(අමදෝරු අමරජීව හා උපාලි මනුසංක)
මහවැලි ගඟේ ජල මට්ටම යළිත් ඉහළ යාම නිසා පිටාර ගලන ජලකඳන් නීලපොළ සිට දෙහිවත්ත මංසන්ධිය දක්වා වූ ප්‍රධාන මාර්ගයේ කොටසක් අද (22) ගැලවී ගිය බව ගම්වාසීහු පවසති.
ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නීලපොළ පොම්පාගාරයට ඇති මෙම ගොඩබිම් පිවිසුම් මාර්ගය මෙලෙස බිඳී යෑමත් සමඟ ගොඩබිම් සබඳතාවය ගිලිහී ගොස් ඇති බවත් කින්නියා, මූතූර්, කිළිවෙඩ්ඩි ප්‍රදේශවලට පානීය ජලය සපයන ප්‍රධාන නල පද්ධතිය මේ නිසා අවදානමේ පවතින බවද ගම්වාසීහු පෙන්වා දෙති.
මෙම මාර්ගය මීට සති කිහිපයකට පෙර ඛාදනය වෙමින් තිබියදී ගම්වැසියන් හා ආරක්ෂක අංශ එක්ව වැලි ගෝනි ගසා තාවකාලිකව පිළියම් කර තිබුණි. මෙම මාර්ගය මෙලෙස කඩාගෙන යෑම නිසා පොම්පාගාර සේවකයන්ගේ ගමනාගමන කටයුතුවලටද බලපෑම් එල්ල වී තිබේ .
COMMENTS