( පුෂ්පකුමාර ජයරත්න )
ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහිව අද (28) දිනයේ කුරුණෑගල ශික්ෂණ රෝහලට කාන්තාවන්ගෙන් පැමිණිලි 56 ක් ලැබී තිබූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම පැමිණිලි සංඛ්‍යාවත් සමඟ අද දිනය වනවිට ලැබී තිබූ සම්පුර්ණ පැමිණිලි සංඛ්‍යාව 112 ක් වන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශයා පැවසීය.
පසුගිය 27 වන දින පැමිණිලි 5 ක්ද , ඊයේ (27) දිනයේ පැමිණිලි 51 ක්ද , අද පැමිණිලි 56 ක්ද ලැබී ඇත.
ඊයේ දිනයේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව කුරුණෑගල, මාවතගම, දඹුල්ල, ගලේවෙල, අලව්ව, නාරම්මල, පොල්ගහවෙල ආදි ප්‍රදේශවල පදිංචි කාන්තාවන් තම පැමිණිලි ඉදිරිපත් කර තිබිණි .
මෙම පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරියට ගන්නා පියවර හෙට (29) තීරණයක් ගැනීමට නියමිත බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරටයි, එයාගේ පිටිපස්සේ ඉන්න උන්ටයි, ඌව බේරගන්න දඟලන උන්ටයි ඔක්කෝටම ශරියා නීතියෙන්ම සලකන්න ඕනේ...