‘කුමන යාල හරහා පයින් කතරගම යන්න අදින් පස්සේ බෑ‘ කතරගම බලා පාද යාත්‍රා පාගමනින් එන බැතිමතින්ට කුමන ජාතික උද්‍යානයෙන් ඇතුලුවීමට අද (04) සවස 03.00න් පසුව අවසර නොලැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාත් සහකාර අධ්යක්ෂ ප්‍රශාන්ත විමලදාස මහතා පැවස්වේය. 04 July 2025
අදත් වැසිවාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 July 2025
අල්ලස්ගත් සංවර්ධන නිලධාරී-රියදුරු අත්අඩංගුවට පේරාදෙණිය පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සංවර්ධන නිලධාරීයෙකු සහ රියදුරෙකු රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවව කියයි. 04 July 2025
රාගම වෙඩි තැබීමකින් අයෙක් මරුට රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසකට ඊයේ (3) රාත්‍රී කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි රාගම පොලිසිය කියයි. 04 July 2025
රුසියාව ඇෆ්ගන් තලේබාන් රජය පිළිගනී ඇෆ්ගන් තලේබාන් රජය නිල වශයෙන් පිළිගන්නා බව, රුසියාව පවසයි. තලේබාන්වරුන්, ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගෙන, නව රජයක් පිහිටුවූයේ 2021 දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් අනතුරුවය. 04 July 2025
ට්‍රම්ප්ගේ පනත් කෙටුම්පතට අනුමැතිය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආන්දෝලනයට තුඩු දුන් බදු සහ වියදම් සම්බන්ධ නව පනත් කෙටුම්පතට, එරට කෙංග්රසයේ (පාර්ලිමේන්තුව) අනුමැතිය හිමි විය. ඒ දින දෙකක් තිස්සේ, පැවැති වාද විවාදවලින් අනතුරුවය. 04 July 2025
ජැකලින්ගේ ඉල්ලීම ඉවතට මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගොනුකළ පෙත්සමක් දිල්ලි මහාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත. 04 July 2025
ගෙවී ගිය මාස කිහිපයේ වෙඩි තැබීම් 62ක් 2025 වසරේ ආරම්භයේ සිට මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 62 ක් ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 03 July 2025
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩභාර ගනි සහකාර පොලිස් අධිකාරි නීතිවේදී පෙඩ්රික් උදය කුමාර වුට්ලර් මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස අද(03)වන දා රාජකාරී ආරම්භ කළේය. 03 July 2025
අස්වැසුම තවත් ලක්ෂ නවයක් ඉල්ලලා අස්වැසුම වැඩසටහන යටතේ ලක්ෂ 18 ක පිරිසක් ප්රතිලාභ ලබනවා. තවත් ලක්ෂ 9 ක පිරිසක් ඊට ඉල්ලම් කර තිබෙනවා. 2024 වසරේ වත්මන් ජනපතිවරයා බලයට පත්වන වන විට දුගී ජනතාව ලක්ෂ 18 කට ආසන්නවී තිබුණ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අද පැවැසීය. 03 July 2025
කහවත්ත උණුසුම් පොලිසිය හා ගම්වාසීන් ගැටේ කහවත්ත පලන්සූරියගම දී ඝාතනය ලක් වූ පහළගම විතානලාගෙ ඉමන්ත සුරන්ජන තරුණයාගේ අවසන් කටයුත අද සවස අවසන් වී සුළු වේලාවකින් පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ ගැටුමකදී පොලිසියේ සහ ගම්වාසීන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 03 July 2025
කුඩු සලිඳුගේ පෙත්සමට නීතිපති හරස් වෙයි තමන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රටින් පළාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සලිඳු මල්ශිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු නමැත්තා ගොනු කර ඇති රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා අද ඉදිරිපත් කළේය. 03 July 2025
එකේ පන්තියට අයදුම් පත් විස්තරේ හෙට පත්තයට 2026 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම් පත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද (3) නිකුත් කළේය. 03 July 2025
යුනෙස්කෝවෙන් පුරාවිද්‍යාවට රතු එළියක් ඓතිහාසික සීගිරිය පුරාවිද්‍යා භූමිය අනවසර ඉදිකිරීම් හේතුවෙන් විනාශවීමේ තර්ජනයක් මතුවිය හැකි හෙයින් ඒ භූ දර්ශනය ආරක්ෂා කරන්නැයි යුනෙස්කෝ සංවිධානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත. 03 July 2025
පොලිස් අණ නොතැකූ යතුරු පැදියට පොලිසියෙන් වෙඩි මීගමුව දුංගල්පිටිය ලෙල්ලම පොලිස් මාර්ග බාධකය හරහා පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකුට පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 03 July 2025
අරලිය උයනේදී බස් රථයක් පෙරළෙයි: 15ක් රෝහලට වත්තේගම කුඩුගල හරහා මහනුවරට ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථයක් අරලිය උයන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම හේතුවෙන් එහි ගමන් ගත් මගීන් 15 දෙනෙකු තුවාල ලබා වත්තේගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 03 July 2025
පවුල් කන්න ණය අරන් ජනතාව අවදානමේ මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් අවදානමට ලක්ව ඇත්තේ සිය පවුලේ අවශ්‍යතා වෙනුවෙන් ලබාගත් ණය හේතුවෙන් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය අද (03) ප්‍රකාශ කළාය. 03 July 2025
රෝහලේ කුණු අසල්වාසීන්ට හිසරදයක් වෙලා අනුරාධපුරේ ශික්ෂණ රෝහලින් බැහැර කෙරෙන සායනික අප ද්‍රව්‍ය නිසිපරිදි කළමණාකරනය නොකිරිමේ හේතුවෙන් තමන් දැඩි පිඩාවට පත්ව සිටින බවට ප්රදේශවාසිහු මැසිවිලි නගති. 03 July 2025
‘කුෂ්‘ සමඟ ව්‍යාපාරිකයා ගුවන්තොටේදී කොටු වෙයි රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් තමන් පැළද සිටින කබාය තුළ සගවා ගෙන , ව්‍යාපාරිකයන් සදහා වූ ’’ රක්ත මාවත ’’ ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(03 ) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 03 July 2025
සරසවි සිසුවියට නිරුවත් රූප යැවූ රියැදුරා මාට්ටු වයඹ විශ්වවිද්‍යාලයේ සිසුවියකගේ ජංගම දුරකතනයට නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන යවා තර්ජනය කළ බව කියන රියැදුරකු (2) දා අත්අඩංගුවට ගත් බව වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි. 03 July 2025
විස කෑම පෙට්ටි වතුර බෝතලයට තහනමක් ශරීරයට අහිතකර තත්වයන් ඇති විය හැකි කෑම පෙට්ටි සහ වතුර බෝතල් ඇතුළු භාණ්ඩ වෙළඳපොළට පැමිණීම නතර කිරීමට දැඩි පියවර ගන්නා බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 03 July 2025
සනීපාරක්ෂක තුවා බෙදීමේ බලය ආයතන හතරකට පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමට අවසර දී ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී ඇති සහතික ලද වෙළෙඳ ආයතන හතරකට පමණක් බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 03 July 2025
අයවැයෙන් ඉහළදැමු විශ්‍රාම වැටුප මේ මාසයේ සිට අයවැයෙන් ඉහළ දැමීමට තීරණය කළ විශ්‍රාම වැටුප් විශ්‍රාමිකයන්ට මේ මාසයේ සිට දෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 03 July 2025
කේරළ ගංජා - විදෙස් ගිනි අවි සමඟ තිදෙනකු මාට්ටු රුපියල් මිලියන 220 ක කේරළ ගංජා තොගයක් සමඟ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල දෙකක් හා මැගසින් හතරක්,ජීව උණ්ඩ තොගයක් , ජාවාරමට යොදා ගත් කැබ් රථයක් හා මෝටර් රථයක් සමග සැකකරුවන් තිදෙනෙකු වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගෙන තිබේ. 03 July 2025
මර්වින්ට ඇප ලැබේ කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයේ ඉඩමක් වංචනිකව විකිණුවැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙන රුපියල් ලක්ෂ 250ක ශරිර ඇපයක් සහ ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇපයක් මත මුදාහරින්නැයි ගම්පහ මහධිකරණ විනිසුරු ඩබ්ලිව්.කේ.ඩී. විජේකෝන් මහතා නියම කළේය. 03 July 2025
කඳානේ වෙඩි ප්‍රහාරයෙන් අයෙක් මරුට:තිදෙනෙක් රෝහලට කඳාන පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 03 July 2025
දේශබන්දු කමිටුව දෙපැත්තටම 8 එන්න කියයි පොලිස්පතිවරයාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කරන මැතිසභා කමිටුව ලබන 8 වෙනිදා ලිඛිත දේශනා ඉදිරිපත් කරන ලෙස වග උත්තර කාර පාර්ශ්වයට සහ පැමිණිලි පාර්ශ්වයට දැනුම් දී ඇත. 03 July 2025
අල්ලස්ගත් සැරයන් අත්අඩංගුවට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පසුපස හඹා ගොස් රුපියල් 10,000 ක අල්ලස් මුදලක් බලෙන් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත්බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 03 July 2025
සේවක මහ පිරිසකට මැතිසබේ කෑම එපා වෙලා ආහාර මිල වැඩි කිරීමෙන් පසු පාර්ලිමේන්තු සේවකයන් පාර්ලිමේන්තුවෙන් ආහාර ගැනීම තවදුරටත් අඩු කර ඇතැයි වාර්තාවේ 03 July 2025
ට්රැක්ටරය පෙරැළී තරුණයෙක් මරුට කොකාවැව,ගලෙන්බිදුණුවැව මාර්ගයේදී 18 හැවිරිදි තරුණයෙකු පදවන ලද ට්‍රැක්ටරයක් දිවුල්වැව සුසාන භුමිය ආසන්නයේදි හුරැළු ඇළට පෙරැළිමෙන් ට්රැක්ටරය පැදවු තරුණායා මිය ගොස් එහි ගමන්ගත් ඔහුගේ මිතුරන් දෙදෙනෙකුද බරපතල තුවාල ලබා ඊයේ (02) රෝහල් ගතකළ බව කොකාවැව පොලිසිය කියයි. 03 July 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026