
( සිතුම් චතුරංග)
යාපනය, කන්කසන්තුරය, තිස්ස රාජමහ විහාරය ඉවත්කර එහි ඉඩම් සිවිල් ජනතාවට ලබාදෙන ලෙස විහාරස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර නොසන්සුන්ව හැසිරුණු විරෝධතාකරුවන් පස්දෙනකු අද( 21) අත්අඩංගුවටගත් බව පලාලි පොලිසිය කියයි.
තිස්ස රාජමහ විහාරයට අයත් සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙසට බලකරමින් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රී දරන් මහතා ඇතුළු පිරිසක් විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.
විහාර භූමියට ඇතුළුවීම සඳහා විරෝධතාකරුවන් උත්සහ කිරීමේදී පොලිසිය එය වැළැක්වීමත් සමඟ දෙපාර්ශවය අතර නොසන්සුන් තත්වයක් හටගැනීමත් සමඟ යාපනය හින්දු පූජකවරයකු වන වේලන් සාමි ඇතුළු පස්දෙනකු පොලිසිය අත්අඩංගුවටගන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට කැමති විදිහේ විරෝධතා දක්වන්න. නීති කඩන්න එපා. කැඩුවොත් අත්අඩංගුවේ. මෙහෙම රටක් තමයි අපිට ඕන කරන්නේ. නීතිය සැමට සාධාරණව, සමව....
'ජාතික ආරක්ෂාව අනතුරේ 'නාට්‍ය ආණ්ඩුව ඉවරෙටම ඉවර කරාට පස්සේ 'ජාතිය ආගම අනතුරේ' නාට්‍ය ඔන්න ආයෙත් පටන් අරගෙන...
නිරාගමිකයින් රජ කරලා දැන් බුදු දහමට වන හානිය ගැන අඬලා දොඩලා වැඩක් නෑ. මේක රටටම ඉතාම අපල කාලයක්. ඒකයි එවැනි නායකයින් බිහි වන්නේ...
මධ්‍යම කදුකරය නාය යනවා දවසින් දවස, ඒ ප්‍රදේශ වල ජනතාව උතුරු හා නැගෙනහිර ඉඩමවල පදින්චි කරවලා වගා කරන්න දෙන්න, වව්නියාව, අම්පාර, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, දෙමළ, මුස්ලිම් අයට රටේ හැමතැනකම වගේ පදිංචි වෙන්න පුළුවනි නම් සිංහල අයට ඇයි බැරි?
පරාජිත ද්‍රෝහී බලවේග ක්‍රියාත්මක වෙලා රූකඩ නටවනවා වගේ බවක් පෙනෙනවා... දැන් පොහොට්ටුවේ ගම්මන්පිල, වංශ දෙයි ඇට්ටි හැලෙන ටෝක් එකක් හොර කහකඩයෝ කීපදෙනෙක් එක්ක ජාතික ආරක්ෂාව බෞද්ධ ධර්මය පන්සල අනතුරේ කියලා...
බුදුදහමට වැඩිපුරම හානියක් වුණේ මල් වට්ටියි, කැමරායි අරගෙන හොරු පිරිවරන් පන්සල්ගානේ බඩගාපු අයගෙන්. ඇයි, මීට කළිනුත් මේ වාගේ දෙමළ, මුස්ලිම් අතලොස්සක් දේශපාලුවෝ, හෙන්චයියෝ පිරිවරන් පන්සල් ඉදිරිපිට ගොන්පාට් දාපු හැටි දැකලා නැතෙයි?
මිනීමරු මේ ආණ්ඩුවට ඡන්දය දුන් සියලුදෙනට දෙවියන්ගේම පිහිටයි.
අපි දැක්කා හාමුදුරුවන්වත් බලෙන් දාගන්නවා ජීප් එකට. ඇයිද දන්නේ නැහැ එහෙම කලේ නේද? උඩින්ම හෝදපු ඩෝබිලට පුළුවන් නම් ඒකටත් උත්තරයක් දෙන්න ලොකු දෙයක්.
මේක රජමහා විහාරයක්. ඒ කියන්නේ ශත වර්ෂ ගණනාවක් පරණයි. දෙමළ ජාතිවාදීන්ට පුරාවිද්‍යාව ඇලජික් ඒකයි. මේ බෞද්ධ නටඹුන් ඔවුන්ගේ ඊලාම් මිත්‍යාවට බාධාවක්.