සඳහාත් නීති ගෙන ඒමට පාර්ලිමේන්තුව කඩිනමින් කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසුරිය මහතා අද (28) පැවැසීය.
තමන් කවර ජාතියකට, ආගමකට සහ සංස්කෘතියකට අයත් වුවත් සියලුදෙනා රටේ පොදු නීතියට අවනත විය යුතු බවත් කිසිවෙකුට ආගම හෝ ජාතියට මුවා වී නීතිය නමන්නට හෝ උල්ලංඝනය කරන්නට නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
කොළඹ 07 මහාභාරකාර දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ඩී.බී ජයතිලක ගුණානුස්මරණ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවෙමින් කතානායකවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසුරිය මහතා මෙසේ ද කීය.
“අන්තවාදී උන්මත්තකයන් සුළු පිරිසක් නිසා සමස්ත මුස්ලිම් ජනතාව පිළිබඳව අයහපත් ආකල්පයක් ඇතිකර නොගත යුතුයි. බහුතර මුස්ලිම් ජනතාව අන්තවාදයට විරුද්ධව නැගී සිටීමට සූදානම්. දැනටමත් ලංකාවට ආගන්තුක බුර්කාව වැනි විලාසිතා තහනම් කරන ලෙස මුස්ලිම් සමාජයෙන් නිතිපතා ඉල්ලීම් ලැබෙමින් තිබෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරයද ඉන් සති තුනකට පසු මුස්ලිම් ජනතාව ඉලක්ක කළ අන්තවාදී ප්‍රහාරයන් ද එක ලෙස පිටු දැකීමට ශිෂ්ඨ සම්පන්න මිනිස්සුන්ට හැකිවිය යුතුයි.
නිදහස ලබන විට ජපානය සමඟ සම තත්ත්වයේ සිටි අප වර්තමානයේ සිටින පසුගාමී තත්ත්වයට ප්‍රධාන ලෙස වගකිව යුත්තේ රටේ සාමකාමී ගමනට බාධා කළ බලවේගයි. එහිදී ප්‍රධාන වගකීම කල දුටු කළ වළ ඉහ ගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළ දේශපාලනඥයන් භාරගත යුතුයි.
මේ රට මූලධර්මවාදයකට ගෙනයාමට සිතන අන්තවාදීන් දකින්නේ හුදෙක් සිහිනයක් පමණයි. ඉස්ලාම් මූලධර්මවාදය තුළිනුත් ලොව පුරා වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ අහිංසක මුස්ලිම් ජනතාව යි”
යැයි ද කතානායකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද ගේන්න යන්නේ?
කථානායකතුමනි මෙය කියන්න පාර්ලිමේන්තුවේ සිටින අන්තවාදී මන්ත්‍රීන්ට
අන්තවාදී සුළුතරය කවුද? උඹලා ළඟ ඉන්න 225 ද, අනික මේ අයට පුදුම රිදිල්ලක් රිදෙන්නේ... අපි ගහයි කියලා. ඒක ගැන තමයි මොවුන් ටික හොයන්නේ... නැතුව සිංහල ගෑනු වඳකරන එකවත්, ඔවුන් මේ රට විනාශ කරන එකවත් නෙමෙයි. අනික ඔබලා ඔක්කොම කරනවා.. කිය කිය ඉන්නේ.... එකක් හරියට කරපල්ලාකෝ..
පතෝල වගේ වැඩ කරන්නේ තමන්ගේ පැවැත්මට. මේවාට වන්දි ගෙවන්න වෙන්නේ අනාගතේ හෙළ දරුවන්ට. පඹයන්, නරින් ඉන්න පාලනයක අනිටු විපාක ජාතියටම විනාශයක්...
රටේ පවට උපන් මේ පාලකයන් දැන්වත් එලවන්න ඕනේ. ඔබතුමා ගැන කිසිම විශ්වාසයක් නැහැ. තමන්ගේ අගමැතිව බේරගන්න තිබුණ උනන්දුවෙන් පොඩ්ඩක් තිබුණා නම් මේවා ඔක්කොම කරන්න පුළුවන්.