(නිමන්ති රණසිංහ)
ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුකර රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාළ පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන ඇතුලූ අධ්යක්ෂ මණ්ඩලය සම්බන්ධ නඩුව ලබන ජුනි මස 28 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (29) නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධ නඩුව අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථවේදී සැකකරුවන් වූ පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන, එහි සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝෂියස්, එම සමාගම් සමූහයේ අධ්යක්ෂ පුෂ්ප මිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රන්ජන් හුලූගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිය නොවන්න.. තව අවුරුදු 30 ක් 40 ක් අප ජීවත් වෙලා හිටියොත් අප හට මෙලෙසම අනන්තයටම කල් බලනු ඇත.(වම දකුණ වම...වම..) අවසානයේ කැලේට විසිකරනු ඇත. ඊට අමතරව අදාල පුද්ගලයින් තමන් විසින් වූ අපහාසයට කියා තවත් නොහිතන ගානක් කපාගන්නවා ඇත. පරාද වුනේ ලක්මවය. පරාද වුනේ අහිංසක දුප්පත් බදු මුදල් ගෙවපු පුරවැසියායි..
අනේ අැත්තට මෙන්න මොවුන්ට තමයි ගහන්න ඕනෑ. අර අහිංසකයින් වෙනුවට, එකෙක් දෙන්නෙක් ගියා නම් කෙතරම් නම් වටිනවාද..?
ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් කිව්වලු..
ආණ්ඩුවට මේක අමතක වෙලා නැහැනේ...
ගිය ආණ්ඩුවේ හොරු නොඅල්ලපු රටේ මේ ආණ්ඩුවේ හොරු අල්ලයිද? අන්න අරයා විදුලිය ගන්න හදනවා විශාල මුදලක් යොදවලා. ටිකක් හොයලා බලන්න ඒ ගැන. මේ ජරමර අස්සේ ගසා කන්න පොටක් පෑදිලාද දන්නේ නෑනේ...
මොකක්ද අනේ බැඳුම්කරේ නඩුව කියන්නේ. කවදා සිද්ද වෙච්චි දෙයක්ද? මටනම් මතක නෑ අයියෝ
කල්ගියාට කමක් නැහැ. ඊට වැඩිය දේවල් සාටකයන් කර තිබෙනවා. ඒවා තමයි හොයලා දඬුවම් දෙන්න ඕනේ...