( ජයන්ත සමරකෝන් )
කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර ආර්ථික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයට පත් කර තිබේ.
ආණ්ඩුකාර ලේකම්වරයාගේ ඉල්ලීමක් පරිදි (GOS/LEG පොදු 2019.04.02 දරණ ලිපිය) කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි කෝටි 800 ක් වටිනා නගර සභා දේපළක් වෙනත් පාර්ශවයකට පැවරීම සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් සති දෙකක් තුළ කොමසාරිස්වරයා විසින් සපයා නොමැතිවීම මෙම ස්ථානමාරුව ඉක්මන් වී ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
කෝටි 800 ක් වටිනා මෙම දේපළ වෙනත් පාර්ශ්වයකට පැවරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ ප්‍රබලතම දේශපාලනඥයකු උනන්දු වී සිටි බවටද, ඊට අවශ්‍ය තොරතුරු නොලැබීම මෙම ස්ථාන මාරුවට හේතුවක් වී ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට තිබේ.
මේ පිළිබඳව නගරාධිපති රෝසි සේනානායක මහත්මියගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා කියමු බලන්න... මේ රටේ මිනිස්සු කෙලින්නේ පිස්සු..//
ඔන්න බලන්න බල පුළුවන්කාරකම්....
බලමු මේක සත්‍ය කතාවක්ද කියලා. බස්නාහිර ආණ්ඩුකාරවරයා ගැනයි අප අවධියෙන් සිටිය යුත්තේ... පුදුම කරුමයක් රටට වුණේ....