(නිමල කොඩිතුවක්කු)
වාද භේද පසෙක ලා ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සමස්ත ජාතියම අවදිව තමන්ට කළ හැකි කාර්යය රට වෙනුවෙන් ඉටුකළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී පැවැසූහ.
ඕනෑම විනාශයක් කළ හැකි ආකාරයට මෙම අන්තවාදී ක‍්‍රියා අධිකරණ, නීති, වෛද්‍ය සහ බැංකු ආදී සියලුම ක්ෂේත්‍රවල පිළිකාවක් සේ පැතිර ගොස් ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.
අතුරලියේ රතන හිමියෝ මේ බව පැවැසුවේ රාජගිරිය සඳහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ මෙසේද කීහ.
‘‘ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මුලු මහත් සමාජයම විශාල තැතිගැනීමකට ලක්වෙලා තියෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීමත් එක්ක දිගුකාලින ආර්ථික අර්බුදයකට අපේ රට පත්වෙලා තියෙනවා.
ඒ අනුව මේ ප‍්‍රහාරයත් එක්ක ආර්ථික, සමාජිය, සංස්කෘතික වශයෙන් අති දැවැන්ත සමාජ අර්බුදයකට අපි ලක්ව තිබෙනවා. මෙහිදී රාජ්‍ය නායකයා විදියට ජනාධිපතිවරයාට විශාල වගකීමක් තියෙනවා.
පළාත් සභා මැතිවරණය පවත්වන එක මැතිවරණ කොමසාරිස්ගේ වැඩක් නෙමෙයි. ජනාධිපතිවරයාටත් ඒ ගැන වගකීමක් තියෙනවා. පළාත් සභා මැතිවරණය ප‍්‍රමාද වීම හේතුවෙන් ඒවායේ බලතල ආණ්ඩුකාරවරුන්ට හිමිවෙලා තියෙනවා.
නැගෙනහිර සහ බස්නාහිර පළෘත්වල සම්පූර්ණ බලය තියෙන්නේ ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි සහ හිස්බුල්ලා යන මහත්වරුන් සතුවයි.
මේ අයට ජනතාව තුළ මුස්ලිම් සමාජය තුළ මහා බලයක් තිබූ නායකයන් නෙමෙයි. මේ වගේ අය තමයි අද ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කරන්නේ.
හිස්බුල්ලා මහතාට එරෙහිව අද එම පළාතේ ජනතාවගේ විශාල විරෝධයක් මතුවෙලා තියෙනවා. එම පළාතේ සංවේදී තැන් වල විශාල වශයෙන් ඉඩම් අත්පත් කරගනිමින් සිටිනවා.
ඒ වගේම මේ බෝම්බ පිපිරිම් වලින් විශාල ඛේදවාචකයට ලක්වූ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා තමයි අසාත් සාලි මහතා. නිලධාරීන් පත්කිරීමේදී ඉවත් කිරීමේදීත් ඒ අමාත්‍යාංශවල බලතල ආණ්ඩුකාරවරයා සතුවයි තියෙන්නේ. ඔහු මෙය ඉතාම අනිසි විදියට පාවිච්චි කරනවා.
මොහොමඞ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව තිබූ සාක්ෂි විමර්ශනය කිරීමේ කටයුතුවලට අසාත් සාලි මහතා තදබල ලෙස බලපෑම් කළා. මෙම වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට ගත්තයින් පසුවත් එය ප‍්‍රශ්න කරමින් ඔහු එයට තදබල ලෙස බලපෑම් කළා. ඒ වගේම පොලිස් නිලධාරීන් මාරු කිරීමටත් ඔහු උත්සාහ කළා.
අද බස්නාහිර පළාතේ රාජ්‍ය යාන්ත‍්‍රනය සම්පූර්ණයෙන්ම හසුරුවන්නේ අසාත් සාලි මහතායි. ඒ නිසා වහාම ඔහු මෙම ධූරයෙන් ඉවත් කළ යුතුයි. අසාත් සාලි මහතාට තිබෙන ඒ අනිසි බලය වහාම ඉවත්කිරීමෙන් තොරව ඔහු පිලිබඳ නිවැරදි පරීක්ෂණයක් කිරීමට හැකියාවක් නැහැ.අසාත් සාලි ආණ්ඩුකාරවරයා අන්තවාදීන්ගේ අවශ්‍යතාවය මත මේ ආණ්ඩුවට බලපෑම් කරන බව අද අපිට පේන්න තියෙනවා.
මේ ආණ්ඩුකාරවරුන් පත්කළේ ජනතාව නෙමෙයි ජනාධිපතිවරයා විසිනුයි. ඔවුන් ඉවත්කිරිමේ බලය ඇත්තේත් ජනාධිපතිවරයාටම පමණයි. ඒ නිසා ඉදිරි පැය 24 තුළ මේ අය ගැන කඩිනම් තීන්දුවක් ගත යුතුයි.
රටක් විදියට අපි ලොකු අනතුරකට පත්ව තිබෙනවා. මේ ඉස්ලාම් ත‍්‍රස්තවාදය කියන්නේ සහරාන් වගේ බෝම්බකරුවන් අට දෙනාගේ ප‍්‍රශ්නය නෙමෙයි. අද අධිකරණ ක්ෂේත‍්‍රයේ, වෛද්‍ය ක්ෂේත‍්‍රයේ, බැංකු ක්ෂේත‍්‍රයේ මේ අන්තවාදීන් විනිවිද ගිහින් තියෙනවා. ඕනෑම විනාශයක් කරන්න පුලූවන් විදියට පිළිකාවක් වගේ සෑම තැනම පැතිරිලා තියෙනවා.
ලංකාව පුරා විසිරි තිබෙන නීතිවිරෝධී මද්‍රසා පාසැල් මගින් අපේ දරුවන්ගේ මොළ හේදිමක් කරලා තවත් බෝම්බකරුවන් සිය දහස් ගණනක් නිර්මාණය කරන්න අවශ්‍ය මතවාදී පදනම ඒ අය හදලා තියෙනවා.
දෙවනුව රෝහල්, වෛද්‍ය ආයතන, ආර්ථික මර්මස්තාන, යුදමය ආයතන ආදි සියල්ලක්ම මේ ත‍්‍රස්තවාදීන් විනිවිද ගිහින් තියෙනවා.
මට දැනට දැනෙන විදියට පහුගිය අවුරුදු දහය පහළොව තුළ අපේ රටේ ඉපදීමට සිටි පනස් දහසකට අධික දරුවන් ප‍්‍රමාණයක් නවත්වලා තියෙනවා.
මේක මට දැනෙන අනුමානය. මේක සමහර වෙලාවට ලක්ෂ පහක් දක්වා වර්ධනය වෙන්නත් පුලුවන්. සෑම රෝහලකම මේ කාර්යය කරන බවට තොරතුරු අනාවරනය වෙමින් පවතිනවා.
අපේ සිංහලයෝ සමගි වෙන්නේ නැතිව මේකට උත්තරයක් හොයන්න බැහැ. ඒ නිසා මුළු ජාතියම වාද භේද පසෙකලා අවදිවෙලා මේ බිම වෙනුවෙන් තමන්ට පුලුවන් කාර්යය කරන්න වෙනවා’’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක නේන්නම් හාමුදුරුවනේ ඥානසාර හිමියන් සහ අමිත් වීරසිංහ ගම්, නගර ගානේ ගිහින් කිව්වේ, මේ මහා විපත ගැන...
හාමුදුරුවනේ... මාධ්‍ය සාකච්ඡා රඟපෑම් නැතිව ඉස්ලාම් අන්තවාදීන් ඉන්නවා නම් ආරක්ෂක අංශයට අල්ලලා දෙන්න. දැන් රටේ හදිසි නීතිය තියන හින්දා...
මෙය මුස්ලිම් වරුන්ගේ වරදක් නොවේ. බලයට තණ්හාවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සහ වත්මන් ජනපතිත් ඇතුළුව හිටපු නායකයින් සුළු ජාතික පිහිට සොයා යාමේ පාපය. ප්‍රධාන ජාතිය නොබෙදුණු දේශපාලන දර්ශනයක් නැතිව එක එක නායකයාගේ කතා වලට රැවටී ඉන්න තාක් කල් සුළු ජාතිකයන් ආර්ථිකය සහ බලය පාලනය කරනවා.
ඔබ වහන්සේලාගේ කතා අහලා තමයි අපි මේ දුක් විඳින්නේ
එ් සඳහා ඔබවහන්සේ පෙරටුව ගන්න. අනික් පැත්තෙන් ඥාණසාර හාමුදුරුවෝ පුටුව ගනීවි. සිංහලයා කව්ද කියා අසාද් සාලි ගොයියාට කියාදෙමු.
හාමුදුරුවනේ, ශාසනේ රැකගෙන ඉන්න. ධර්මය අනුව ජීවත් වෙන්න...
ඉස්ලාම් අන්තවාදය අද බයානක ලෙස උඩු දුවලා තියනවා.
එයට එරෙහිව සමස්ථ ජාතියම නැගී සිටිය යුතුයි
ඔව්. කුල බේද, පන්ති බේද අතහැර සිංහලයනි නැගිටිව්... කාය බලයෙන්, මානසික බලයෙන්, පුණ්‍ය බලයෙන් වැඩෙනු. අන්තවාදීන් ගෙන් අහිංසක සිංහල, දෙමල, මුස්ලිම් ජනතාව බේරාගමු. ඉවසීමෙන් කටයුතු කරමින් දේශපාලුවන් හදුනාගමු.....
මෝඩයා සද්ධයෙන් හදුනාගැනීම් ප්රඥාවන්තයගේ සිරිතකි.
එතකොට සිංහල අන්තවාදයට නැගී සිටින්නෙ නැද්ද ?
මේ රතන හාමුදුරුවොත් වග කියන්න ඕනේ... රට අද පත් වෙලා තියෙන තත්වෙට...
මද්‍රසා පාසල් වලට අනුමැතිය දුන්නු කාලේ, ෂරියා නීතිය අනුමත කරපු කාලේ, විල්පත්තුවේ ඉඩම් වල මුස්ලිම් ජනපද හදන්න අවසර දුන්නු කාලේ, "මම තමයි ඒ පළාතේ මුස්ලිම් පල්ලි 200 ක් හදන්න සල්ලි ලබල දුන්නේ, මම තමයි ඒ පළාතේ මුස්ලිම් පල්ලිවලට ගිය එකම බෞද්ධයා" කියල පාරම් බාපු කාලේ, ෂරියා විශ්ව විද්‍යාලයක් හදන්න ආණ්ඩුවේ ඉඩම් දුන්න කාලේ, දවස් 52 ආණ්ඩුවට ඔය කියන කට්ටිය ගන්න කොටි ප්‍රකෝටි ගන්නේ අල්ලස් දුන්නු කාලේ, එයින් ඒ ආණ්ඩුවට එකතු උන අයට ඇමතිකම් පවා දුන්නු කාලේ ඔබ වහන්සේට අර " වස විස " රාජකාරි හන්දා ඒ වගේ දේවල් හරි නැහැ කියන්න කාලයක් ලැබෙන්න නැතුව ඇති නේද අපේ හාමුදුරුවනේ ?
2005 වගේ සිට ආන්ඩුවල හිටපු කෙනෙක් නේද. දැන්ද මතක් වුනේ. යන එන මන් නැති වෙලා ඒකේ හරි එල්ලිලා ගොඩ යන්න වගේ බලන්නේ
හාමුදුරුවනේ, දැනටත් ප‍්‍රමාද වැඩියි...
ත්‍රස්තවාදී මුස්ලිම් මිනිස්සු ටිකක් වැඩේ ඇද්දේ.., දැන් බලනකොට වැඩියෙන්ම, ඇදගෙන නාන්නේ සිංහල මිනිස්සු ටිකක්නේ...