රාජ්‍ය සේවකයෝ 21,000ක් නිවාඩු පිට
මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බවත් ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ලබාගෙන ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ 2024 රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් සමීක්ෂණයේ මූලික වාර්තාවේ දැක්වේ.