(මුදිතා දයානන්ද)
වන්ධ්‍යකරණය ගැන අපි කතා කළේ 2012 සිට කතා කළත් එදා පටන් සිටි කිසිම ආණ්ඩුවක් කිසිම පියවරක් ගත්තේ නැතුව දැන් එක වෛද්‍යවරයෙක් අල්ලගෙන මරාගෙන කන්න හදනවා යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ අද (28) පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ රාජගිරියේ පිහිටි බොදුබල සේනා මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක දී වන අතර තවදුරටත් මෙසේ ද පැවසූහ.
"වන්ධ්‍යාකරණය ගැන 2012 දී අපේ සමුළුවකදී කතා කළා. ඒ ගැන අර මහරජ්ජුරුවන්ට පවා තොරතුරු ලබා දුන්නා. ඒත් කිසිම කෙනෙක් කිසිම පරීක්ෂණයක් මේ සිදුවීම දක්වා සිදුකළේ නැහැ.
2013 දී බදුල්ලේ තිබ්බ සඟ සමුළුවකදීත් අපි කතා කළා. එහේ හිටියා ඔය කුරුණෑගල වෛද්‍යවරයා වගේ වෛද්‍යවරයෙක්. මේ ඔක්කොම පදනම් කරගෙන අපි සඟ සමුළුවක් කරනවා. 2014 සුගතදාස ගෘහස්ථ ක‍්‍රිඩාංගනයේදී. එහිදිත් අපි වන්ධ්‍යකරණය ගැන කතා කළා. අපි ඊට පෙර 2012 දී කතිකාවතක ඇරඹුම නමින් තිබ්බ සඟ සුමුළුවකදී ඉදිරිපත් කළ යෝජනාවලියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාරදෙනවා. එහි කියනවා රාජ්‍ය අනුග‍්‍රහයෙන් කෙරෙන සියලුම වන්ධ්‍යකරණයන් නවත්වන ලෙස.
මේකට බලපා තියෙන්නේ 70 ගණන්වල ගෙනා පනතකින්. අවුරුදු 26 ට වඩා වැඩි කාන්තාවන්ට දරුවන් දෙන්නෙක් ඉන්නවා නම් එල්ආර්සී සැත්කමක් කරගන්න පුළුවන්. ඒකට ගෙවීමකුත් කළා. ඒ පනත ගෙනාවේ ඒ කාලේ ආපු රාජ්‍ය නොවන සංවිධාන දෙකක් වුණ පීඑස්එල් ඒ මාරි ස්ටොප් ඉන්ටනැෂනල් කියන සංවිධාන දෙකේ ඉල්ලිම් අනුවයි. මේක ලෝකේ පුරාම ආපු වැඩපිළිවෙළක්.
මේ සංවිධාන දෙක ගැන පහුගිය ආණ්ඩු කාලේ හෙළිදරව් කලාම, ඒ ආයතන වටලන්න ගියාම අපිට කලින් පොලිසිය ඒ තැන්වලට ඇවිත් තිබුණා. ඩීඅයිජීලාට ගෙව්වා මේ ආයතනවලින්. දවසකට රට පුරා සැත්කම් 40 ට වැඩි සිදුවෙනවා. ඒ නිසා මේ එක වෛද්‍යවරයෙක් අල්ලගෙන කෑ ගහන්නේ ඔහු මුස්ලිම් නිසාද? වඳුරෝ වගේ ඔහුගේ එල්ලෙන්නේ නැතිව මුල වෙනස් කරන්න. මේක කරන සිංහල වෛද්‍යවරුත් ඉන්නවා. පිස්සෝ වගේ කෑගහන්න එපා" යැයි ඥානසාර හිමියෝ පැවැසූහ.
ඡායාරූප - ලහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවොත් මේ දොස්තරව ආරක්ෂා කරන්න හදනවා වගේ. හොඳ ඩීල් එකක් ඇති!
2011 වසරේ සංගණනය අනුව ජනගහන අනුපාතයේ වෙනසක් කරන්න අවශ්‍ය නම් මෙවැනි සැත්කම් ලක්ෂ ගණනක් කරන්න ඕනේ... එක දොස්තර මහත්මයෙකුට එවැනි ක්‍රියාවක් කළ නොහැකිය...
අලුත් පිම්ම දැන් අපිට හිතාගන්න පුළුවන්... එක පාරටම මුසල්මනුවා හොඳ වෙලා. මේ ඔක්කොම ඩීල්කාරයෝ.
දැන් තමා අපේ හාමුදුරුවෝ නියම පාරට වැඩල තියෙන්නෙ. එක දේශපාලුවෙකුටවත් හිස නමන්න එපා. අපි ඔබවහන්සේ සමගයි
දේශපලුවොන්ට ඕන කොමිස් ගහ ගහ මඩිය තරකරගන්න අපේ හාමුදුරුවනේ. ඔය එකෙක්ට රට ගැන කැක්කුමක් නෑ.
දැන් මේකටත් රජතුමාගේ ගෝලයන් බැනලා අදහස් දාවිද දන්නේ නැහැ...
මේ අවස්ථාවේ කිසිදු භේදයකින් තොරව ඔබවහන්සේට සහය දිය යුතුය යන්න මගේ මතයයි.. මුස්ලිම් භක්තිකයෙකු හැටියට ඔබවහන්සේගේ යම් යම් ක්‍රියාකලාප අප අනුමත නොකරන නමුත්, මෙවන් කටයුතු වලදී ඔබ වහන්සේ සමග අපිත් අපගේ විරෝධය ප්‍රකාශ කරන්නෙමු.