(එෆ්.අස්ලම්)
උතුරේ ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් ගෙන ඒම ඇතුළු දෙමළ ජනතාව වෙනුවෙන් ලබාදුන් පොරොන්දු රජය විසින් එලෙසම ඉටුකළ යුතු බවත් තවදුරටත් දෙමළ ජනතාව නොරවටන ලෙසත් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා සඳහන් කරයි.
එමෙන්ම දෙමළ ජනතාවට නිදහසේ සිය අයිතිවාසිකම් විඳිමින් ජීවත්වීමට නම් ජාතික ගැටළුවට විසඳුම් ගෙන ආ යුතු බවත් ඒ සඳහා වූ පොරොන්දුව රජය විසින් නොපමාව ඉටුකළ යුතු බවත් සම්බන්ධන් මහතා සදහන් කළේය.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවති අතර එම සාකච්ඡාව පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සම්බන්ධන් මහතා මේ බව කියා සිටියේය.
"තිස් වසරක යුද්ධයෙන් පීඩාවට පත්වූ දෙමළ ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම සහ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේ කාර්යන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දුන් පොරොන්දුව එලෙසම ඉටුකළ යුතුයි. දීර්ඝ කාලීන ජාතික ගැටළුවට දේශපාලන විසදුම් ගෙන ඒමට ද රජය කටයුතු කළ යුතුයි.
උතුරේ සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදුකර තිබෙනවා. නමුත් සංවර්ධනය ඉදිරියට දෙමළ ඕනෑකමින්ම අපගේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුම් දීම මඟහැර සිටිනවා. එසේ සිදුනොකළ යුතුයි.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු දෙමළ ජනතාව වෙනුවෙන් පොරොන්දු රැසක් ලබාදුන්නා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුම් ගෙන එන බවට දෙමළ ජාතික සන්ධානයටත් දෙමළ ජනතාවටත් ජාත්‍යන්තරයටත් පොරොන්දු වුණා. ඒ සියළු පොරොන්දු ඉටුකල යුතුයි. ජාතික ගැටළුවට දේශපාලන විසඳුම් ගෙන ඒම තුළින් පමණක්මයි දෙමළ ජනතාවට නිදහසේ ජීවත්විය හැකියි " යැයි තමන් අග්‍රාමාත්‍යවරයාට හමුවී අවධාරණය කළ බවද සම්බන්ධන් මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැවුල ගිනිගෙන ඉන්න වෙලාවේ සුරුට්ටු පත්තු කරන හිටපු (රටට) විපක්ෂ නායක...!
මොකද්ද දැන් මේ මිනිසුන්ට තියෙන ජාතික ගැටලුව ? රට ගිනි අරගෙන. මේ හාදයා කල දුටු කල වල ඉහගන්න හදනවා
දෙමළ සහෝදරයිනි, නුඹලාට ඉන්නෙත් අපේ ජාතියේම අය තමයි.
තැටිය රත්වෙලා තියෙන වෙලවෙ රොටිය පුච්ච ගන්න හදනව වගෙයි. අවස්ථා වාදියො. මරු සන්හිදියාව.
දෙමළ කතා කරන අය හැමදාමත් මේ රටට ගෙනාවේ විනාශයයි.
ආණ්ඩුව බලය තබා ගැනීම සඳහා මේ රට පාවලා දීලා තියෙන හැටි පේනවා නේද? මෙවැනි පාලකයින් හා මෙවැනි දේශපාලකයින් බිහිකල මව්වරුන්ටද සාප වෙනවා ඇත..
වයස අවුරුදු 85යි. දැන්වත් ගෙදර යන්න. පුතා ඉන්නේ කැනඩාවේ.. මුණුබුරෝ මිණිබිරියෝ ඔක්කොම කැනඩාවේ. මෙයට කැනඩාවේ ඉස්ථීර පදිංචිය තියෙනවා.. දැන්වත් එහෙට ගිහින් විවේකයෙන් ඉන්න ඉතුරු කලේ.. තවත් ජාතිවාදය අැතිනොකර.. අලුත් පරපුරටවත් සාමයෙන් ජීවත් වෙන්න දීලා...
හරියට හරි ඉල්ලන්න වුණු පොරොන්දු ඉෂ්ට කරන්න කියලා. පොරොන්දු ඉෂ්ට කරන්න ගියාම අපි පටන්ගන්නම් රනිල්ට විරුද්ධව...