(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව විවිධ ප්‍රදේශයන්හි කඩාකප්පල් කාරී ක්‍රියාවන් සිදු වීම සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් අද (28) පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඒ අයුරින් කඩා කප්පල්කාරී ක්‍රියාවක් සිදු වී ඇත්තේ ඒ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානවල ප්‍රධානීන්ගේ ක්‍රියාකාරීත්වයේ හෝ ප්‍රමාද වී පියවර ගැනීම හේතුවෙන් ද යන්න මෙහිදී විශේෂයෙන් සොයා බැලීමට නියමිත බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.
කුලියාපිටිය , මිනුවන්ගොඩ , හලාවත හා නාත්තන්ඩිය ඇතුළු ප්‍රදේශවල වෙළඳ සැල් වාහන හා නිවාසවලට පහර දීම වැනි ක්‍රියාවන් රැසක් සිදු වී තිබී ඇති අතර ඇතුම් ප්‍රදේශවල එවැනි ක්‍රියාවන් සිදුවීමේ දී පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා පිළිවෙත හා තවත් ප්‍රදේශවල එවැනි ක්‍රියාවක් සිදු වීමේදී පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණීමේ ප්‍රමාදයක් සිදු වී ඇද්දැයි යන්න මෙහි දී විශේෂයෙන් සොයා බැලීමට නියමිත බව එම නිලධාරියා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නා වගේ...
හොයන්න දෙයක් නෑ. පොලිසිය ඇඳිරිනීතිය දාලා මිනිස්සු ගෙවල්වලට කොටු කරලා, මැරයෝ දාලා ගැස්සුවා වගේ වැඩක් වුනේ... සමහර තැන්වල පොලිස් නිලධාරින් බලන් ඉද්දි ගැහුවේ...
ඒකනම් කල යුතුම දෙයක්. දුෂිත නිලධාරියා රටට ද්‍රෝහියෙක්. එවන් දුෂිතයින් රටෙන් අතුගා දමනකල් අවංක නිලදරුවන්ට තැනක් නැත
මම දැකලා තිබෙනවා බල්ලා උගේම නකුට අල්ලාගන්න ට්‍රයි කරනවිට කැරකෙන කැරකිල්ල...
පොලිසිය කියන්නේ කෙලින්ම මහජනතාව එක්ක සම්බන්ධ වෙන ආයතනයක් එක නිසා ඒ ගැන පැමිණිලි විභාග කරන්න වෙනම ස්වාධීන ආයතනය තියෙන්න ඕනේ. විනිවිද භාවයෙන් වැඩ කරන. ඒ වගේම ලංකාවේ තියෙන සියලු අමාත්‍යංශවල පැමිණිලි විභාග කරන්න වෙනම ස්වාධීන ආයතනයක් තියෙන්න ඕනේ. පොලිසිය විසින් පොලිසිය ගැන හොයන එක හොදයි හැබැයි ඉතින් කිසිම ප්‍රගතියක් නම් ඇතිවෙන්නේ නැහැ.