
(ෂේන් සෙනෙවිරත්න)
මෙරට කඳුකර ප්‍රදේශවල අඩි 5000 කට ඉහළින් ඇති සියලු ඉදිකිරීම් ඉවත් කිරීමට ගියහොත් එය මෙරට ආර්ථිකයට මෙන්ම සංචාරක ක්ෂේත්රයටද බලපාන කරුණක් වනු ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියයි.
මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කර සිටියේ නුවරඑළිය නගරයද එම අඩි 5000 සීමාවට අයත් වන බැවින් මෙන්ම තේ ඇතුළු වෙනත් ආර්ථික භෝගද ව්‍යාපාරද ඉවත් කිරීමට පියවර ගතහොත් එය බරපතළ තත්වයක් වනු ඇති බවයි.
එය ක්‍රියාත්මක කිරීමට වෙනත් විකල්ප ක්‍රමවේදයන් තිබෙන බව පෙන්වා දෙන මහාචාර්යවරයා මෙරට මධ්‍යම කඳුකරයේ අඩි 5000 ට ඉහළ කොටසේ අතහැර දමා ඇති භූමි අවශ්‍ය තරම් තිබෙන බවත් එසේම තේ වගා කොට අතහැර දමා ඇති ඉඩම්ද පළමු ව්‍යාපෘතියක් වශයෙන් වන වගාව සිදුකළ හැකි බව මහාචාර්යවරයා කියයි.
එසේම අඩි 5000 ට ඉහළ කොටසේ ගල්පර පමණක් තිබෙන ප්‍රදේශ තිබෙන බවත් වන වගාවට ප්‍රථම ඒ සඳහා අවශ්‍ය පස් තට්ටු පිළිබඳව අධ්‍යයනය කොට එම වැඩපිළිවල ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.
COMMENTS
ඇයි හත්වලාමේ කුඩු කාරයාගේ විශාල ජලාශ ඉදිකරන වෙලාවේ ඔහේ හිටියේ නැතෙයි. දැන් ඉතින් ඉවත් කළේ නැතිනම් ඔවුන් බුරුතු පිටින් මැරෙනවා. දේශපාලන බේධයකින් තොරව රෝහණ විජේවීරගේ සංකල්ප එදා සතපහකට මායිම් කළේ නැහැ.
කිසිදු විද්‍යාත්මක පදනමකින් හා උපදේශයකින් තොරව ගනුලබන තීරණ අති භයානක බවට දේශපාලකයින් අවබෝධ කරගත යුතුයි.
කලබල වෙන්න එපා… ඔලුවේ ඉදලා කකුල් දෙක ගාවටම උදලුගානවා කියලා නොවෙයි අනුර කිව්වේ. ඒවා ක්‍රමයකට විද්‍යාත්මක උපදෙස් අනුව කෙරෙයි. මයිනා කූඩු ටිකයි කපුටු කූඩු ටිකයි කැඩෙයි කියලා නේද ඔයා බය….?
ඔබතුමා භයවෙන්න එපා ඕවා ක්ෂණිකව ගැලරිය චූන්කරන දේශපාලන අමන කම මෙපමණයැයි විදහාපාන ප්‍රකාශ. එතුමා මොනවා දැනගෙනද ඔය කතා කරන්නේ උපාධිය තිබෙන විෂයත් ඉගෙනගත් ආකාරය රූම් පාට්නර් කියලා තිබුනානේ. සහ පක්ෂයේ මහ මොලකාරතුමාගේ කථා අදටත් පිලිගන්න පිරිස් අදටත් සිටිම පිළිබඳව අනුකම්පාකලයුතුයි. කඩිනම් මහවැලි ව්‍යාපාරය නොවන්නට මේ රට අද අඳුරේ , සහ මහවැලි ව්‍යාපාර තුලින් රටේ මොනතරම් සංවර්ධනයක් වී තිබෙනවාද..? එහෙමනම් ඒවා පාර්ලිමේන්තුවෙ ඇයි කථා නොකරන්නේ මහකෙනාගේ අදහස් වැරදි බව එයාලා අවබෝධකරගෙන තිබෙනවා. ගැටලුව එය නොවෙයි කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවෙන් දුන් අනතුරු ඇඟවීම ගණන්ගත්තේ නැහැ. ජලාශ කළමනා කරනය කළේ නැහැ, වාන්දොරටු ටික කලට වෙලාවට ඇරියේ නැහැ, ඒවා ස්වාභාවිකවම ඇරෙනකම්. එයනිසා නොවේද විනාශය දරුණුවූයේ. අනෙක ජලාශ අදාල නොවන ප්‍රදේශව විශාල නායයෑම්වලට හේතුව ජලාශවල මොන ආකර්ශනයක්ද..? අනවශ්‍ය විදිහට ඔලුව උදුම්වානොගෙන ඒ පිළිබඳව සිටින විශේෂඥයින්ට තම කටයුතු කරගෙන යන්නදුන්නාම අවශ්‍යදේ වෙයි. නැතිනම් ඉතිං ඒ ඒ ක්ෂේත්ර්වල ප්රවීනයෝ වැඩක් නැහැනේ.
පොර තමන්ගේ විෂයට අදාලව නෙවී කතාකරන්නේ
ඔන්න මහාචාර්ය තුමා ආයෙත් නාය ගිහිං ගෙවල් යට වෙලා රොත්ත පිටින් මැරුණොත් මහාචාර්ය තුමා වගකියන්න ඕන හරිද?
ඔයාගේ අදහසුත් වටිනවා. ඉස්සෙල්ලම කරන්නෙ අනවසර ඉදිකිරීම් නතර කරන එකයි අනවසර ඉඩම් ආපහු ගන්න එකයි. ඊළඟට නීති සම්පාදනය කරන කොට ඔයාගේ සේවයත් දෙන්න වෙයි හොඳේ.
කිසිම ඉදිකිරීමකට ඉඩ දෙන්න එපා. නීතිය කියන්නේ හැමෝටම එකම නීතියයි. කළු සල්ලි සුදු කරන්න හදපු ගොඩනැගිලි ඉවත් කරන්න. ඒවා අයින් කළා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නියම ප්‍රමිතියට හදපු හෝටල් තවත් තියෙනවා. ස්තුතියි.
පොතට පමණක් සිමා උන මහාචාර්යවරු. හැමදාම මේ වගේ දෙයක් උනහම පැනලා voice cut දෙනවා. ඉන්දියාවේ බුමිකම්පව උනහම කිව්වා තව ලොකු ඒවා එනවා ලංකාවේ කියලා. අර කවුරුත් දන්නා රන්දෙනිගල පාරේ මැජික් එක මෙයා කළා වගේ ලොකුවට විස්තර කළා. මුන් මොක්කුද .? මටනම් මෙයා තවත් ගම්මන්තිලක කෙනෙක් විතරයි. අනේ කරුණාකරලා අපේ පේරාදෙණිය campus එකේ කිර්තිනාමය කන්න එපා. පාඩුවේ ඉන්න තමන්ගේ වෙඩක් නොකර.මේ මනුස්සය කියන දේවල් අපිට මීට වැඩිය හොදට කියන්න පුළුවන් general knowladge වලින්.පව් මුන්ව විස්වාස කරන සාමාන්‍ය මිනිස්සු සහ මින්ගෙන් ඉගෙනගන්න ළමයි
Dear Professor, දන්නේ නැති නිසා අහන්නේ, ඔය හිතන වන වගා කඳු බෑවුමට බරක් නොවේද .විශාල ගස් හරිය්ටා ඉදිකිරීමක් කළා වගේ නේද
මෙයා තමයි ගල්කිස්ස රත්මලාන මොරටුව පැත්තේ භූමිකම්පාවක් එනවා කියලා මහා ප්‍රශ්නයක් ඇතිකළේ. ඒ භූමිකම්පාව තවම අවේ නෑ. මෙයා දේශපාලන පැති ගන්නා මෑතකදී සිසුන්ගෙන් ගුටි කෑ අයෙක්. අරමුණ හැම දෙයකටම එරෙහිව යමක් කියා අවුල් කිරීම. විපක්ෂයේ අලුත්ම ක්‍රමය රජය කියන හැම දෙයටම විරුද්ධ ජනප්‍රිය සටන් පාඨයක් දමා නුගත් ජනයා කලබල කිරීම. එකක් කියන්නම් මේ ගෙමෙන් අවසානයේ රටට විනාශය මිස යහපතක් වෙන්නෙම නෑ. හාල් සේරු දෙක නිකන් දෙනවා ඇට රාත්තල් අට නිකන් දෙනවා, මහවැලියේ ඉඩම් දෙනවා, ජනසවිය දෙනවා ලංගමේ රැකියා දෙනවා වැනි නුගත් ජනයාට ආතල් දෙන දේවල් කියලා වනසුන රට නැවත එතනට අරන් යන්නට දරන උත්සාහයක්. ජාතියක් ලෙස තවමත් නිකං කන්නට බලන් ඉන්න රටක්. ඒ නිකන් දෙන ටික නිසා තමන්ට ලැබෙන්නට ඇති ගොඩක් නැතිවෙන බව නොදැන නිකන් කන ජාතියක් නැගිටිනවා බොරු. රවටෙන්නම බලා සිටින ජාතියක ඉරණම කේදවාචකයක් පමණක්මය.
හරිත සංකල්පවලට මුල් තැනක් දෙන නවසීලන්තයේ ඉදිකිරීම් බලන්න, concrete බාවිතය අවමයි, මද්යම කදුකරයේ සංචාරක නවාතැන් eco-friendly , sustainability building construction වලට විතරක් ඉඩ දෙන්න
බෙල්ලනගේ මල්ලි.