
(සුජිත් හේවාජුලිගේ)
දීමනා හා පහසුකම් අඩුකම මෙන්ම වෙනත් විවිධ හේතු කාරණා හේතුවෙන් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරීන් විසි දෙනෙකු පසුගිය වසරක පමණ කාලයේදී පාර්ලිමේන්තු සේවය හැර ගොස් ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඉංජිනේරු මෑත දී සේවයෙන් ඉවත්ව ගිය නිලධාරියාය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය සතියේදී පාර්ලිමේන්තු ප්‍රධානීන්ට බාර දුන්නේය.
පාර්ලිමේන්තු සේවයෙන් මෙසේ ඉවත්ව ගොස් ඇති සෙසු සියලු දෙනාද උපාධිධාරීහු වෙති. මෑතකදී පාර්ලිමේන්තු නිලධාරීන් සහ භාෂා පරිවර්තකයන් ලෙස පත් කෙරුණු නිලධාරීන් පිරිසක්ද එම තනතුරුවලට පත්කර දින කිහිපයකින් සේවය හැර ගොස් ඇතැයි දැනගන්නට ඇත.
මින් බොහෝ දෙනෙකු පෞද්ගලික අංශයේ ආයතන වලට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතනවලට ගොස් ඇත.
පාර්ලිමේන්තුවේ දීමනා සහ සේවා පහසුකම් අඩුවීම සේවයෙන් ඉවත් වීමට බලපා ඇති ප්‍රධාන හේතු කාරණාවේ. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට කාලයක සිට විශේෂ වරප්රසාදයක්ව පැවැති නිවාඩු හිලව්දීමනාවද( Leave Encashment ) තවත් දීමනා කීපයක්ද නව රජය බලයට පත්වීමෙන් පසු අහෝසි කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකං ඉඳලා වරප්‍රසාද විතරක් ගැන හිතන ලංකාවේ රාජ්‍ය සේවකයින් බහුතරයකට තියෙන මානසිකත්වය තමයි ඔය...
අවුලක් නෑ. පුරප්පාඩුවලට අපේ සට්ටැඹියෝ ඉන්නවා පුරවා ගන්න.
දැන් හොරු බලයේ නැති නිසා වාසි නැත.
යන අයට යන්න කියන්න... ඕන තරම් එළියේ ඉන්නවා රාජ්‍ය සේවයට යන්න බලාගෙන ඉන්න සුදුසුකම් තියෙන අය. මතක තියාගන්න රටේ වැඩි හරියක් අයට රටේ දීමනා මුකුත්ම නැති විත්තිය. ඉල්ලුවොත් දොට්ට.
ඉතාම හොදයි ... නිකන් පඩිගන්න බලාගෙන ඉන්න අය යන එක හොදයි.
ඉතාමත් සතුටට කරුණක්. රටේ ණය බර අඩු වෙලා පොදු වේවා ඉහළ තත්වයට එනකන්, මේක හැම රජයේ ආයතනයකම ක්‍රියාත්මක වෙන්න ඕනෑ.
මේක නම් පාර්ලිමේන්තුවේ එක්කෙනෙක් සල්ලි දීලා කරගෙන වගේ... පාර්ලිමේන්තුවේ දෙන ප්රතිලාභවලින් සියයට 50ක් වත් නැතිව තව කී දෙනෙක් රාජ්‍ය සේවයේ ඉන්නවද?
රාජපක්ෂ පාදඩයන්ගේ කාලයේ වගේ හිතේ හැටියට අල්ලස් ගන්න හොරකම් කරන්න බැරි වුණාම එතන ඉදලා වැඩක්නැති නිසා මාරුවෙන එක සාමාන්‍ය දෙයක්.. ඕනේ තරම් උගත් අය ඉන්නවා ඔය පුරප්පාඩු පුරවන්න... මහින්ද යාපා හිටපු කථා නායක ඥාති 31 දෙනෙක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සේවයට බදවාගෙන තිබුණා...
දයාන් කන්නන්ගර.. පිටිගල මිලානෝ රට පෙරට .. මම හිතන්නේ මේ අය ඉපදිලා තියෙන්නේ ඊයේ.. නැතිනම් ඇස් පනාපිට කෝටි ගණන් වංචා කරන අනුන්ගෙන් හිඟාකාපු මේ අය ප්රකෝටිපතියන් වුනේ කොහොමද කියලාවත් සොයා නොබලන මොවුන්ටත් තියෙන්නේ රාජපක්ෂ භීතිකාව පමණි. .
මමත් මොවුන්ට කැමැත්තෙන්ම සිටියත් දැන් වැඩ බැරිකම හොදට පේනවා. ගංවතුරෙන් අතරමන් වී සිටින අපේ පවුලට කෑම වේලක් දෙන්න මේ අයට බැහැ. ඒකත් ලැබුනේ අනුන්ගෙන් මේකෙ COMMENTS දාන අය ගැන හරිම දුකයි...
ඔවුන් යන්න ඇත්තේම ඉස්සර කරගෙන ආපු වංචාවන් දැන් කරන්න බැරි නිසා වියයුතුයි. තව අලුත් අය බඳවා ගන්න...
හොරු යන එක කොච්චර හොඳද.