(නිමන්ති රණසිංහ)
පුපුරණ ද්‍රව්‍ය කිලෝ 14කට අධික ප‍්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ පෞද්ගලික රෝහලක සේවකයකු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බූස්ස, රත්ගම පදිංචි කොත්ති චතුරංග කුමාර නැමැත්තාය.
නාරාහේන්පිට පොලීසිය එම පොලිස් වසමේ සිදුකළ සෝදිසි මෙහෙයුමකට අදළව අංක 32, පී. ඞී. දාබරේ මාවත, නාරාහේන්පිට, කොළඹ 05 ලිපිනයේ පිහිටි නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගනු ලැබූ බවත්, තමාට අයත් ඉඩමේ ඇති විශාල කළුගලක් පුපුරුවා හැරීම සඳහා ඒවා ළඟ තබා ගත් බව සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු සඳහන් කර ඇති බවත් නාරාහේන්පිට පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවා අහවල් පක්ෂෙ කෙනෙක් වෙන්න ඇති.