(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ මහාධිකරණ සංකීර්ණ භූමියේ ප්‍රධාන දොරටුවේ සේවයෙහි නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කරමින්, ඇගේ අත සූරා තුවාල කළ බව කියන නීතිඥවරියක කෙසෙල්වත්ත පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අත්අඩංගුවට ගත් නීතිඥවරිය බත්තරමුල්ල තලංගම උතුර පදිංචි 51 හැවිරිදි තැනැත්තියකි.
මහාධිකරණ සංකීර්ණ භූමියට ඇතුළුවීමට පැමිණි නීතිඥවරිය තමාව පරීක්ෂා කිරීමට පොලිස් කොස්තාපල්වරියට ඉඩ නොදී ඇගේ අත සූරා එම ස්ථානයෙන් පිටව ගොස් තිබිණි.
පොලිස් කොස්තාපල්වරිය කෙසෙල්වත්ත පොලිසියට මේ බව දන්වා පැමිණිල්ලක් කළ බවද, නීතිඥවරියව පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් බවද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සැකකාරිය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුවතේ සදහන් කරුණු එලෙසම සිදුවී ඇතිනම් එම ස්ත්‍රිය උගත් කමත් උදද්ච්චකම නලලට ගසා ඇති බවක් පෙනේ. ආරක්ෂක ක්‍රමවේදයන්ද ලොකු උද්දච්චකමද ලොකු.
පදුරකට ගැහුවත් කලු කොට් කාරයො. මොකට උද්දච වෙනවද
පොලිස් කොස්තාපල්වරියකගේ අත සීරු මේ තැනැත්තිය කවුද කියා සොයාබැලිය යුතුයි.
පොලිස් නිලධාරිනියගේ ඇත සුරපු එකට හිරේ දල.. එතකොට ඔය පොලිසියෙන් කිසිම වරදක් නැතිව ගුටිකන අය වෙනුවෙන් මොන පොලිස් නිලධාරියවද හිරේ දැම්මේ.. අර අපි දැක්කේ වීඩියෝ එකක් පොලිස්පති සෝපානය ක්‍රියාකරුට කනට ගහනවා.. කෝ ඒවාට හිරේ දැම්මද?