(මහින්ද නිශ්ශංක)
බස් සංගම් රැසක් ලබන ජූනි 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත බස් ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අධික පාඩු ලබන පෞද්ගලික බස් රථ සඳහා සහනයක් ලෙස දින 7ක් තුළදී, මාස තුනක ලීසිං වාරික සහනයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය පියවර නොගතහොත් ජූනි 5 දා සිට බස් ධාවනයෙන් ඉවත් වන බව ඒ මහතා වැඩිදුරටත් කීවේය.
මෙම ලීසිං වාරික සහකය ලබාගැනීම සම්බන්ධව බස් සමාගම් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමනායක මහතා සමග සාකච්ඡා කර සති දෙකක් ගතව ඇති නමුත් සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණු නිසා බස් වර්ජනයකට එළඹීමට තීරණය කළ බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ දුටු කළ වල ඉහගැනීම...
හිටපු ජනාධිපතිතුමනි !! එතකොට ගතයුතු ක්‍රියාමාර්ගය?
වර්ජනය කළාම ලීසිනුත් නෑ. කන්නත් නෑ.
අවලංගු කරනු මාර්ග බලපත්...
මාර වැඩක්නේ මේක... දැන් ඔය වර්ජනය කරන්න දෙන්න. ලීසිං ගෙව්වේ නැත්නම් එ්ක ඒ ආයතනය බලා ගනීවි. මොවුන්ට බයේ වැඩකරන්න එපා. එහෙම වුනොත්, 225 නැතිව බස් කට්ටියව පාලනය කරන්න දෙමු. ලොකු ගානකුත් ඉතුරුයි.. එයාලා බස්වලම ගිහින් වැඩ ටික කරාවි.. අමුතුවෙන් වාහන ඕනැත් නැහැ.
බස් හිමියන් විතරක් නෙමෙයි සියළු ව්‍යාපාර ඇද වැටුණා. අපිටත් ඒ ණය සහන දෙන්න. මේ ගොල්ලන් මගී ජනතාවට බල්ලන්ට වගෙයි සලකන්නේ. ඒ නිසා සහන වෙනුවට සීටීබී බස් 1000ක් ණයට අරන් පාරවල්වලට දාන්න.
ඒ කියන්නේ පුද්ගලික බැංකුවලට බලපෑම් කරන්න කියලද ඉල්ලන්නේ?
මේ වෙලාවේ මේ හරකනුත් මිනිසුන්ව මරාගෙන කන්නයි ලෑස්තිය. මොවුන්ටත් තුන්වේල හම්බවෙනවනේ හැබෑටම ...
ලංකාවම වැටිලා තියෙද්දී කොහොමද උඹලට විතරක් ආධාර කරන්නේ...? ඉස්සරවෙලා රට ගොඩගන්න ඕනෑ. බස් දුවන්න බැරිනම් ඒවා බැංකුවලින් අරන් වෙන්දිසි කළාම පුළුවන් අය ඒවා අරගෙන කරයි. උඹලා ගෙදරට වෙලා නිදා ගනිල්ලා. මහ ජනතාව හූරාකන හොරු එනවා තර්ජනය කරන්නත්...
එක් අතකින් වරදක් නැහැ මොකද සංස්කෘතික ඇමතිවරයා සංගීත කණ්ඩායම් කීපයක් මුදල් ඇමති මුණගස්වා සහනාධාරයක් ලබාදෙන්න වැඩකලානේ. සංගීත කණ්ඩායම් ජනතාව සතුටු කරනවා තමයි නමුත් එයට වඩා එදිනෙදා කටයුතුවල බස් සේවය අවශ්‍යයි. ඔහොමයං ඔහොමයං .රට වලට අපි දුකට
ඔය බස් ටික ලංගමට පවරගන්න හොඳම වෙලාව. කිසිම සහනයක් දෙනවට අපි කැමති නෑ. අපේ බදු මුදල් වලින් කරන්න අත්‍යවශ්‍ය වැඩ ඕන තරම් තියෙද්දී මේ මොන විකාරයක්ද. පාර්ලිමේන්තු පනතකින් සියලු පෞද්ගලික බස් ජනසතු කර ලංගමයට පවරාදෙන්න.
බස් කාරයො බස් දුවන්නෙ බදු සිස්ටම් එකට. ඒ කියන්නෙ ඩ්‍රයිවර් හා කොස්දොස්තරට බස් බදු දෙනවා. දවසේ හම්බ කරන සල්ලි වලින් බස් අයිතිකාරයා ගන්නෙ රු. 3500-10,000 අතර මුදලක් විතරයි. ඩ්‍රයිවර් හා කොන්දොස්තර තමන්ගෙ ගාන වැඩිපුර සෙනග ඇද හොයාගන්න ඕන. මිනී මරාගෙන පාරෙ දුවන්නෙ බස් අයිතිකාරයට හම්බ කරල දෙන්න නෙවි. ඒ දෙන්නගෙ ගාන වැඩි කර ගන්න. බස් පාඩු නෑ... ඒක බොරුවක්.