ටිරාන්ට ඩුබායි පාතාලයකුගෙන් මරණ තර්ජන මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට ඩුබායිහි සිටින පාතාල නායකයකුදුරකතන ඇමැතුමක්දී මරණ තර්ජන කර ඇතැයි ඔහු වැඩබලන පොලිස්පතිවරයාට පෞද්ගලිකවම පැමිණිලි කර තිබෙන බව වාර්තාවේ. 06 July 2025
කථානායකට එරෙහි චෝදනා: පාර්ලිමේන්තු මහලේකම් පිළිතුරු දෙයි. කතානායකවරයා කොළඹ ලොරිස් පටුමගේ පදිංචි නිවසේ කුලිය ඔහුගේ වැටුපෙන් ගෙවන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි. 06 July 2025
ආණ්ඩුව මුදල් වෙන්කර සඟවාගෙන ඉන්නවා වර්තමාන ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති සඳහා අයවැයෙන් රුපියල් බිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50,000 ක් වෙන්කළ ද වර්තමානය වන විට එම මුදලින් රුපියල් බිලියන 5 ක් හෙවත් රුපියල් කෝටි 500 කටත් වඩා අඩු ප්‍රමාණයක සංවර්ධන ව්‍යාපෘති පමණක් ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩී. පෝල් මහතා පැවසීය. 06 July 2025
බොරැල්ලට හෙට රථ වාහන සැලැස්මක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ පූජක දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජුබිලි මහෝත්සවයට විශේෂ පොලිස් රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. 06 July 2025
විද්‍යා පීඨ කථිකාචාර්ය පත්වීම් ලැයිස්තුව ‘ටිපෙට්ස්’ කරලා විද්‍යා පීඨ කථිකාචාර්ය පත්වීම් හෙවත් ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් ලැයිස්තුව ‘ටිපෙට්ස්’ කර මකා තිබූ බවත් එහිදී යම්කිසි අකටයුතුකමක් වීමෙන් පත්වීම් ලැබූ රැසක් අසාධාරණයට ලක්ව ඇති බවත් එම පත්වීම් ලැබූවෝ රැසක් චෝදනා කරති. 06 July 2025
ටී.එම්.වී.පී අම්පාර සංවිධායක අත්අඩංගුවට නැගෙනහිර පළාත් සභාවේ හිටපු පලාත් සභා ටි.එම්.වී.පි පක්ෂයේ අම්පාර සංවිධායක එල්.ටි.ටී.ඊ් සංවිධානයේ හිටපු නායකයකු වන කුමාරස්වාමි පුෂ්පකුමාර නොහොත් ඉනිය භාරති අපරාධ පරීක්ෂණ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබිය. 06 July 2025
හදිසි අනතුරුවලින් වසරකට 12000 ක් මරුට හදිසි අනතුරු හේතුවෙන් 10000- ත් 12000 අතර ප්‍රමාණයක් වාර්ෂිකව ජීවිතක්ෂයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි. 06 July 2025
මක්ස්ගෙන් නව දේශපාලන පක්ෂයක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අමනාප වූ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික; ටෙස්ලා සහ ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ; ඊලොන් මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව නිල වශයෙන් නිවේදනය කර ඇත. 06 July 2025
කොතලාවලින් දේශිය සිසුන්ට යළි ඉඩ වෛද්‍ය උපාධිය සඳහා නැවත වරක් මුදල් ගෙවීමේ පදනම මත දේශීය සිසුන් බඳවා ගැනීමට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තීරණය කර ඇත. 06 July 2025
නේවාසික රෝගීන්ට ප්‍රනීත් ආහාර වේලක් රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාරවේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. 06 July 2025
ඇමැති පිරිස වෑකන්ද දමා වාරිමාර්ගය ඉබි යතුරු දමලා අනුරාධපුර නුවර වැවේ සංචාරයක් නිමාකර යළි වෑකන්ද මතින් පිටව යෑමට පැමිණි මැති ඇමැති පිරිසක් වෑකන්ද තුළ දමා එහි ගේට්ටු වසා ඉබි යතුරු දමා වසා දැමීම නිසා එම පිරිස දැඩි අපහසුතාවයට පත්වූහ. 06 July 2025
දරුවන්ගෙන් සල්ලි එකතු කරන පාසල් ගැන හොයන්න විමර්ශන කණ්ඩායම් රජයේ ඇතැම් පාසල් සිසුන්ගෙන් විවිධ සැමරුම් උත්සව සඳහා මුදල් එකතු කරන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විමර්ශන කණ්ඩායම් යොදවන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනෙවිරත්න මහතා පැවසීය. 06 July 2025
සම්බාහනයට මුවා වූ කතුන් පහක් මාට්ටු ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන ස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස් දෙනකු කටුගස්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 06 July 2025
දියණියගේ මංගල උත්සවයේ සාදය නර්ථනය පියාට මරු කඳවයි දියණියගේ විවාහ මංගල උත්සවයේ දී නර්ථනයේ යෙදෙමින් සිටී පුද්ගලයකු හදිසියේ ඇදවැටී මියගොස් ඇති බව වාද්දුව පොලිසිය සදහන් කරයි . 06 July 2025
මේ රජයේ එකම වැඩපිළිවෙළ පළිගැනීම විතරයි ජනතාවට සෙත සලසන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි ජාතික ජනබලවේග රජයේ අද එකම වැඩපිළිවෙල පලිගැනීම පමණක් බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 06 July 2025
හරක් කටා කොළඹ ජාතික රෝහලට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත 06 July 2025
මාර්ග සංඥා කුලුනක නැඟ සිටි අයෙක් අත්අඩංගුවට ජනාධිපති හමුවීමට අවශ්‍ය බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලට ඉදිරිපිට මාර්ගයේ මාර්ග සංඥා කුලුනේ එල් හැඩයට සවිකර ඇති කොටස මත වාඩිවී මහජනතාවට පීඩා වන අයුරින් හැසිරුණු පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි. 06 July 2025
ගම්පහට පැය 12 ක් වතුර නෑ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (7) පැය 12ක කාලයක් ජල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය. 06 July 2025
ජාතික අනතුරු නිවාරණ සතියක් නම් කරයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ජාතික අනතුරු නිවාරණ සතියක් නම් කර තිබේ. 06 July 2025
කාන්තාවකගෙන් පන්දහසක් ගත් පීසී අත්අඩංගුවට රියදුරු බලපත්‍රය නොමැතිව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබූ යතුරු පැදියක් මුදා හැරීමට කටයුතු කර දෙන බවට පවසා කාන්තාවකගෙන් රුපියල් 5000ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට ගත් බව කුරුඳු වත්ත පොලිසියකියයි. 06 July 2025
මානුෂීය සංකල්ප වලින් ඉවත් වීම ආර්ථික පරිහානියට හේතුවයි මුලික මානුෂීය සංකල්ප වලින් ඉවත්වී මුදලට යාන වාහන වලට හිස නමන අධ්‍යාපන ක්‍රමයක් බිහිවීම රටේ සමාජ ආර්ථික පරිහානියට හේතුවක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. 06 July 2025
ජනපති අරමුදල ගමට ගෙනියන හැටි මාතරට උගන්වයි ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ දකුණු පළාත් වැඩමුළුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 06 July 2025
කුණ්ඩසාලේ ප්‍රා.සභාව මිලියන 12ක් අවිධිමත් ලෙස කසල අංගනයට යොදවලා කුණ්ඩසාලේ ප්‍රා දේශිය සභාවට අයත් දිගන අලුත්වත්ත කසළ මධ්‍යස්ථානය වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ ගබඩා අංගන ගොඩනැගිල්ල ඉදිකිරිම අත්හැරදමා ඉතිරි වු මිලියන 12ක පමණ මුදල කසළ අංගනයේ වෙනත් කාර්යයන් සදහා අවිධිමත්ව යොදවා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි. 06 July 2025
රටබීම-කරදමුංගු ගුවන්තොටේන් පන්නන්න බැරිවෙයි රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා රටබීම සහ කරදමුංගු තොගයක් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (06) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 06 July 2025
පළාත් කිහිපයකට වැසිවාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 July 2025
කොස්තාපල් කුඩු ගහද්දී මාට්ටු මාලිගාවත්ත නිවසක් වටලා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන මත්ද්‍රව්‍ය පානය කර සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි 06 July 2025
කොස්ගමදී ත්‍රිරෝද රියකට වෙඩි තබයි,තිදෙනෙක් රෝහලට මවක දියණියක සහ තවත් පුද්ගලයකු කොස්ගම සුදු වැල්ල ප්‍රදේශයේදී, වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කර ඇතැයි කොස්ගම පොලිසිය කියයි. 06 July 2025
පර්පෙචුවල් තහනම තවත් මාස හයක් දීර්ඝ කරයි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් මාස හයකට දීර්ඝ කිරීමට මහ බැංකුව අද සවස තිරණය කළේය. 05 July 2025
අත් විලංගු නවාතැන්පොලේ දමා ගිය සැරයන්ට වැඩ වරදී මහනුවර දළදා වීදිය ප්‍රදේශයේ නවාතැන්පොළක අත් විලංගු ජෝඩුවක් දමා ගොස් තිබූ කැලණිය පොලිසියේ පොලිස් සැරෙන්වරයකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි. 05 July 2025
සංචාරක කර්මාන්තයේ සිඝ්‍ර වර්ධනයක් සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 6දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.71 ක මුදලක් උපයා ඇති බවත් එය පෙර වසරට සාපේක්ෂව සියයට 10 වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ. 05 July 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026