(එෆ්.අස්ලම්)
සුළු ජාතීන්ට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියාවන් වැළක්වීම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම් සිදුකළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා ශ්‍රීලංකාවේ ඔස්ට්‍රේලියානු තානාපති ඩේවිඩ් හෝලි මහතා හමුවී ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස ලක් රජයට බලකරන ලෙස ද සම්බන්ධන් මහතා මෙහිදී ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාවේ නව ඕස්ට්‍රේලියා තානාපති ලෙස පත්වූ ඩේවිඩ් හෝලි මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා අතර හමුවක් අද (29) කොළඹ දී පැවැත්විණි.
පාස්කු ඉරිදා මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් ඉන්පසු මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතීන්ට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩකාරී තත්වය පිළිබඳවත් උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම හා නැවත පදිංචි කිරීම පිළිබඳවත් ත්‍රස්තවාදය වැළ්ක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳවත් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුම් ගෙන ඒම පිළිබඳවත් සම්බන්ධන් මහතා තානාපතිවරයා හමුවේ කරුණු දක්වා තිබේ.
එමෙන්ම ත්‍රස්ත ප්‍රහාරයය සම්බන්ධ සියලු පුද්ගලයින් හට මෙන්ම ත්‍රස්ත ප්‍රහාරය හේතු කරගනිමින් සුළු ජාතීන්ට එරෙහිව ප්රචණ්ඩව හැසිරුණු පුද්ගලයින්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද මෙහිදී තවදුරටත් කරුණු දක්වමින් අවධාරණය කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල මේ ලෝකයා හමුවේ පාවලා දෙන්නේ උපන් බිම නේද..? මේ අයට උපන් බිමට ආදරයක් හැගීමක් නැද්ද.? මේ ජාතියටත් අනිත් ජාතියටත් බහු ජාතියට වඩා නිදහසේ ජිවත් වෙනවා. මොකද මහා ජාතිය වූන අපි අපිට තියන ප්‍රශ්න මෙයාලට නැහැ...
සුළු ජාතිය කියන අයට නෙමෙයි සුළු ජාතියෙන් මහ ජාතියට වෙන ප්රචණ්ඩ ක්‍රියා මඩින්න ඉල්ලන්න
තව තවත් ජාතිවාදය අවුසන්නෙ අපිද...? මෙ අයද..?
පාස්කු දිනයේ සිදුවූ ප්‍රහාරය ඉතා සරලවත් ඉන්පසු " මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතීන්ට ( කවුද එහෙම අගතියට පත් අනිත් සුළු ජාතිය ? ) එරෙහිව සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා .. දෙමල දේශපාලන සිර කරුවන් ( ත්රස්තවාදීන් දැන් අලුතෙන් බෞතිස්ම ලබා ඇත්තේ දේශපාලන සිර කරුවන් ලෙස ද ? මොන තරම් සිම්පල් ප්ලැන එකක්ද ? ) ... හරිම සුන්දර තාලෙට ප්රශ්නය ඉදිරිපත් කරනවා .. අපි ඉතින් හොදම හරක් කියලත් හිතාගෙන ඉන්නවා ඇති ...ස්තුතියි ,,
යාපනේ මුස්ලිම් මිනිස්සුන්ට ඉඩන් දෙන්නෙ නැත්තෙ මෙයාල. ඒක හින්ද තමයි විල්පත්තුව කපන්න උනේ.
බොර දියේ කිසිම හිරිකිතයක් නැතිව මාළුබාන මෙවැනි ද්‍රෝහී දේශපාලකයන් හැකි ඉක්මනින් මර්ධනය කළයුතුයි. රටේ අනන්‍යතාවයට සහ ජාතික ආරක්ෂාවට තැන තැන කේලම් කියමින් යන මේ බංකොලොත් පිරිස් විසින් මේ රටට මෙතුවක් කාලයක් සිදුකළ විනාශය දැන් හැමෝටම පෙනෙන්නට තිබේ.
අපෙන්ම කාලා අපේ ඔලුවට අත හෝදන මිනිසුන්... සිංහල ජාතියට හොඳ නායකයෙක් බිහිවෙතැයි බලන් ඉඳිමු.
අයාලේ යන රට පාලකයන්ට කෑල්ල කෑල්ල කන්ඩ පුළුවන්
සම්බන්ධන් ඇමතිවරයා සමග මුස්ලිම් ජනතාවත්
බය හිතුණම හමුදාව ඉල්ලන්නයි, ඊට පස්සේ පිටි පස්සෙන් පිහියෙන් අනින්නයි. මේකද ඇත්තටම ප්‍රශ්නේ. මේ යක්කු බොරදියේ මාලුබානවා. සුළු ජාතීන්ට ඇත්තටම ප්‍රශ්නයක්. මෙච්චර යහතින් මෙයාලට ඉන්න පුළුවන්ද කියලා... ඔය කතා අහන රටවල් වුණත් තේරුම් ගන්න ඕනේ. සිංහල මිනිස්සුන්ගේ හිතහොඳ කමින් ප්‍රයෝජනය ගන්න කාලකන්නි දේශපාලකයෝ...
සුළුජාතීන් කාලයක් L.T.T.E නමින් අහිංසක මිනිසුන් කොතරම් කෲර ලෙස මැරුවද? මෑතකදී තවත් සුළු ජාතික අන්තවාදයක් අහිංසක මිනිසුන් කොතරම් මැරුවද? තවත් මැරීම සඳහා කොපමණ අවි ආයුධ රැස්කරගෙන සිටියද? මේ කෑ පතේ පහරනවුන් කියන්නේ මොනවද?
කොටි පුල්ලි ඔය වෙට්ටියෙන් වැහිලා. මේ රටේ සුළු ජාතියට කෙනෙහිලි කම් සිදුවෙනවාද...? එහෙම නැතිනම් සුළු ජාතිවලින් මහා ජාතියට කෙනෙහිලිකම් සිදුවෙනවද...? මේ කොටියා තව අවරුදු කීයක් ජීවත්වෙවිද..? ඒ ඉන්න කාලෙදිත් රට ගිනි තියන්නනේ ලැහැස්ති වෙන්නේ... කොහොමත් මෙයාලාට ඒ අය ආපු උතුරට යන්න බැරි තත්වයක් දැන් උදාවෙලා තියෙන්නේ. එහෙ මිනිස්සු බලාගෙන ඉන්නේ... මේ අය එනකම්. මෙවැනි රට පාවාදෙන්නන්ට විරුද්ධව ක්‍රියාකරන්න පුළුවන් ශක්තිමත් නායකයෙක් රටට අවශ්‍යව ඇත. දැනට නම් එහෙම කෙනෙක් පෙනෙන තෙක් මානෙකවත් නැත. අනාගතයේදී වත්..?
මේ මිනිස්සු කරන්නෙත් දකුණේ අයගේ රඟපෑමම තමයි. ප්‍රශ්න පෙන්න පෙන්න ඡන්දෙ ඉල්ලනවා මිස ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන්නේ නැහැ. හරියට හිඟන්නගේ තුවාලෙ වගේ...
ලෝකයේ නීති හදල තියෙන්නේ සුළු ජාතිය මහා ජාතියෙන් බේරගන්න. ලංකාවේ සුලු ජාතියෙන් අනිත් සුළු ජාතීන්, විශේෂයෙන් සුලුජාතියේත් සුළුතරය වන දෙමළ කතෝලික ජනතාව, අනෙක් සුළු ජාතියෙන් බේරා ගැනීම තමා ප්රශ්නය.
අනේ මෙහෙමත් අවස්ථාවදියෝ. පහුගිය දිනවල ත්‍රස්තවාදී ක්‍රියාවලදී හිටියේ ඇඳන් යටද දන්නේ නැහැ
සම්බන්ධන් ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද? නැද්ද?
සුළු ජාතිකයන් 1983 සිට මහා ජාතිය මරපුවා...... පාස්කු ඉරිදේ 300 අදික පිරිසත් එක්ක එතකොට ආබාධිත කරපු අයගේ ප්‍රමාණය ගැන ඕස්ට්‍රේලියා මහා කොමසාරිස් තුමාට කියලා දෙන්න මටත් එපොයිමෙන්ට් එකක් දෙනවද ?
කරුණාකරලා කියන්ඩ පුලුවන්ද කවුද සුළු ජාතිය කියලා කවුද ත්රස්තවාදීන් කියලා කවුද දේශ පාලන හිරකරුවෝ කියලා මන් දන්නා හැටියට ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් නැහැ. සියලුම දෙනා ලාංකිකයෝ. නමුත් විවිධ ජනවර්ග ඉන්නවා. ඒ අය නමින් සුළු ජාතික යනුවෙන් කියා ගන්න හදනවා විවිධ වප්රරසාද ලබාගැනීමට.
මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. මොවුන් හැමදාම කොහොම හරි ජාත්‍යන්තරයේ මුලාකර ගන්නවා.. අපේ කිසිම ආණ්ඩුවකින් හරියට ජාත්‍යන්තරේට පෙන්නුවේ නැහැ සුළුජාතීන් කියාගෙන, ත්රස්තවාදීන් මහා ජාතිය වනසපු හැටි. ඉතින් අපි මෙතන මොනවා කියාගත්තත් අන්න ඒ අඩුව හදන්නේ නැතුව වැඩක් නැහැ. ඔය වග සරත් වීරසේකර මහතාත් කිව්වා. ලෝකේ හැමතැනම අපිත් හරියට ප්‍රොපගැන්ඩා ගෙනියන්නේ නැතුව අපි අපිම විතරක් මේ ෆෝරම් වල මරාගෙන වැඩක් නැහැ.
මෙයා බුදියගෙන ඉඳලා නැගිටපු ගමන්ද? පාස්කු ඉරිදා ප්‍රහාරය වැඩිජන කොටසකගෙන් හා රටේ ප්‍රධාන ආගමෙන් සුළු ජන කොටසකට හෝ සුළු ආගමකට වූ දෙයක්ද? මේ වගේ කාලකන්නි දේශපාලනය කරන අය ඉන්න හින්දා තමා මේ රටෙත්, අනිකුත් රටවලත් මෙතරම් ප්‍රශ්න උග්‍ර... කාට හරි බැරිද බලන්න මෙයා පුස්සෙක්ද කියලා...? ඕස්ට්‍රේලියානු තානාතිපති මෙරටට පැමිණියේ මේ සතියේද?
මෙයාගේ නමෙන්ම තේරෙන්නේ නැද්ද නොසම්බන්ධන්? ඒ කියන්නේ රට එක්ක කිසිම සම්බන්ධයක් නැහැ..
ජාතිය හෝ ජන්මය අඳුනා ගත නොහැක. භාෂාව නිසා පොදු ජනතාව අසරණ නොකරන මෙන් කරුණාවෙන් ඉලමි.
ප්රභාකරන් පැය 24න් උතුරේ හිටි මුස්ලිම් ජාතිකයින් එලෙව්වා. එදානම් ඔය සිංහලයට පුප්පන චණ්ඩි සාලිලා කවුරුවත් හිටියේ නැහැ. ප්රභාකරන්ට විරුද්ධව කතාකරන්න නැට්ට අහවල් එක අස්සේ ගහගෙන මලු එල්ලගෙන මෙහෙට පාත් වුණා. යුද්ධයෙන් පස්සේ දෙමළ නායකයෝ ටික ඒ මුස්ලිම් මිනිසුන්ට නැවත පදිංචි වෙන්න දුන්නේ නැහැ උතුරේ... ඒ නිසා කොයි තරම් නම් ව්‍යසන ඇතිවුණාද? මහජාතියට අසාධාරණකම් කරන්නේ ඉපදෙන්න ඉන්න එකත් ගර්භාශයට එන්නත් කලින් මරලා දාන්නේ සුළුජාතින්ට අයත් ත්රස්තවාදීන්ය.
සම්බන්ධන් මහතා කරුණාකර මේ කියන දේ හොඳින් අවබෝධ කරගන්න. මොකද ඔබලාගේ කණ්ඩායමේ සියලුදෙනා කතා කරන්නේ මියගොස් නැවත උපන්නා සේය. ඔබ පරිපූර්ණ දේශපාලකයෙක් හැටියට හොඳින් කල්පනා කර බලන්න1983ට පෙර උතුරේ යුද්ධයක් තිබුණද? 1983 ජූලි කලබල ඇති වුනේ කුමන කරුණක් නිසාද? 1983 පෙර උතුරේ ඇතිවී තිබුනේ ඔබලාගේ දමිල සංවිධාන අතර ගැටුමක් මිස සිංහල හෝ මුස්ලිම් හෝ රාජ්‍ය ආරක්ෂක අංශ හා ගැටුමක් නොවේ. එදා දමිල ගැහැණු ළමයෙකු දුෂණය කලායයි කියමින් ආරක්ෂක නිලධාරීන්14 දෙනක් ඝාතනය කළා මතකද? එදා එලෙස කරනවිට එය කලේ කවුරුන්ද? එය ඔබගේ අයවලුන් හෝ ආරක්ෂක අංශවල අයවලුන්වත් දැන සිටියේ නැත. නමුත් ඔබලාගේ සංවිධාන විසින් සිංහල සොල්දාදුවන් ඝාතනය කර යුද්ධය ආරම්භ කළා. එදා මිනිස් ඝාතන අැරඹුවේ සිංහල ජාතිය නොවේ.. සුළු ජාතිය බව හොඳින් මතක තබාගන්න. යුද්ධය වසර 30ක් ඇදගන ගොස් ජීවිත ලක්ෂ ගාණක් දේපල ප්‍රකෝටි ගාණක් විනාශ කලේ සුළු ජාතීන් වන දමිළයන් බව හොඳින් මතක තබා ගන්න. රටේ ගැටුමක් නැතිව සිටි මුස්ලිම් ජාතිය විසින් සිංහලයන් සමග ගැටුම් ඇතිකර නොගෙන සිංහලයන් 350ක් ඝාතනය කළේය.. මෙය හොඳින් අවබෝධ කරගන්න. එදා සිට අද දක්වා ප්රචණ්ඩ ක්‍රියාකලේ සුලුජාතීන්ය. අපටද දෑත බැඳ සිටිය නොහැක.
සුළු ජාතිය සිංහල වෙන්න ඇති.
වාඩිවෙලා ඉන්න විදියට පෙනෙන්නේ ඉක්මණින්ම අර්ශස් අමාරුවට බෙහෙත් ගන්න වෙයි වගේ... දෙයියන්ගේ නාමෙන් ගෙදර ගිහින් විශ්‍රාම ගන්න...
කාදිනල් තුමා සුළු ජාතිකයෙක්ද..!!!
සිංහල ජාතිය කෙලෙසනම් එකතුවෙන්නද? රටේ අගමැති ඇතුලු පක්ෂය විසින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් රට විනාශකර හෝ මොවුන් සමග ඩීල් දමනාතුරු. එකතුවීම තේරුම්ගන්න බැරි සමහර සිංහලයෝ ඔවුන්ට ඡන්දය දීමෙන් සිංහලයන් දෙපැත්තට කඩා මොවුන්ගේ කරමතින් බලය තබාගෙන සිටින වත්මන් ආණ්ඩුව මොවුන්ට රිසි සේ වැඩ කිරීමටද බලා සිටී...
දැන් වයස අවුරුදු 85ක් පැනලා. තවත් දේශපාලනේ කරනවා.. තවත් ජාතිවාදය වපුරනවා.. දැන්වත් දෙමළ තරුණයෙක්ට අවස්ථාවක් දෙන්න. මොහුගේ පුතා ඉන්නේ කැනඩාවේ.. මොහුට කැනඩාවේ ස්ථිර පදිංචිය තියෙනවා.. ලංකාව ගැන කිසිම කැක්කුමක් නැහැ. දෙමළ ජනතාව ගැන කිසිම ආදරයක් නැහැ. තව තවත් ජාතිවාදය ඇතිකරලා ඡන්ද ගන්න විතරයි ඕනේ.. මැරෙනකම්ම සැප විඳින්න. හැම රජයේ තනතුරකටම විශ්‍රාම යන වයසක් තියෙනවා. මේ මහලු මඩමක් වගේ තියෙන පාර්ලිමේන්තුවේ උපරිම වයස් සීමාවක් තියන්න ඕනේ.. දැන්වත් ගෙදර යන්න. ඒ කියන්නේ කැනඩාවට....
සහය ලැබෙන කොට මෙයාට බබා හම්බවෙන සීන් එකක් තියෙන්නේ.
ලංකාවේ ආණ්ඩුව විශ්වාස කරන්න බැහැ. අපිට වෙන විකල්ප හොයන්න වෙනවා
අපිට බෝම්බ ගැහැව්වා... අපිට කරන්න තියෙන හැම අවැඩක්ම කරලා අපි පොඩ්ඩක් කන අත ගාලා ගියොත් නහයෙන් අඩාගෙන ජාත්‍යන්තරයට ගිහින් අපිට ගහනවෝ අපිට ගහනවෝ කියලා ලතෝනි දෙනවා...
සුළු ජාතීන් කියන අය තමයි මේ රට විනාස කාලේ, අවුරුදු 30ක්, දැන් මුස්ලිම් අන්තවාදීන්.
බොර දියේ මාළු බානවා කියන්නේ මේවට තමයි . රටට මොන නස්පැත්තියක් උනත් කමක් නැහැ මෙවුන් සුළු ජාති මාහා ජාති කියකියා පිල් බෙදී බෙදී රට වනසනවා